පසුගියදා පැවැති රණවිරු සමරුව දින ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් සැරසී සිටි ඇඳුම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති වී තිබේ.ඇතැමුන් මෙම ඇඳුම ඇඳ සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න අපහාසයටත් උපහාසයටත් ලක් කරමින් සිටින බව දකින්නට ඇති අතර ඒ ඇතැම් විවේචනයන් පුද්ගල බද්ධ වෛරී ප්‍රකාශනයන් ලෙසද ගත හැකියරණවිරු සමරුව දින මේජර් ජනරාල් කමල් ගුණරත්න සැරසී සිටියේ හමුදා විශ්‍රාමිකයන් සඳහා වූ පැනවී ඇති යුද හමුදා රෙගුලාසි යටතේ අවසර ලත් නිල ඇඳුමකි.එම නිල ඇඳුම හමුදා උත්සව වලදී හමුදා විශ්‍රාමිකයන්ට භාවිතා කිරීමට හැකිය.
ඇතැමුන් එම නිළ ඇඳුම විවේචනය කරන්නේ නොදැනුවත්කම නිසා බව අපට සිතා ගත හැකිය.ඒ ඇතැම් විවේචනයන් තුළ රාජපක්ෂ වෛරයද පවතී.ඒ මක් නිසාද යත් රාජපක්ෂ වරු සිය දේශපාලන උවමනාවන් සඳහා මෙරට ආගම ධර්මයද විද්වතුන්ද යොදා ගත් ආකාරය මේ වන විට සමාජයේ දැඩි පිළිකුළට හා ප්‍රතික්ෂේප කිරීමට ලක් වී ඇති නිසාය.ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරද රතු රතු තරුවක් තිබූ හමුදා හිස්වැසුමකින් සැරසී සිටි බවඉතිහාසය දන්නෝ දනිති.එම හිස් වැසුම ගැන එක අවස්ථාවක මාධ්‍යවේධියෙක් විසින් ඔහු ප්‍රශ්න කරන ලදී.මාධ්‍යවේධියා ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණය වූයේ ඔබ නිතරම හමුදා හිස් වැසුමක්පළඳින්නේ මක් නිසාද යන්නය.රෝහණ විජේවීර ඒ ප්‍රශ්ණයට දුන් පිළිතුර මෙහෙමය“…ඔබ කිසිම අවස්ථාවක සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් අහනවද ඇයි හෑන්ඩ් බෑග් එකක් අරගෙන යන්නෙ කියල..”එපමණය.
