උණුසුම් පුවත්

ලෝකයක් හඩවමින් බ්‍රිතාන්‍යයේ දෙවනි එලිසබත් මහරැජින දැයෙන් සමුගනි

Spread the love

මහාබ්‍රිතාන්‍යයේ ඓතිහාසික සංඛේතයක් බදු වු දෙවන එලිසබත් මහරැජින වයස අවුරුදු 96 ක් ඉතාම හොද නිරෝහි සම්පන්නව සිට අද  දැයෙන් සමු ගත්තාය. බ්‍රිතාන්‍යදෙවනි එලිසබත් මහරැජින ගේ මව වු එලිසබත් ඇන්ගලා හා 4 වන ජෝජ් රජුට දාව ඇය ලන්ඩන්වල දී 1926 අප්‍රේල් 21 වන දින උපත ලැබීය . දෙවන එලිසබත් රැජින විවාහ වුයේ පිල්ප් කුමරු ඩක් ඔෆ් එඩින්බර්ග් සමඟය.ඔවුනට දාව චාල්ස් කුමරු ,ඇන්ඩ්‍ර කුමරු හා ඈන් කුමරියද සමඟ දරුවන් තිදෙනෙකි.

තම මව ගේ හා පියා ගෙන් පසු ලෝක පුජිත දෙවන එලිසබත් මහ රැජින 1948 ශ්‍රි ලංකාවට නිදහස පිරිනමන විට ඇය බ්‍රිතාන්‍ය රාජකීය කීටය උසුලමින් ශ්‍රි ලංකාවට ස්වධීන රාජ්‍යක් ලෙසට නැගිටීමට නිදහස පිරිනැමීම විශේෂත්වයකි.

වික්ටෝරියා වේල්ල ඉදිකිරීමේ ප්‍රථම පස් පිඩැල්ල කපා මුල් ගල තැබු දෙවන එලිසබත් මහරැජින එම වික්ටෝරියා වේල්ල ඉදිකිරීමට සම්පුර්ණම ණය මුදලක් ලෙසට පරිත්‍යාග කලාය. එවක ජනාධිපති ජේ.ආර් .ජයවර්ධන හා මහවැලි ඇමතිව සිටි ගාමිණි දිසානායක එලිසබත් මහ රැජින ගේ දැඩි මිත්‍රයන් වි සිට ඇත.

ඇය මිය යනවිට මුණුබුරන් 08 දෙනෙකු හා ඔවුන් ගේද දරුවන් බැලු වාසනාවන්ත රැජිනක් විය. වචනයේ පරි සමාර්තයෙන්ම ඇය ඉතාම සිත් ගන්නා සුළු ආකර්ශණීය සිනහවක් උරුමව සිටියාය. ඇය ගේ අවසාන රාජකාරිය ද මියයාමට පෙර තවත් ඓතිහාසික විය .

ඒ පෙරේදා බ්‍රිතාන්‍ය නව අගමැතිනිය ලෙසට ලීස් ට්‍රස් මහත්මිය පත්කලාය. පසුව අද හදිසියේම ඇය අසනීප විය. ඇය 08/09/2022 වන අද ඇය බැල් මොරල් කාසල් හිදි ජීවිතයෙන් සමුගත්තාය. ඉන් අනතුරුව මා බ්‍රිතාන්‍ය යේ රජු ලෙසට 3වන චාල්ස් කුමරු පත් වීමට නියමිතය.  මේ වන විට සමස්ථ බ්‍රිතාන්‍යම දැඩි කනස්සල්ලටත්, කණගාටුවටත් පත්ව සිටි.

කතෘ මංඩලය සටහන….
බ්‍රිතාන්‍ය දෙවන එලිසබත් රැජිනට නිවන්සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like