උණුසුම් පුවත්

මිනීමරු උල් යකඩ කූරු මාර්ග බාධක නිපදවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ සිටින නාවුක හමුදා අනු ඛණ්ඩයක්

Spread the love

පොලිස්පති වික්‍රමරත්නත් දැන් දේසබන්දු හා අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිලා ගානටම වැටී පීචං වී හමාරය.

රඹුක්කන සිද්ධිය යටපත් කරන්නට වොයිස් කට් දෙන්නට ගොස් හොඳටම පීචං වූ පොලිස්පති අන්තරේ  විරෝධතා පා ගමන වැළැක්වීමට ගොස් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තේය.
දැන් දැන් පොලිසියේද වැඩි පිරිසක් අරගලයට ප්‍රසිද්ධියේම සහාය දක්වන්න්ට පටන් ගෙන තිබේ.
හෙට අනිද්දා වන විට තවමත් රාජපක්ෂලා ට කඩේ යන උසස් පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ඉන්න තත්ත්වයකට පොලිස් පොඩ්ඩන් පත් වනු ඇත.
එතකොට වික්‍රමරත්න පොලිස්පතිවරයාට නැට්ට දෙකකුල අස්සේ රුවා ගෙන ගෙදර යාමට සිදු වනු නොඅනුමානය.
අන්තරේ පා ගමන වැලැක්වීම සඳහා පොලිසිය විසින් ඇතැම් ස්ථාන වල උල් යකඩ කූරු සහිත මාර්ග බාධක සවි කළේ පොලිස්පති දැනුවත්වද යන්න නීතිඥ සංගමය විසින් හෙට වන විට ලෝකටටම හෙළිදරව් කරනු ඇත.

ලංකාදවසට වාර්තා වන අන්දමට මෙම මිනීමරු උල් යකඩ කූරු මාර්ග බාධක නිපදවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ සිටින නාවුක හමුදා අනු ඛණ්ඩයක් මගිනි.

එසේ නම් ඒවා පොලිසියට දුන්නේ කවුද කාගේ ඕඩර්ස් පිටද යන්නට කඩේ යන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හෙළිදරව් කළ යුතුය.

Spread the love

Leave a Comment

You may also like