උණුසුම් පුවත්

අස්ගිරි මෝල් වහන්සේගේ බණ තැලීම

Spread the love

මහා සංඝරත්නය බොහෝ අවස්ථාවලදී රට පාලනය කරන විදිය ගැන පාලකයන්ට උපදෙස් ලබා දෙන නමුත් ඒ කිසිම පාලකයෙක් මහා සංඝරත්නය ලබාදෙන උපදෙස් අනුගමනය නොකරන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ 

ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.මහා සංඝරත්නය ලබා දුන් උපදෙස් පාලකයන් අනුගමනය කෙරුවේ නම් රටට මෙතරම් අවාසනාවක් උදා නොවන
බවද පවසන නාහිමියන් එහිදී වැඩිදුර⁣ටත් මේ වන විට රටට උදා වී ඇති අභාග්‍යය සම්පන්න වටපිටාව කුඩා දරුවෙකුට පවා වැටහෙන බවත් ඒ ගැන තමා බරපතල කණගාටු වන බවද පවසා සිටී රටට උදාා වී ඇති අභාග්‍ය සම්පන්න වටපිටාව පිළිබඳව අස්ගිරි මහා නායක හිමිට ඥානය පහල වීම ගැන අප කීමට ඇත්තේ අනේ සාදු කියාය.

හැබැයි මහා නායක හිමියන්ට ඥානය පහල වී ඇත්තේ රටට නැට්ටටම කෙල වූවායින් පස්සේය.

