ගාලු මුවදොර පිටිය නොනිදන නගරයක් බවට පත් වී තිබේ.එහි උණුහුම් වී ඇත්තේ තරුණ හදවත්ය.ඒ උණුහුමට එරෙහිව බොහෝ නින්දා අපවාද සාවද්‍ය ප්‍රචාර කෙළවරක් නැත.එහෙත් ඒ අරගලයට ඇදී එන තාරුණ්‍යය වැලැක්වීමට ජරාපස්ස පට්ටියේ මී වස්සන්ට නොහැකි වන බව කැට තියා පවසන්නට හැක.අදට වඩා හෙට එහි තරුණ හදවත් පිපෙන බව නිසැකය.
අලුත් අවුරුද්ද උදාවත් සමග සටන් බිම යම්තරමකට නිහඬ වෙන්නට ඉඩ ඇත.එහෙත් අවුරුද්දෙන් පසුව යලි එය ඇවිලෙනු ඇත්තේ මීටත් වඩා තුන් හතර ගුණයකින් බව හිතා ගන්නට පුළුවන.
දැන් ඒ අරගල භූමිය තුළ නිර්මාණශීලී විරෝධතා ප්‍රකාශනයන් සමාජ ගත කෙරේ.මිල්ටෙරි නන්දසේන විසින් විරෝධතා කරුවන් සඳහා වෙන් කල බිම් කොටසේ තරුණ අරගල කරුවන් යෝද නාම පූවරුවක් සවි කර ඇත්තේ ගෝඨා ගෝ ගම යනුවෙන් සදහන් කරමිනි.මේ වන විට මෙරට ප්‍රසිද්ධ වෙළඳ ආයතන පවා විවිධ උපකාර කරමින් තරුණ අරගලයට සහයෝගය දක්වමින් පවතී.මෙරට ප්‍රසිද්ධ සමාගමක් මගින් වැසිකිලි පද්ධතියක් එහි සවිකර දීමට කටයුතු කර ඇත.
එම ජවසම්පන්න තරුණයන්ට අපහාස කරන ජරාපස්ස පට්ටියේ මඩ බලකායේ
කනවැද්දුම් ගැහැණු සහ චීත්ත පිරිමි රොත්තකගේ ප්‍රකාශන විටින් විට මුහුණු පොතෙහි දකින්නට තිබේ.මෙහි ඇත්තේ ගාලු මුව දොර රැඳී සිටින තරුණ තරුණියන් අසැබි ලෙස හැසිරෙන බවට අපහාස කරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික අම්මණ්ඩියක සිය මුහුණු පොතේ ගිණුමේ පල කර තිබූ පෝස්ටුවකි. මේ අම්මණ්ඩිය නම් මවුබිම තුළ සිද්ධ වී ඇති විනාශය ගැන මෙලෝ හසරක් නොදන්නා බව හැඟේ.
එසේත් නැතිනම් ජරාපස්ස පවුලේ එකෙකුගෙන් සල්ලං වූ එකියකි.වෙන රෙකමදාරු අවශ්‍ය නැත.අනික උපත් පාලන උපකරණ ගාලු මුව දොර පිටියේ විසිරී තිබුණේ යැයි දැක්වෙන ඡායාරූපයකි.මෙම ඡායාරූපය ගාලු මුව දොර හා කිසිදු සම්බන්ධයක් නැති අන්තර්ජාලයේ පල කර තිබූ සිදුවීමක උපුටනයකි.ජරාපස්ස පට්ටියේ මී වස්සන් හදන්නේ මොනවා කුණු ගොඩක් අතෑර මේ අරගලය පීචං කරන්ටය.එහෙත් එය මෙලෝ සම්මයකට සිද්ධ නොවෙන කාරණයකි.