උණුසුම් පුවත් උණුසුම් පුවත්

රාජකුමාරි ඝාතනය ගැන විමර්ශනය කඩිනමින් කරන්න කොළඹ අතිරේක ⁣මහේස්ත්‍රාත් නියෝග කරයි

Spread the love

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාර නැමැත්තියගේ රන් මුදුවක් නැතිවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් අත් අඩංගුවට ගෙන සිටියදී මිය ගිය රාජකුමාරි ගේ  මරණය සම්බන්ධයෙන් අද දින කොළඹ අතිරේක ම⁣හේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ වැලිකඩ පොලීසිය මෙම අපරාධ විමර්ශනයට උදව් නොකරන බවය. රාජකුමාරි වැලිකඩ පොලීසියේ රඳවා තිබීම හා සම්බන්ධ සීසීටීවී දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අවස්ථා ගනවකදී  දැනුවත් කර ඇතත් වැලිකඩ පොලීසිය එම ඉල්ලීම පැහැර ඇති බවද මෙහිදී අනාවරණය විය. 

පසුගිය 11 වන දා රාජකුමාරි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් නොමැතිව බවද ඇයට පොලීසියේදී පොලිස් කාන්තාවන් පවා පහර දී ඇතැයිද  විමර්ශන වලදී හෙළි වී තිබිණි.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද්දේ පොලීසියේ සීසීටිවී දර්ශන හා රෝහල් වෛද්‍ය වාර්තා පිළිබඳව කඩිනමින්  විමර්ශනය කර ජුනි මස 21 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.    

රාජකුමාරි වැලිකඩ පොලීසියේදී ඝාතනය  වීමෙන් පසුව සුදර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලීසියට ගෙන්වා පැමිණිල්ල ලියා ගෙන ඇති බවත් එහිදී ඇය සිය කට උත්තරය ලබා දෙන ලද්දේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් දුරකතනය මගින් අසා ගෙන සිටිද්දී බවද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.


Spread the love

You may also like