උණුසුම් පුවත්

මිනිස්සු ගහල පන්නපු මිල්ටෙරි නන්දසේන මහජන මුදලින් සැප විඳියි

Spread the love

මිල්ටෙරි නන්දසේනට විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙස මසකට රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය අනාවරණය කර තිබේ. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු පනත යටතේ කළ විසීමකදීය.

මෙහිදී හි⁣ටපු ජනපති මිල්ටෙරි නන්ද⁣සේන ගේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ වියදම් ලෙස විශ්‍රාම වැටුප,ඉන්ධන දීමනාව,සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000ක් ද දුරකථන විදුලිය,ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60 බව සඳහන් කර ඇත.
එහෙත් මිල්ටෙරි නන්දසේන නඩත්තු කිරීම සඳහා වැය කරන මහජන මුදල  පිළිබඳව සම්පූර්ණ තොරතුරු මෙහි නැත.මේ වන විට ඔහුගේ ආරක්ෂාව සදහා පන්සියයකට ආසන්න හමුදා අනුඛන්ඩයක් ,රජයේ වාහන 19 ක් ,නිවසේ ඉවුම් පිහුම් හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් තවත් හමුදා භටයන් පිරිසක්,සංග්‍රහ දීමනා ලෙස රුපියල් 95000ක් ලබා දී ඇති බව අප හට දැන ගැන්මට ලැබී තිබේ.මිල්ටෙරි නන්දසේන මේ පහසුකම් සියල්ල ලබා ගනිමින් විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයකු ලෙසද විශ්‍රාම වැටුප ලබා ගනී.මෙය අනිකුත් රාජ්‍ය සේවකයකුට අහිමි වරප්‍රසාදයක් බව කියවේ.ජනපති හිමිකම් පනත ප්‍රකාරව වෙනත් කවර විශ්‍රාම වැටුපක් ලබා ගත්තද හිටපු ජනපති විශ්‍රාම වැටුප හිමිවන බව දැක්වේ.
කෙසේ වෙතත් මිල්ටෙරි නන්දසේනට හිටපු ජනපතිවරයා ලෙස විශ්‍රාම වැටුප් ගෙවීම ගැන අපට මතුවන තවත් ප්‍රශ්ණයක්  තිබේ.ඒ මිල්ටෙරි නන්දසේන ජනපති ධුර කාලය සම්පූර්ණ නොකර ඉන් ඉල්ලා අස් වූ බැවිනි.සම්පූර්ණ් සේවා කාලය සපුරා නොමැතිව සේවයෙන් ඉල්ලා අස්වන රජයේ නිළ ධාරියකුට හිමි නොවන වරප්‍රසාදයක් මිල්ටෙරි නන්දසේන භුක්ති විඳිමින් සිටී.
 
ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකාදවස පුවත්පත පවත්වාගෙන යාමට නොහැකිය.

 


Spread the love

Leave a Comment

You may also like