රටේ ජනතාවට ලුණු කැදවත් බීමට නොමති අවස්ථාවක් උදාකල රාජපක්ෂ ජුන්ටාව වහාම එලවා දැමීමට රටේ ජනතාවඑකින් එකා පෙල ගැසි තිබේ. ඒ රාජපක්ෂලා එලවා දැමිය යුතුයයි යන්න ගමේ පහලම තැනට දැන් කිදා බැස තිබෙනවා.
ඒ තත්වය රාජපක්ෂලාගේ සෞඛ්‍යට කිසිසේත් සුභදායක නොවන බව ඔවුන් තේරුම ගෙන තිබෙන නිසාම රාජපක්ෂ බල්ලන් දැන් මැක්කන්ගේ පිහිට පතා තිබෙන බව වාර්තාවේ. ඒ නිසාම අන්තර් පාලන ආණ්ඩුවක් යැයි කියා ජනතාව ගොනාට අන්දන විජ්ජාවකට අද විමල් විරවංස ,ගම්මන්පිල ,සමඟ බැසිල්,ගෝඨාභය ,සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගි වු සාකඡ්චාවක ජනාධිපති කාර්යාලයේ පවත්වා ඇත.
ඒ නිසාම මෙයින් පෙනි යන්නේ සහතිකවම ගෝඨාබය තවත් 88/89 ක් වැනි සිය දහස් ගනනක් තරුණ ජීවිත නැති කරමින් තවත් වසර ගනනාවක් බලයේ සිටීමයි. ඊට ප්‍රධානම හේතුව ලෙසට රාජපක්ෂලා පැවැත්වු සාකඡ්චාවන් පිලිබදව ඉතාම විශ්වාසි තොරතුරු අපිට ලැබි තිබේ.
ඔවුන්ගේ මීළඟ ඉලකකය වී ඇත්තේ කෙසේ හෝ විමල්ලා ගම්මන්පිලලාව සමඟ ආණ්ඩුව ගිවිසුම් ගැසුවා යයි හගවා නැවත වටයකින් රාජපක්ෂලා පෙර සිටියාට වඩා තවත් ශක්ති සමපන්නවීමටයි.
ඉන්පසුව ඔවුන් සිදු කිරීමට සැලසුම ඉතාම ඉක්මනින් එමඅන්තර්පාලනක් මගින් මෙම අරගලය නිහඩ කොට අරගලයට සෘජු දායක වු සියල්ලම දංගෙට දැක්කවීමය .
ඒ නිසාම කුමන හේතුවක් මතවත් රාජපක්ෂලා බලයෙන් යායුතුයි යන්න පියවරක් පස්සට නොතබීමට වගබලා ගතයුතුය.