වෙනත්

මොනරාගල හිටපු ජේ.පොලිස් අධිකාරි සිසිල කුමාර ගේ ගංජා බිස්නස් වල තොරතුරු කී පොලිස් සැරයන් 3978 ජයසිංහව පෙබරවාරි 14 දින මරාදමලා – වහාම විමර්ෂණයක් කරන්න.

Spread the love

මොනරාගල හිටපු කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර නිලධාරියා පිලිබදව විශාල තොරතුරු සමුදායක් රටට හෙලිකල නිසාම අවංකව රාජකාරි කල පොලිස් සැරයන් 3978 ජයසිංහ නිලධාරියා පසු ගිය පෙබරවාරි 14 දින දොඹගහ පොලිස් ස්ථානාධිපති විසින් ඉතාම සැලසුම් සහගතව ඇටවු උගුලකට හසුව වෙඩි වැදිමෙන් මිය ගොස් ඇත.

මෙම පොලිස් සැරයන් වරයා තමාගේ පුද්ගලික ඔත්තුකරුවෙකු මගින් එවක මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාරගේ ගංජා බිස්නස් පිලිබදව තොරතුරු ලබාදුන් ප්‍රධානම ඔත්තුකරුවාය. පොලිස් සැරයන් 3978 ජයසිංහ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව අවංකව, රාජකාරි නිරත, ඉතාම දක්ෂ නිලධාරියෙකු ලෙසට රාජකාරි කරමින් සිට ඇත.

කලක් එසේ සතුටින් සිටින විට හදිසියේම ඔහු ගේ බිරිද අසනීප වීම නිසාම විශේෂ කාර්ය බලකායෙන් ඉවත්ව සාමාන්‍ය පොලිස් සේවාවට එක්ව තිබේ . බිරිදගේ අසනීප තත්වය පිලිබදව බදුල්ල රෝහලෙන් කල පරික්ෂණ වලදි ඇයට ලේ පිලිකාවක් ඇති බවට තහවුරු වී තිබේ.

පසුව පොලිස් සැරයන් 3978 ජයසිංහ රාජකාරි නිරත්ව සිටි වැල්ලවාය උසාවි රාජකාරියෙන් තම නිවසට ආසන්න තැනකට ස්ථාන මාරුවක් කොට්ඨාශ භාර නිලධාරියාගෙන් ඉල්ලා ඇත. ඒත් කිසිදු සානුකම්පිත හේතුවක් මත මෙම සිසිල කුමාර නිලධාරින් පිලිබදව් කටයුතු නොකොට ඔහුගේ ගංජා හේන් වලට උදව් උපකාර කරන පුද්ගලයන්ට පමණක් විශේෂිත සැලකිලි දක්වා රාජකාරි කොට ඇත.  පොලිස් සැරයන් 3978 ජයසිංහ සරත් වීරසේකර ඇමති ගේ උපකාරයෙන් දොබගහ වෙල පොලිස් ස්ථානයට රාජකාරි ස්ථාන මාරුවීමක් ලබාගෙන තිබේ.

ඉන් අනතුරුව පොලිස් සැරයන් 3978 ජයසිංහ නිලධාරියා විසින් එවන විට තමා එක් රැස් කරගෙන් තිබු ජේෂ්ඨ පොලිස් අධිකාරිගේ ගංජා හේන් හා ගංජා කොළඹට පැටවීම පිලිබදව සියළු තොරතුරු විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට තවත් තුන්වෙන්නෙකු හරහා ලබාදි තිබේ .

පසුව එ පිලිබදව් වහාම වැටලීමට ටිරාන් අලස් ඇමතිවරයා හා පොලිස්පති දුන් උපදෙස් අනුව සාර්ථකව වැටලීම සිදු කොට ගංජා කිලෝ 40 කට ආසන්න හා නිදන් හාරන උපකරන මෙන්ම පොලිස් නිලධාරියෙකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකු සතුව නොතිබියයුතු නිති විරෝධි උපකරන වැටලීමක් සිදු කලේය.

ඉන් පසුව එම ගංජා පැටවීම හා ලඟ තබාගැනීම යන චෝදනාමත ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරව අත් අඩංගුවට ගෙන රදවා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් විමර්ෂණයක් පවා සිදු කලේය.

