හෙල ගැඹුරුයි
පුත නොබලන්
හෙලවෙන කොට
වැල් පාලම
දෑස පියන් බිම නොබලන්අපට පුතේ මගක් නැතේමේ මග මිස යමන් පුතේඅපට පුතේ මගක් නැතේමේ මග මිස යමන් පුතේදෙවියො බලයි මුහුණ උඹේඋඹව රකී යමන් පුතේදෙවියො බලයි මුහුණ උඹේඋඹව රකී යමන් පුතේරනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්ව ජාතිය අමතා කළ කතාව අවසන් කෙරුවේ හුණු වටයේ කතාව නාට්‍යයේ එන මේ ගීතයේ කොටසක් සිහිපත් කරමිනි.ඔහු එම ගීතයේ කොටස පැවසුවේ රට තුළ පවතින ආර්ථික අර්බුදයේ බරපතල බව කියන්නටය.එහෙත් අගමැතිගේ ඒ සඳහන ගැන විවිධ නිර්වචන සපයන්නට හැකිය.මේ අප ලියන්නේත් එවැනි අදහසකි.හුනුවටයේ කතාවේ එන ගෘසනියාවේ යුව රජුගේ බිරිඳට ලැබෙන දරුවා මයිකල්ය.පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇතිවී යුව රජු මරණයට පත් වේ.රජ මාලිගයේ පිරිස පලා යද්දී එහි සිටි සේවිකාවක වන ගෘෂා රජගෙදර සෙබලකු වන සයිමන් සෂාවා හා විවාහ ගිවිස ගනී.යුව රජුගේ බිසව සිය තණ්හාව නිසා ඇදුම් පැළඳුම් පමනක් රැගෙන සිය දරුවා වූ කුමාරයාද දමා පැන යයි.සේවිකාව වූ ගෘෂා ළදරු කුමාරයා රැගෙන යයි.කුමාරය රැගෙන ගෘෂා සිය සොහොයුරාගේ නිවසට පැමිණේ.එහෙත් හේවායෝ පිරිසක් එහි පැමිණ මයිකල් කුමාරයා රුගෙන යති.නුවර ආදිපාද වරයා පලා යද්දී ඔහුට රැකවරණ දෙන්නේ අසඩක් නම් සොර දෙටුවෙකි.ඔහු ගේ බුද්ධිය නිසා එනුවර විනිසුරු ලෙස පත් කෙරේ.මයිකල් කුමාරයා සැබෑ මව ගැන විනීශ්චය පැවරෙන්නේද අසඩක්ටය.මෙහිදී යුව රජගේ බිරිද මයිකල් කුමාරයා ගන්නට උත්සාහ කරන්නේ ඔහු සතුව පවතින දේපොල ඉඩකඩම් වල හිමිකාරිත්වය ලබා ගැනීමටය.නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි.නඩු විභාගය පැවැත්වූ අසඩක් හුණුු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුල දරුවා තබා අදින ලෙස ගෘෂාටත් යුව රජු බිසවටත් නියෝග කරයි.දරුවාට සැබෑ ලෙස ආදරය කරන ගෘෂා දරුවා වේදනාවට පත් වන හෙයින් සටන අත් හරියි.දරුවා ගෘෂාට අයත් බව අසඩක් තීරණය කරයි.ඒ හුණුවටයේ කතාවය.දැන් අගමැති රනිල් වික්‍රමසිංහ කුමාරයා ආරක්ෂා කරන ගෘෂා බවට පත් වී තිබේ.කවදා හෝ රටේ බලය හිමිවන්නේ මේ කුමාරයාටය. මේ කුමාරයා නාමල් බබා යැයි කවරකු හෝ කට කැඩිච්ච කතා වක් කිව හොත් එය වැරිදි ද නිවැරිදිද නැද්ද යන්න තීරණය ඔබ සතුය
හුණුවටයේ කතාවේ වැල් පාලමේ යන අගමැති හා කුමාරයා