තිඹිරිගස්යාය අධි ආරක්‍ෂිත කලාපයේ බිලියන ගණනක් වටිනා දෙපලක පිහිටා ඇති පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන්ගේ භෝජනාගාරය (Senior Officers Mess ) අදවෙනවිට ගණිකා මඩමකි.
පසුගිය කාලයේ බස්නාහිර පලාට බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට ඔහුගේ ධුර කාල සීමාව තුලම නැවතී සිටියේ එහි වායුසමනය කරන ලද උඩ තට්ටුවේ පිහිටි කාමරයකය. ඔහු රස කෑම සමග මාසෙකට රු.19,000/=කි. මෙහි කාමර අලෙවි වන්නේ ඉතා සුළු මුදලකටය. ලංකාවේ සුප්‍රකට දේශීය විදේශීය ගණිකාවන් පවා මෙහි පැමිණ පොලිසියේ පහත් වැඩ කරන උසස් නිලධාරින් සමග කා බී ප්‍රීති වී ඔවුන්ගේ බිලද ගෙවා යනවාය.
වැඩකරන එවුන් ඊට අන්තය. වැඩකරන කම්කරුවා සිට ස්ටුවර්ඩ් දක්වාම බලන්නේ උසස් නිලධාරීන්ට වැඩිපුර අරක්කු ටිකක් වක්කර ඉස්සෝ දැල්ලෝ තෝර මාළු බයිට් ප්ලේට් එකක් නොමිලේ හෝ බිල අඩුවෙන් දමා ඔවුන්ද පොලිසියේ පත්වීමක් ලබාගන්නය. මෙහි වැඩ කරන ලද අරක්කු පෙරාපු බඩු සප්ලයි කරපු කකුල් මසාජ් කරපු ස්ටුවර්ඩ් කෙනෙක් දැන් SSP කෙනෙකි. මෙහි ඇතුල්වීම පිටවීම පිළිබඳවත් ආගන්තුකයන් පිළිබඳවත් කිසිම පොතක විස්තරයක් නොමැත.
ප්‍රසිද්ධ ගණිකාවක් තම ස්මාර්ට් ෆෝන් එකෙන් නියෝජ්‍ය පොලිස්පතිකෙනෙක් සමග ලිංගිකව සප්පායම් වීඩියෝ දර්ශනයක්ද අපවෙත ලැබී ඇත. ඒ අතරතුර ඔහුට ඇමති කෙනෙක්ගේ පුතෙක් සමග කරන දුෂිත සංවාදයක්ද එහි පටිගතවී ඇත.
පොලිසියේ ලොක්කන්ට ලිංගිකව සප්පායම් වීමට එහි මෙවැනි වායු සමනය කරන ලද සුඛෝපබෝගී කාමර කිහිපයක්ම ඇත. සමහර ගණිකාවන් එම කටයුත්ත කර යනවිට හොඳ ඉස්සෝ සහ දැල්ලෝ වැනි ඩෙවල් බයිට් එකක්ද කුණු කොල්ලෙට ටේක් අ වේ අරගෙන යති.
පසුගිය දවසක ගණිකාවක් ගෙනා ත්‍රී වීල් රියදුරු මහතෙකුද හොඳ හැටි බීලා IG ගේ lounge එකේ කබරයත් දාලා ගොස් තිබුණි. ඔන්න ඕකයි පොලිස් මේස් එකේ තත්වය.
මේ තැන් නඩත්තු කරනුයේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. මේවා අපේ සල්ලිය. අද පොලිස් දෙපාර්තුමෙන්තුව දඩාවතේ යන සංවිධානයක් වී හමාරය. හැබැයි මේ ගැන ආඬි හත්දෙනාගේ මොල 7 ම තියෙන බැරිසිල්ට මේ ගැන ආරංචි වුනොත් අම්මපා මේ මේස් එක සහ ඉඩම විදේශ කොම්පැනියකට විකුනලා හොඳ ගානක් හොයාගන්නවා
මෙහි වැඩිම බිස්නස් තියෙන්නේ පෝය දවසටය. එදාට ASP ලා SP ලා, SSP ලා, DIG ලා SDIG ලා පවා හොම්බෙන් යන්න ගහලා ලිංගික සප්පායම කුත් වෙලා තමයි යන්නේ කියා එහි වැඩකරන ස්ටුවර්ඩ් කෙනෙක්ම අප සමග කියා ඇත.
සමහර කුඩු මුදලාලිලා මොවුන්ගේ ප්‍රොමෝෂන් පාර්ටි දාන්නේ වෙනත් හෝටල් වලය. 2021 ඔක්තෝබර් 13 වෙනි දින කොම්පඤ්ඤ වීදියේ නිපොන් හෝටලයේ පොලිස් බෑන්ඩ් එක පවා වාදනය කරමින් සින්දු කියමින් 50ක් වැනි පොලිස් නිලධාරින් පිරිසක් පාර්ටි එකක් දැම්මේ නිරෝධායනය නීතිද කඩ කරමිනි. එහි වීඩියෝ එකක්ද ආ ගිය නිලධාරීන්ගේ වාහන නවතා තියෙන දර්ශනද අප සතුව ඇත.
මෙවැනි නින්දිත නිලධාරි නිසා සමස්ත පොලිස් නිලධාරීන් ම ජනතාව අතර දෙනෙක් පිලිකුලට පත්ව ඇත.මේ වන විට පොලිස්පතිවරයා තනිකරම රූකඩයක් වී ඇති අතරම අද පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙයවන්නෙ කළු පුතා සහ සුදු පුතාය.