මෙම ගංජා පැටවීමට ආධාර අනුබල දුන් දොඹගහ වෙල පොලිස් ස්ථානාධිපති කුමාරසිංහගේ නිවස පවා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පරික්ෂාවට ලක් කර තිබුණි.

එවක මෙම දුෂිත ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හා දොඹගහ වෙල පොලිස් ස්ථානාධිපතිවරයා අතිජාත මිතුරන් වීම නිසාම පොලිස් සැරයන් 3978 ජයසිංහ ගේ මරණය ඉකමන් විය.

පසු ගිය පෙබරවාරි 14 දින පොලිස් සැරයන් 3978 ජයසිංහට පොලිස් ස්ථානාධිපති විසින් දෙන ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 78501 බංඩාර හා පොලිස් කොස්තාපල් 41788 ලක්මාල් යන නිලධාරින් සමඟ ගංජා හේනක් වැටලීමට කියා පිටත් කොට ඇත. 

පොලිස් සැරයන් 3978 ජයසිංග ගමන්කරමින් ගිය ස්ථානයේදි බදිනකදක් පත්තුවී ඔහු ගේ කකුලක දණ හිසෙන් පාතට වෙඩි වැදි තිබේ. පොලිස් සැරයන් 3978 ජයසිංහට වෙඩි වැදුන පසු ඔහු සමඟ ගිය අනික් නිලධාරින් දෙදෙනාම ඔහු දමා දිවගොස් ඇත.

ඉතම අවාසනාවන්ත ලෙසට පොලිස් සැරයන් ජයසිංහ නිලධාරියා අධික ලේ වහනය විමෙන් පසුව එම ස්ථානයේම මිය ගොස් තිබේ. මෙම වැටලීමට ගියා යැයි කියන අනික් පොලිස් නිලධාරින් දෙදෙනා වු පොලිස් සැරයන් 78501 බණ්ඩාර හා පොලිස් කොස්තාපල් 41788 ලක්මාල් අත් අඩංගුවට ගෙන විදිමත් විමර්ෂණයක් කල යුතුය.

මේ ආකරයට තම නිලධාරියකු අනතුරකට ලක් වු විට දිවයන්නේනම් ඔවුනට බියගුලු භාවයට විනය ක්‍රියා මාර්ග ගතයුතුය. මෙම අපරාධය සිදු කොට ඇත්තේ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති කුමාරසිංහ නැමති නිලධාරියා විසින් අටවන ලද උගුක්ලක් මගින් බවට දැන් පොලිස් නිලධාරින් තුලින්ම තොරතුරු මතුවි තිබේ.

මේ වනවිට මිය ගිය පොලිස් සැරයන් 3978 ජයසිංග ගේ දියනිය දලියුකේමියා තත්වයට පත්ව ඇති බව වෙතට වාර්තාවී තිබේ .

මෙම මරණය පිලිබදව ටිරාන් අලස් ඇමතිවරයා පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරන අතරම, පොලිස්පති වරයා මේ පිලිබදව් වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ෂණයක් ආරම්භ කොට දුෂිත පොලිස් නිලධාරින් පිලිබදව තොරතුරු දෙන පොලිස් නිලධාරින් හා රටේ ජනතාව ආරක්ෂා කලයුතුය.පාස්කු ප්‍රහාරයේ කටුවා පිටිය ප්‍රදේශය භාරව් සිටි පොලිස් අධිකාරි පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෝඨාභය විස්න් ජේෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස් කොට ඇත.

එසේ නොවුන හොත් සමස්ථ පොලිස් නිලධාරින් ගේ දුෂිත ක්‍රියා හෙලි කිරීමට ජනතාව බියවනු ඇත. ඉන් පොලිසිය තවත් අන්ත දුෂිතයන් ගේ රජ දහනක් වනු ඇත.

ගංජා සිසිල පිලිබදව් අපි කල හෙලි දරව්ව පහතින් ඇත………

හිටුපු අමාත්‍ය විමල් වීරවංශගේ ශරීරක්ෂක ලෙස කටයුතු කළ මොනරාගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා බිස්නස් කරලා

 


Spread the love

Leave a Comment

You may also like