“විද්‍යුත් පුස්තක නිමැවුමක්” ලෙස අප දිනපතා කොටස් වශයෙන් පල කරමු.
දක්ෂ නිර්මාණශීලී හා එඩිතර මාධ්‍යවේදියකු වන නන්දන වීරරත්න රාවය කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදී පවතින රජයට නොදන්වා එල්ටීටී මෙහෙයුම් කළාපයට ඇතුළුව එල්ටීටී ක්‍රියාධරයන් ගේ තොරතුරු රාවය පුවත්පතේ පල කරන ලද අතර පසුව ඔහු මෙරට ආරක්ෂක අංශ විසින් ප්‍රශ්ණ කිරීමකට පවා ලක් විය.
මාධ්‍යවේදී නන්දන වීරරත්න සමග එම මාධ්‍ය අනාවරණය කිරීමේ කටයුත්තට රාවය මාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා සම්බන්ධ වී තිබුණි.යුද්ධය පවතින අවස්ථාවක එල්ටීටී මෙහෙයුම් කළාපයට ගොස් මාධ්‍ය වාර්තාකරණයක නිරත වූ මාධ්‍යවේදීන් වශයෙන් මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ඇගයීමට ලක් වේ.මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ එවැනි අවදානමි සහගත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍යවේදීන් වශයෙන්ද මේ දෙදෙනා ඉතිහාස ගත වී තිබේ.
පසු කාලයකදී නන්දන වීරරරත්න බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ (BBC)ආයතනයේ වැඩසටහන් සම්පාදකයකු ලෙස සේවයේ නිරත විය.
නන්දන වීරරත්න මෙරට කුල ක්‍රමය හා ඵෙතිහාසික තොරතුරු පිළිබඳව මනා දැනීමක් ඇති ලේඛකයෙකි.ඔහු විදේශයන්හි තිබෙන පුස්තකාල වල ඇති අපගේ පුරා වස්තු හා ලේඛන පිළිබඳවද අධ්‍යයනය කර ඇති ඇසූ පිරූ තැන් ඇති ගවේෂකයෙක්ද වේ.
මෙම විද්‍යුත් පුස්තක නිමැවුම මුද්‍රණය කිරීම සඳහා සම්පත් දායකයකු ඔහුට අවශ්‍ය වී තිබෙි.
කෙසේ වෙතත් මෙරට දේශපාලනයේ සුදු ඇඳගත් චරිත වල අප්‍රියජනක හා කිළිටි කලු මනෝභාවයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට නන්දන වීරරත්න ගත් උත්සාහයට අපි කොන්දේසි විරහිතව ස්තූති වන්ත වෙමු
ස්තූතියි නන්දන වීරරත්න සහෝදරයා