දැන් මහා උපාසක මහත්තයකු හෝ උපාසක හාමිනේ කෙනෙකු අපේ මහා නායක හිමියන්ට ⁣මෙතරම් දවසක් ඥානය තිබු⁣ණේ නැද්දැයි අප පුශ්ණ කරන්නට ඉඩ තිබේ.අපට ඔවුන්ට කීමට ඇත්තේ මහා නායක හිමියන් බුදු බණ නොදන්නවා යැයි අපි නොකියමු.ඒ අපේ හාමුදුරුවරුන්ට බුදු බණ කියා දෙන්නට අපට බැරි නිසාය.මහානායක හිමියන්ට ඥානය තිබුණේ නැත්තේ රාජපක්ෂ සනුහරයට පසුගිය කාලයේ දුන් උපදෙස් පිළිබදව යැයි අපි සඳහන් කරමු.එහිදී මහා නායක හිමියන් දැන දැනම රාජපක්ෂවරුන් ගෙන් ලැබුන කුට්ටියේ තරමට උපදෙස් දෙන්නට ඇත. ඒ උපදෙස් දීමෙන් නොනැවතී පිරිත් කියා පිරිත් නූල් බැඳ  රාජපක්ෂ සනුහරයට ආශීර්වාද කරන්නටද ඇත.
දැන් මහා නායක හිමියන් හොටු පෙරාගෙන පාලකයන් තමන් දුුුන් උපදෙස් පිළිගත්තේ නැතැයි නාහෙන් අඬයි.මේ නාහෙන් ඇඬිල්ල⁣ට අපි හිනා⁣විය යුත්තේ පශ්චාත් භාගයෙනි.
අප එසේ ලියන්නේ ඒ දවස්වල රාජපක්ෂවරුන්ට මහා නායක හිමියන් දුන් උපදෙසක් අපේ මතකයට ආ නිසාය. ඔය නායක හිමියන් රාජපක්ෂ සනුහරයට දුන්  ඒ වෛරී උපදෙස බුදුන්වහන්සේගේ නහී වේරේන වේරානී දේශනයට සම්පූර්ණයෙන්ම පටහැනිය. එය ගැලපෙන්නේ පාතාල මදුෂ් නිකායේ බණවලටය.
මහනායක හිමියන් විසින් රාජපක්ෂ වරුන්ට දෙසූ පච්ච පීචං උපදෙස මෙහෙමය.වර්ෂය දෙදහස් දහනවයයි.
මාසය ජුනි මාසයේ පහලොස් වෙනිදාය.තැන දොඩම්වෙල දියකෙළිනාවෙල කිත්සිරිමෙවන් රජ මහා විහාරයයි.
“…..අපට ආරංචියක් ලැබුණා අනාගතයේ ජනපති වරයා විදියට “අපේ” චමල් රාජපක්ෂ මැතිතුමා එනවාය කියා.අපි ඒ ගැන බොහොම සන්තෝෂ වෙනවා…”
(මෙහිදී “අපේ” චමල් රාජපක්ෂ යනුවෙන්  මහා නායක හිමියන් හදුන්වන්නේ රාජපක්ෂ වරුන් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේ නෑයන් නිසා වෙන්නට ඇත)
ඊ ළඟට මහා නායක හිමියන් උපදෙස් දෙන්නේ රටේ ජනතාවටය.
“……මාත් කියනවා ඒ කඩවල් වල⁣ට යන්න එපා.ඒ කඩ වලින් කන්ට බොන්ට එපා කියලා.මොකද ඒක ප්‍රසිද්ද කාරණයක්.අපට අපේ ජනතාවට වස විසදීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සාහ ගත්තු පිරිසක් කියන එක ඉතා පැහිදිලිව පේනවා.ඒ නිසා අපේ බෞද්ධ 
ජනතාව ආරක්ෂා වෙන්න ඕනෑ.ඒ කඩ වලට යන්නත් එපා .ඒව ගන්නත් එපා.ඒව කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දරුවෝ නැති වෙයි කියලා. 
…ඒ වගේම අර කුරුනෑගල දොස්තර මහත්තේයෙක් කරපු වීර ක්‍රියාව පිළිබදව කවුරුත් දන්නවා.ලක්ෂ ගනන් දරුවන් විනාශ කරලා.ඔය වගේ ජාති ද්‍රෝහින්ට නිදහසේ ඉන්න දෙන්න හොද නෑ.අර කවුද උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕනෑ කියලා.මම ඒක කියන්නෑ.නමුත් කළ යුත්තේ ඒක තමයි.ඒ විදිහේ වැරැද්දක්
කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහල දානවා.ඔය නීති රීති හරියන්නෑ…”
මෙහිදී මහානායක තැන මුස්ලිම් කඩ වලට නොයා යුතු යැයිද එම කඩවලින් ආහාර ගත්විට වඳ වෙන බව පවසන අතර දොස්තර ෂාපි ලක්ෂ ගනනින් දරුවන් වඳ කොට විනාශ කර ඇති බව පවසයි.අන්‍යාගමිකයන් හා ජාති ද්‍රෝහීන් ගල් ගසා පෙති ගසා මරා දමන්ටත් උන්නාන්සේ යෝජනා කර සිටී. 
මහානායක උන්නාන්සේ මේ වෛරී ප්‍රකාශය කර ඇත්තේ රාජපක්ෂ සනුහරයේ තක්කඩි අශීලාචාර මජර දේශපාලනය උස්සා තබන්නටය.මේ ප්‍රකාශය ශීලාචාර මිනිස් ආත්මයක් ඇත්තෙකුට ප්‍රසිද්ධියේ කළ හැකි නොවේ.එහෙත් දැන් මෙය කර ඇත්තේ බෞද්ධ මහා නායක හිමිවර⁣යෙකි නොසන්ඩාල රාජපක්ෂ තක්කඩියන් බෞදධ දර්ශනය ඇද ⁣දැමුවේ මේ හැඩයේ  නින්දිතවූත් අමානුෂික වූත් ප්‍රපාතයකටය.මෙි තක්කඩියන් ඒ සදහා යොදා ගත්තේ බදු සහන යටතේ වාහන ගෙන්වීමට බලපත්‍රයකි.එසේත් නැතිනම් කැලෑවෙන් අල්ලා ගත් ඇත් පැටවෙකි.  
සැබැවින්ම බෞද්ධ  දර්ශනයට අනුව නම් මේ උන්නාන්සේ බුද්ධ චීවරය දරන්නට සුදුසු පුද්ගලයකු නොවන බව පැහැදිලිය.බෞද්ධ  දර්ශනය අවිහිංසා වාදය පදනම් කර ගනිමින් සියළු සත්වයෝ නිරෝගි වෙත්වා යැයි ප්‍රාර්ථනා කරන්නකි.සියළු සත්වයන් දඬුවමට බිය වෙන හෙයින් තමා උපමා කර ගනිමින් ඝාතනයෙන් වැලකී සිටින ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබේ.මිනිසුන් පෙති ගසා මරා දමන්නට යෝජනා කරන  මහා නායක හිමියන්ගේ උපදෙස ගැලපෙන්නේ මිනීමරු රාජපක්ෂලාගේ කෙරුවාවටය.
මහා සංඝරත්නයේ උපදෙස් පිළිගන්නේ නැති යැයි දැන් නාහෙන් අඬන්නේ මේ මහා නායක තෙරය.රටට කෙල වූ පසු එසේත් නැතිනම් ජනතාවට පාන් කියා ගන්නට බැරි වූ පසු හෝ වරකගොඩ ශ්‍රී  ඥානරතන නායක උන්නාන්සේට යම් තාක් දුරට මොළය පෑදීම ගැන අපට ප්‍රීතියක් ඇතිවේ.ඒ පුවත වැලිකඩ හිරගෙදර සිටි ලියාපදිංචි මෙලේච්ඡ අපරාද කාරයකු පුනුරුත්ථාපනය  වී විනය ගරුක පුරවැසියකු බවට පරිවර්ථනය වී ඇතැයි කි⁣යවෙන ආරංචියක් හා සමානය.
දැන්වත් මහනායක උන්නාන්සේ බෞද්ධ දර්ශනය හැදෑරිය යුතුය.බෞද්ධ පොත පත කියවා බෞද්ධ භික්ෂුවක බවට පත්විය යුතුය.දේශපාලනය හා ආගම යනු දෙකක් බව තේරුම් ගත යුතුය.
එසේ කරන්නට බැරි නම් බෞද්ධ  චීවරය ගලවා තබා ගෙදර යාම හොදය.
මහානායක කමට ලැබෙන ගරු නම්බු ගැන සිතා චීවරය ගලවා ගෙදර යාමට බැරි තරමේ හිතට දුකක් ඇති වන්නේ නම් තවදුරටත් උම්බෑ නොකියා නිහඬව දෙන දෙයක් වළඳා අස්ගිරි විහාරයට වී සිටින ලෙස අප උන්වහන්සේ ගෙන් මහත් ගෞරවයෙන් ඉල්ලමු.
අවසාන වශයෙන් උන්නාන්සේට කියන්නට ඇත්තේ ඔබ වහන්සේ මෙතෙක් කල් උපදෙස් දුන් “අපේ” රාජපක්ෂවරු තෙල් හිඟා කමින් මුසල්මානු ර⁣ටවල රාජ්‍ය නායකයන් ඉදිරියේ වැඳ වැටෙමින් සිටින බවය.ඇතැම් විට ඒ මැදපෙරදිග රටවලින් තෙල් ලැබෙන්නටද පුළුවන.
එහෙම තෙල් සහනයක් මේ රටට ලැබුණ හොත් එම ඉන්ධන දහනයෙන් පිටවන දුමාරයෙන් ජාතිය වඳ වෙනවාය කියා සිංහල බෞද්ධ බණක් දෙසන්නටද වරකාගොඩ ශ්‍රී ඥානරතන උන්නාසේට පුළුවන.
අනු නායක වෙඬරුවේ උපාලි…….

