උණුසුම් පුවත්

පාතාලයේ මහ මොළ සමඟ දේශබන්දු ඩුබායි සිට ප්‍රභල දේශපාලඥයකු ඝාතන යේ සාකඡ්චාවක

Spread the love

පසුගියදා අප විසින් ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඩුබායි සංචාරයක නිරත වීමට සැළසුම්කර ඇතැයි අනාවරණය කරන ලදී.

ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් එස්ටීඑෆ් අණදෙන නිළධාරීවරයා හා නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් සමග සිංගප්පූරුවේ පැවැති අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති සමුළුවකට සහභාගි වීමට රටින් පිටව ගිය බව අපගේ ප්‍රවෘත්තියත්  පල වීමට පසු මෙරට මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.
එම සමුළුව අවසන් වීමෙන් පසුව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා හා එස්ටීඑෆ් අණදෙන නිළධාරියා ලංකාවට පැමිණ ඇති අතර ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් දින දහහතරක නිවාඩු ⁣ගෙන සිංගප්පූරුවේ සිට ඩුබායි රාජ්‍යයට ගිය බව දැන ගැන්මට තිබේ.ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ වාසය කරන කුඩු සළිඳු නම්  හොරොයින් ජාවාරම්කරු විසින්  වියදම් කොට වෙන් කරන ලද සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින බව එහි සිටින අපගේ තොරතුරු කරුවන් අප වෙත දන්වා ඇත.
ඡෙ.නි.පො දේශබන්දු හට  ඩුබායි රාජ්‍යයේ විනෝද සංචාරයක නිරත වීමට සියළු වියදම් දරණ ලද්දේ මෙරටින් පලා ගොස් එහි සිටින හෙරොයින් ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන් බවද එහිදී වැඩිදුරටත් අප හට තොරතුරු ලැබී තිබේ.
කෙසේවෙතත් ඡෙ.නි.පො ගේ මෙම සංචාරය පිළිබඳව සියළු තොරතුරු පොලිස්පතිවරයාට ලැබී ඇතැයිද අනාවරණය වේ. ඩුබායි රටේ සැඟව සිටින පාතාල අපරාධකරුවන් හමුවීම පිලිබදව අප වෙතට ලැබුණ තොරතුරු අනුව ඉදිරියේදි දේශපාලන පක්ෂයක නායකයෙකු ඝාතනය කිරීමට අවශ්‍ය සැලසුම සාකච්ඡා කිරීමක නිරත වී ඇති බවත් ඊට මෙරට ප්‍රභල මත් ජාවාරම් කරුවනගේ පුර්ණ සහාය ලබාදෙන බවට දේශ බන්දුට පොරොන්දු වී තිබෙන බවත් දැන ගැනීමට තිබේ. එ අනුව මෙරටට පැමිණි වහාම දේශබන්දුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කල යුතුය. 

 


Spread the love

Leave a Comment

You may also like