ආණ්ඩුවේ ඇමතිවරුන් හය දෙනෙකුට අයත් ආයතන 11 ක් ජනපති රනිල් රාජපක්ෂ තමා යටතට පවරා ගෙන ඇත්තේ 2334 දරණ ගැසට් පත්‍රය මගිනි.
මෙම ගැසට් පත්‍රයේ දැක්වෙන ආකාරයට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යටතේ පැවති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ,රමේෂ් පතිරණ ඇමතිවරයා යටතේ පැවති ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම ,හා ජාතික ලුණු සමාගම,ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව,පරන්තන් කෙමිකල් ලිමිටඩ්,හා සීමාසහිත බීබීසී සමාගම නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යටතේ තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාාව,බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යටතේ පැවති ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය,මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනපතිවරයා විසින් පවරා ගෙන තිබෙි.
ජනපතිවරයා විසින් අමාත්‍යවරුන් යටතේ පැවැති එම ආයතන පවරා ගැනීමට කටයුතු කරමින් සිටියදී වෙළඳ අමාත්‍යවරයා රට පුරා පිහිටි සතොස අලෙවිහල් සිය ඥාති ජාවාරම්කාරයන්ට
පැවරීමට සැළසුම් සහගතව ක්‍රියා කරමින් පවතින බව අනාවරණය වේ.මෙම ජාවාරම්කාර සැලසුම පිටුපස වර්තමාන සතොස සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සිටින බවද පැවසේ.
ජාත්‍යන්තර සමාගමක් ලෙස ඇඟවෙන පරිදි ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගමක් වෙත මෙරට පිහිටි සතොස අලෙවිහල් ජාලය පැවරීමටද මේ වන විට පිඹුරුපත් සකසමින් පවතී.
මෙහිදී සතොස හිමිකාරත්වය යටතේ පවතින නුවරඑළිය සංචාරක නිකේතනය හා වොක්ෂෝල් වීදිය පිහිටි අක්කර තුනක ඉඩම සතොස සභාපති ඔසඳ යාපා ගේ සම්බන්ධයක් පවතින පුද්ගලයෙකු වෙත පැවරීමටද නියමිතය.ඔසඳ යාපා වයඹ වර්තමාන ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුත්‍රයාය.මොහුගේ විවාහ මංඟලයට වියදම් කරන ලද්දේ මාකඳුරේ මදූෂ් බව ඒ දිනවල සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා සතොස සභාපති ඔසඳ යාපා යන දෙදෙනා එක්ව සතොස ආයතනය සිය ජාවරම්කාරයින් යටතට පත් කිරීම සඳහා ගෙන යන අනීතිකවැඩපිළිවෙල පිළිබඳව ජනපතිවරයා පවා නොදන්නා බව ලංකා දවසට වාර්තා වී තිබේ
සතොස ජාවරම්කාරයන් ගේ ගොදුරක් වෙලා