|
මුළු රටම කපෝතිය.හැම අතින්ම ඇහැන්නේ අදෝනාය.කුරෝළු වී ඇති සෞභාග්‍යයේ දැක්ම ජනතාවට විඳ දරා ගන්නට බැරි තරමේය.එහෙත් තවමත් රාජපක්ෂ තක්කඩියන් රට ගොඩ දානවායැයි සිතාගෙන සිටින වහල්ලු නැතුවා නොවේ.මේ වන විට රට පාලනය කරන්නේ වීරවංශ ගේ කැටයම් වචන වලින් කියනවානම් “අවලස්සනඇමරිකානුවාය “.නැතහොත් බැසිල් රාජපක්ෂය.
ජාතියේ පංචායුදය විදියට මෙරට දේශපාලනයේ කරණම් ගැසූ වීරවංශට හා උණු වතුරත් නිවලා බොන ජාතියේ අන්ඩපාලයකු වන ගම්මන්පිලට එළියට විසි වෙන්නට කික් එක දුන්නේ මේ අවලස්සන ඇමරිකානුවාය. තක්කඩි රාජපක්ෂ වරුන්ට රෙදි නැතිව කඩේ ගිය මෙවුන් දෙදෙනා ගේ කැරැට්ටුව අජරාමරය.කුණු ගඳ ගසන මේ චරිත වලට නැවත මෙරට දේශපාලන බිම තුළ කරණම් ගසන්නට ඉඩ නොදිය යුතුය.මේ මොහොත වන විට මේ නොසඩාලයන් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරමින් සිටී.
එහෙත් මේ වාහෙලා ගැන සමාජයට ඇත්තේ සැකයකි.ඒ මේ දෙදෙනා රඟපෑමක් කරමින් සිටින බව ජනතාව සිතා සිටින නිසාය.මිල්ටෙරි නන්දසේන යනු දේශපාලනයේ අ යන්නවත් නොදන්නා අබ්බ ගොබ්බයෙකි.මේ ගොබ්බයා කර තියගෙන රට වටේ ගිය වීරවංශ හා ගම්මන්පිල අද මුහුණ දී සිටින්නේ රාජපක්ෂ තක්කඩියන්ගේ සැබෑ කෙරුවාවටය.රාජක්පක්ෂ වරුන් ගේ පවුල ගොඩ නැගී ඇත්තේ ශක්තිමත් ලේ බැම්මක පාදමකය.මොවුන් අතරේ පවතින අසමගිකම් පිළිබඳව විවිධ කයි කතන්දර සමාජය පුරා පැතිරී ගියද අවසාන විග්රහයේදී රාජපක්ෂවරු වෙන් කළ නොහැකි ආකරෙයෙන් බැඳී සිටින තක්කඩි පාදඩ හොර දෙටු රැළකි.
මෙරට සමස්ත සමාජයම අද මුහුණ දී ඇත්තේ මේ හොර දෙටු රැළ සංවිධානාත්මකව ගෙන යන පාහර පාලනයටය.රාජපක්ෂලා කවර ආකාරයේ ලෝකෝත්තර තක්කඩියන්ද යන්න වටහා ගත හැක්කේ මිල්ටෙරි නන්දසේන මෙරට ජනපති පදවියට පත් වූ පසු කෙරුවාව තක්සේරු කිරීමෙනි.
ජනපති පදවියට පතා වූ විගසම ජනතාවගෙන් 2/3 බලයක් ඉල්ලා සිටින ලදී.ජනතාව මාරම සතුටින් ඔහුට කතිරය ගසා පාර්ලිමේන්තුව 2/3 බලයෙන් පුරවන ලදී ඊළඟට මේ ලෝකෝත්තරයා 19 වන ව්‍යවස්තා සංශෝධනය කුණු කූඩයට දමා 20 සම්මත කරවා ගත්තේය.එහෙත් රට දැන් ඇත්තේ වල පල්ලේය.මිල්ටෙරි නන්දසේන කයිවාරු කෙලියත් රටේ ජනතාව ඔහු ගැන සිතන්නේ මානසික ආබාධිතයෙක් විදියටය.
පසුගියදා වීරවංශ ලංකාදීපයට කියා තිබුණේ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂගේ ආධිපත්‍යයට යටවී ඇති බවය.බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන විට බාල්දු කුක්කන් ලෙස සිටි වීරවංශ ගම්මන්පිල දෙබාන දැන් වීරයන් විදියට අඹ ටෝක් දෙන්නේ සිය පැවැත්ම තහවුරු කර ගැනීමට බව අපට සිතා ගත හැකිය.නමුත් පහුගිය දවසක විමලයා ප්‍රකාශ කළ එක කාරණයක් ගැන අපට එකග විය හැක.නැවත මේ රටේ නායකත්වයට උඩරට පහත රට ප්‍රභූ පැලැන්ති නියෝජනයක් ගෙන ඒමට අපට කිසිම අදහසක් නැත යන්න ඒ ප්‍රකාශයයි.
කෙසේවෙතත් මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව අමුතුම ගේමකට සෙට් වී ඇති බව අපට දැන ගැන්මට ලැබී තිබේ.ඒ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය නැවත උඩට උස්සා දෙමළ ඩයස්පෝරාව හරහා මෙරට විදේශ විනිමය ගැටළුව විසදා ගැනීමය.මේ තක්කඩියන් දැන් හදන්නේ දෙමළ ජනතාව අළුත් වටයකින් මුලා කර ඩොලර් මංකොල්ලයකටය.ජේ.ආර් පන්නයේ කළගෙඩි ලාම්පු මාදිලියේ ජනමත විචාරණයකට යාමද රාජපක්ෂ වරුන්ගේ අදහස වී ඇත.සියල්ල දැන් කුමන්ත්‍රණ කාරීව සැළසුම් කර තිබේ.ජාතිය ආගම උකසට තබා තවදුරටත් බලය රැක ගත නොහැකි බවට රාජපක්ෂ තක්කඩියන් ගනන් හදා ගෙන සිටින බව පෙනී යයි.මේ අළුත් තුරුම්බුව අතට ගෙන ඇත්තේ ඒ නිසාය.
දෙමළ ඩයස්පෝරාව මේ හොර දෙටු රැළට රැවටී පස්ස බිම ඇණ ගන්නා බව නම් අපට කැට තියා කියන්නට පුළුවන.ඒ නිසා මුන්දැලා සමග ගනුදෙනු කරන ඕනෑම සංවිධානයක් පළමුවෙන් කළ යුත්තේ මුන්ගේ තක්කඩි කම් ගැන හැදෑරීමය.දැන් මෙි හොර දෙටු වන්ට අවශ්‍ය වී ඇත්තේ තම පවුලේ බලය කෙසේ හෝ රැක ගැනීමය.රටේ ජනතාව වල පල්ලට ගියද උන්ට ඇති රුදාවක් නැත.
ජනතාව සංවිධානාත්මකව එක පොදියට නැගී සිට මේ පාහර තක්කඩියන් රැළ එළවා දැමීමට කටයුතු නොකළහොත් රට ජාතිය ආගම පමණක් නොව සිංහල නාමයද මේ ධරණී තලයෙන් කුජීත වී යන බව නම් සහතිකය.
|
|
රාජපක්ෂ තක්කඩියන් අළුත් තුරුම්බුවක් පිටියට දමන්නට සූදානමිනි ප්‍රවේශම් වෙයල්ලා.