රට බරපතළ ආර්ථික අවපාතයකට ගොදුරු වෙමින් පවතී.මේ වන විට රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කම හා ඒවයේ මිල අධිකවීම සම්බන්ධයෙන් වාර්තා වේ.කිරිපිටි හා ගෑස් ලබා ගැනීමට මේ වන විට නගර වල පවතින පෝලිම් සුළභ දර්ශනයක් වී තිබේ.මේ දුෂ්කර ආර්ථික වටපිටාව තුළ අපගේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන1.6කි.ඉන් රත්තරන් සංචිතය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් අයින් කළ විට ද්‍රවශීලී විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් වේ. 2022වර්ෂයේ ආනයන පරිමාව හා එය සසඳා බැලුවහොත් මෙම සංචිතය ආනයනය සඳහා ප්‍රමාණවත් වන්නේ සති දෙකකටය.අපේ ශුද්ධ විදේශ විනිමය ඇත්තේ රින මට්ටමකය.
ඉන්ධන හා විදුලිය මෙරට කොඳුනාරටි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ
අපගේ විදේශ වත්කම් අහිමිවීම තුළ ඉන්ධන හා විදුලිය සමාජයට අහිමි වීම යනු මෙරට බරපතල ඉරණමකට ගොදුරු වීමය.හෙට දවසේ මෙරට මෙවැනි අවාසනාවන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතිද්දී ඒ තත්වය තඹ දොයිතුවකට නොසළකා මහ බැංකු අධිපති කබ්රාල් ගේ විසින් සිදු කළ ඇති නොසන්ඩාල කෙරුවාවක් ගැන අපට දැනගැන්මට ලැබී තිබේ.
ඒ මේ නොසන්ඩාලයා සිය පෞද්ගලික මුල්‍යමය වටිනාකම තහවුරු කර ගැනීමට තක්කඩි ක්‍රියාවක නිරත වීම සම්බන්ධයෙනි.මහ බැංකුවේ හිටපු අධිපති වරුන්ටත් හිමි වන ආකාරයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කර ගනිමින් ඒ සඳහා හිඟ වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ හැත්තෑවක් සම්මත කර ගැනීමට මේ තක්කඩි මහ බැංකු අධිපතිවරයා කිසිදු හිරිකිතයක් නැතුවම කටයුතු කර තිබේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකු විශ්‍රාම වැටුපකට හිමි කම් කියා පෑමට රාජ්‍ය සේවයේ අවම වශයෙන් අවුරුදු දහයක සේවා කාලයක් සපුරාලිය යුතුය.කබ්රාල් නම් තක්කඩි කබ්බා ස්ථාපිත කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා මහ බැංකුවේ අවුරුදු දෙකක් සේවය කළ හිටපු මහ බැංකු අධිපති මහචාර්ය ලක්ෂමන්ද මෙම විශ්‍රාම වැටුප ලැබෙනු ඇත.
1998 වර්ෂයේ සිට මේ දක්වා මහ බැංකු අධිපති ධූරය දැරූ කිසිවකුට විශ්‍රාම වැටුප් සඳහා නෛතිකව හිමිකමක් නොතිබුණි.එපමනක්ද නොවේ මේ තක්කඩි කබ්රාල් තමන්ටවිශ්රාමවැටුපක්ලබාගැනීමපමනක්නොවවැටුපදවැඩිකරගෙනතිබේ.තක්කඩිකබිරාල්නොසන්ඩාලයාට පෙර මහ බැංකුවේ අධිපති ලෙස කටයතු කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ මාසික වැටුප රුපියල් එක් ලක්ෂ පන්දහසකි.
තක්කඩි කබ්බා එය රුපියල් ලක්ෂ හතර දක්වා වැඩි කරගෙන තිබේ.මෙය සියයට එක සිය හැට හයක (160% ) වැටුප් වැඩිවීමකි.මේකාගේ විශ්‍රාම වැටුප ගණනය කරනු ඇත්තේ නව වැටුප් වැඩිවීමට පදනම් කර ගෙනය.තමන්ගේ අතේ හැන්ද තියෙනවානම් තමන්ගේ රිස්ස යන විදියට බෙදා ගත්තාට කමක් නැතියැයි කබ්රාල් නොසන්ඩාලයා කල්පනා කර ඇති බව පෙනී යයි.කාලකණ්නි රාජපක්ෂලාද කබිරාල් නොසන්ඩාලයා ගේ අනීතික කෙරුවාවට එරෙහිව කටේ කෙල බිඳක් හෙළන්නේ නැත.ඒ මන්ද යත් මේ දෙපාර්ශවයම එකම මල්ලේ කුඩු කන වුන් නිසාය.
පසුගිය කාලයේ ගුරුවරුන් මහ පාරට බැස හර්තාල් කෙරුවේ සොච්චමි වැටුප් වැඩිවීමක් ඉල්ලාය.ඒ සඳහා ගුරුවරුන් හට මාස ගණනක් මහ පාරේ බඩ ගාන්නට සිදු විය.අනේකවිධ කෙණෙහිලිකම් වලට මුහුණ දෙන්නට සිදුවිය.ඔවුන් වෙත එල්ල වූ නින්දා අපහාස කෙළවරක් නැත.
එහෙත් නොසන්ඩාල මහ බැංකු අධිපති වරයා කිසිම අවුලක් නැතුව ආතල් එකේ සිය වැටුප වැඩි කර ගනී.රට මෙතරම් ඛේදවාචකයකට ගොදුරුව තිබියදී තමන්ගේ මඩිය පුරවාගන්නා මෙවැනි පාහරයන් ජනතාවට පටි තද කරගන්නා ලෙසට ප්‍රකාශ නිකුත් කරමින් සිටී .ඒ මේ තක්කඩියන් ගේ ලැජ්ජා නහර සංවේදී නැති නිසා බව අපේ අදහසයි.