අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුතා වන රඛිත රාජපක්ෂ සිය මුහුණු පොතෙහි අපූරු සටහනක් තබා තිබේ
‘කපුටු හෙනය වනයක් වන ලකුණු ප්‍රභාකරන්ට වඩා හෙනයක් ඌට නොදෙවෙනි අවසානයක් අත්වේවා”
මේ රඛිත රාජපක්ෂ මූහුණු පොතේ තැබූ සටහනයි.අපට හැඟී යන ආකාරයට ඔහු මේ කපුටා යනුවෙන් හඳුන්වා ඇත්තේ බැසිල් රාජපක්ෂය.එය එසේ වන්නේ නම් ඔහු ප්‍රභාකරන්ට නොදෙවෙනි මරණයක් බැසිල් රාජපක්ෂට සිඳුවේවායි ප්‍රාර්ථනා කර තිබේ
ඔහු මෙවැන්නක් සිය මුහුණු පොතේ තැබුවේ කවර කාරණයක් නිසාද යන්න පැහැදිලිය.ඒ සිය පියාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනා බැසිල් රාජපක්ෂ විසින් කුණු කූඩයට දමා ඇති නිසාය.එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනා අද දවසේදී (23)අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම ඒ සඳහා අනුමැතිය ලබා නොදුන් බව වාර්තා වේ.
මිල්ටෙරි නන්දසේන ගේ විධායක ජනපති බලය කප්පාදු කිරීමට බැසිලං රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණු නියෝජිතයන් කිසි සේත්ම ඉඩ නොදෙන බව විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අදහසයි..ඒ අතර සජබ මන්ත්‍රීවරයකු සිට පසුගියදා අමාත්‍යවරයකු වූ හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසන ලද්දේ විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොවුන හොත් තමන් අමාත්‍යය තනතුරෙන් ඉල්ලා අස්වන බවය.
කෙසේ වෙතත් “ලංකා දවසේ “තක්සේරුව අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කොට මිල්ටෙරි නන්දසේන සතුව පවතින විධායක බලය පාර්ලිමේන්තුවට පැවරීමට තක්කඩි රාජපක්ෂ වරුන් කිසි දිනක ඉඩ නොදෙනු ඇත.