පසුගිය සතියේ ලොහාන් රත්වත්ත යුද ප්‍රකාශ කිරීමෙන් පසු නන්දසේන මුත්තා සහ මහින්දමුත්තාට සුළුදිය පහවී ඇත. ඔවුන් දෙදෙනාම බියවී වහාම දුරකථන සාකච්චාවක් කර වහාම ලොහාන්ට උසස් ඇමැතිකමක් දිය යුතු බවට තීරණයකට එළඹ ඇත.
වීරවන්ෂලා, ගම්මන්පිලලා සල්ලි ටිකක් දුන්න ගමන් ගන්න පුළුවන් වුනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ගරු කරන රත්වත්තලා සල්ලි වලට යටවෙන්නේ නැති බව අවබෝධකරගත් නන්දසේන කපන්න බැරි අත ඉඹින්න එපාය කියා සිතා මේ තීරණයට එළඹ ඇත. මේකා නැතිකරගත්තොත් ඉතින් පොහොට්ටුවට අමුඩෙත් දාලා තමයි යන්න වෙන්නේ කියලා කැබිනට් අමෙතිවරු කිහිපදෙනෙක්ම ලඟදි කතාවෙලා තියෙනවා. රත්වත්තලා කියන්නේ ලෙහෙසි පහසු බඩු නෙමෙයි. අනෙක ඕකා ඉලක්කෙට වෙඩිතියන්න ඉතා දක්ෂ වෙඩික්කාරයෙක්. මු ළඟ තියෙන්නෙත් ලෝකේ තියෙන හොඳම පිස්තෝල සහ ගැජට් බැජට්. මහින්දානන්දගේ පාතාලේ සරම් කාරයෝ කඩු කිනිසි අරගෙන යන එවුන් වගේ නෙමෙයි තිබ්බොත් ඉලක්කෙටම තමයි.
පසුගිය ඡන්දෙ කාලේ මු මහින්ද මුත්තට ගම්පොල ඡන්ද රැස්වීමකට යන්න හදනකොට ජීවිත තර්ජන නිසා මු ළඟ තිබුන ලෝකයේම අනර්ගතම වෙඩි නොවදින Diamond Armor ලෙවෙල් III බුලට් ප්රූෆ් ජැකට් එකක් පවා තෑගි කර ඇත. ජනාධිපති ආරක්ෂක අංශයටවත් නැති ඇමෙරිකාවේ ජනාධිපති අඳින එම සැහැල්ලු වෙඩි නොවදින කෝටි ගණනක් වටිනා ජැකට් එක මේකා කොහොම කොහෙන් ගෙන්නා ගත්තාද කියා දන්නේ දෙවියෝ විතරයි කියලා මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් පවා මහින්දට කියලා තියෙනවා. අපිටවත් නැති සුවිස් ආමි බඩු මු කොහම ගෙන්නගන්නවද කියලා මහින්දත් දවසක් කියලා තියෙනවා.
අනෙක මහින්ද යන යන තැන ඒ ජැකට් එක දැනුත් ඇඳගෙන යනවාය. ඒ නිසා කවදා හෝ බලය නැතිවූ දාට ලොහාන් වගේ එකෙක් ආයෙත් බොඩි ගාර්ඩ් වැඩේට බය නැතිව තියාගන්න වෙනවාය. දෙවැනි කරුණ නාමල් නාම්බගේ දේශපාලන ජීවිතය රැඳී තියෙන්නේද ලොහාන් අතේය. වරක් මධ්‍යම පළාතේ වැඩිම මනාප ගත්තේද ලොහාන්ය. සිංහල බෞද්ධකම මාර්කට් කරන්න නම් සිංහල බෞද්ධ උඩරට කොල්ලෙක් වන ලොහාන් නැතිවම බැරිය. චන්ද්‍රිකාද අනුරුද්ධ ව තියාගෙන හිටියේ උඩරට ඡන්ද නිසාය. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රත්වත්ටෙලට තියෙන ගරුකිරීම ලොහාන්ගේ හැසිරීම නිසා ටිකක් හරි අඩුවුනත් තවමත් ගරුකිරීමක් ඇත. අනෙක ඕකා කණමදයා වගේ බීලා ගැනු පස්සේ ගියාට අද වනතුරුත් සත පහක්වත් හොරකම් කරලා නැහැ හොරකම් කරන්න දෙන්නෙත් නැහැ. (සොරකම නීතියෙන් අවසර තියෙන්නේ රාජපක්ෂ කාරයන්ට සහ පොලිසියේ උසස් නිලධාරීන්ට පමණය) නිකමට හරි ලොහාන් ශ්‍රී ලංකා එක පැත්තට ගියොත් වැල ඔපන්ය.
පොහොට්ටුවට ඇපත් නැතය කියන කාරණය සලකා බලා බිලා දියේ ගිලිලා හරි මැරියන් කියලා තමයි ඔය අමාත්‍යාංශය දීලා තියෙන්නේ. කෙසේ වෙතත් ලොහාන්ගේ සිකුරිටි එකේ ඉන්න හෙන්චයියලානම් දැනටමත් තුශාරයව නාමල්ව එළවලා කියා අපහට අරලියගහ මන්දිර වාර්තාකරු පවසා ඇත. අපි ලොහාන්ට සුබ පතනවා.