අස්ගිරි පාර්ශවයේ මහා නායක ගැන මෙහෙම ලියද්දී ඒ පාර්ශවයේ අනු නායක තැන ඊට එහා ගිය බඩුවකි.ඒ අනු නායක වෙඬරුවේ උපාලිය.එහෙම බලන විට දෙන්නා ජාඩියට මූඩිය වාගේය.ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයා දුව දුව දුව හුජ්ජ කරනවා යැයි ජන ප්‍රවාදයේ කතාවක් තිබේ.මේ ඩබල රාජපක්ෂ වරුන්ට ඒ දවස්වල උපදෙස් මතක් වෙන විට ඒ කතාව අපූරුවට ගලපා ගත හැකිය.2018 ජුනි මාසයේ දවසක වෙඬරුවේ උපාලි අනු නායක හිමි මිල්ටෙරි නන්දසේනගෙන් ඉල්ලා සිටියේ හිට්ලර් කෙනෙකු වී රට පාලනය කරන ලෙසය.අපරාදෙ කියන්නට බැරිය.

වෙඬරුවේ උපාලි හිමිගේ ඉල්ලීම මිල්ටෙරි නන්දසේන අහක දමා නැත.හිට්ලර් මෙන්ම මිල්ටෙරි නන්දසේන සිංහල ජාතිය ඝාතනය කිරීමට ගත් පියවරල් බොහොමයකි. දැන් මහ මගදී මිනිසුන් මැරී වැටෙමින් තිබේ.මුළු රටම හිට්ලර්ගේ සිර කඳුවුරක් බවට පරිවර්තනය වී තිබේ.

වෙඬරුවේ උපාලි නායක තැන ගෙන් අපට අහන්නට තියෙන්නේ දැන් සතුටුද කියාය.

                                       නමෝ බුද්ධාය…..!!


Spread the love

Leave a Comment

You may also like