උණුසුම් පුවත්

අහක ඉන්නා නයි ජොකා අස්සේ දාගන්නා මිල්ටෙරි නන්දසේන.

Spread the love

මිල්ටරි නන්දසේන ගේ ආණ්ඩුව දැන් අංජබජල් වෙලාය.එහි කෙරුවාව ඩයිවරයෙක් නැති වාහනයක් ගානටවැටිලාය.ගෙවී ගිය කාලයේදී ආණ්ඩුවේ වැඩ කටයුතු දිහා බලන විට කියන්නට ඇත්තේ ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියලා විතරමය.මේ මොනවා වුනත් මිල්ටෙරි නන්දසේන හා තක්කඩි රාජපක්ෂ පවුල මේ සම්මෙකට බලය අතාරින්නේ නැති බව අපට කැට තියා කියන්නට පුළුවන.මේ වන විට ⁣රටේ ජනතාව පාරට බැස ඇත්තේ අප කන හැටි ලිපා දනී යැයි විලාප තියමිනි.එක අතක⁣ට බලන විට මේ මහජන විරෝධතාවන් තක්කඩි රාජපක්ෂ වරුන්ට වෙස් වලාගත් ආශීර්වාදයක් වෙලා ඇති යැයි අපට සිතේ.දැන් වැඩියෙන්ම මහජන විරෝධයක් මතුවී පෙනෙන්නේ ගොවිබිම් වලය.ඒ විරෝධතාව ගැන රටේ අවධානය යොමු වෙද්දී  රාජපක්ෂවරු යුගදනව් බලාගාරය කඩි මුඩියේ ඇමරිකාවට උකස් කරන ලදී. ඒ උකස් කිරීම ගැන කිසිම විරෝධතාවක් මේ මහ පොළොවෙන් මතු වූයේද නැත.තැනින් තැන හුදකලා විරෝධයන් පැවතීම මේ තක්කඩියන්ට විශාල වාසියක් බව අප සඳහන් කෙරුවේ ඒ නිසාය.ජනමාධ්‍ය වලින් වැඩි බර තබා අනාවරණය කරන්නේ ගොවි බිම්වල විරෝධතාවන් මිස මිල්ටෙරි නන්දසේන රහසේ සිඳු කරමින් තිබෙන බරපතල කොමිස් ගැහිලි සහිත ⁣කයිරාටික ගනුදෙනු ගැන නොවේ.

මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවට එරෙහිව හරි හමන් දේශපාලන ඉලක්කයකට සටන් කරනවා නම් ගොවියන් ගුරුවරයන් ශිෂ්‍යයන් ලිපිකරුවන් වෘත්තිකයන් එකට එකතු වී  සටන ඇරඹිය යුතුය.එහෙත් අද නොවන්නේද එයයි.හොම්බ බිම ඇනුනාට මිල්ටරි නන්ද සේන බලය අතාරින්නේ නැත්තේ එය එසේ වුන හොත් රාජපක්ෂ පවුලේ බාගයකට විතර ලගින්⁣න වෙන්නේ වැලිකඩ චැපල් වාට්ටුවේ බව ගැන වැටහීමක් තිබෙන නිසාය.⁣ඒ මන්ද යත් යහපාලන ආණ්ඩුව කාල⁣යේදී වාගේ ඩීල් දාන්නට ⁣ කොලේ වසා ගහන්නට හා දේශප්‍රේමී තුරුම්බු පිටියට දාන්නට පවතින ඉඩකඩ දැන් බොහෝ දුරට සීමා වී ඇති නිසාය.අනාගතය ඩේසි ආච්චිගේ මැණික් මල්ල වාගේ සුරංඟනා කතා පොත් සාක්කි කූඩුවේ සිට කියවන්නට ඉඩක් නැති කාල සීමාවක් විය හැකිය

රාජපක්ෂ වහලුන් හා දූෂිත ජාවාරම්කාර නොසන්ඩාලයන් හැරුන විට බොහෝ මිනිසුන් ගේ ප්‍රාර්ථනය හොරකම දූෂණය වංචාව නැති නිදහසේ සාමයෙන් ජීවත්විය හැකි රටකි.
මිල්ටෙරි නන්දසේන තක්කඩි රාජපක්ෂ වරු ලේසියෙන් බලය අත හරින්නට සූදානම් නැති බව අපි මෙහි මුලදී සඳහන් කරන ලදී.ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි අප සතුව පවතී.ඔවුන් ඉදිරියේදී මිල්ටෙරි ආධිපත්‍යයක් රට පුරා මුදා හැරීමට සැළසුම් කර තිබේ.තක්කඩි රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කන් ලෙස සිටින හමුදා ජනරාල්වරු කිහිප ⁣දෙනෙකු යොදවා ගනිමින් රාජ්‍ය පරිපාලනය තුල මිල්ටෙරි බලය පැතිරවීමය.එය මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන සේ හැඟීයන අළුත් පිටපතක භාවිතාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත්තේය. මෑතකදී ආරක්ෂක ලේකම්කමල් හොඳින් හෝ නරකින් ආණ්ඩුව ගෙන යන බව කියා ඇත්තේ මේ සැළසුම නිසා බව අපට සිතා ගත හැකිය.මේ සැළසුමට අනුව ගොබ්බ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අගමැති පුටුවේ වාඩි කරන්ටත් බැරි නැත.ශවේන්ද්‍ර සිල්වා යනු තඩි ඇඟපතක් ඇති⁣ මොළය කළඳක් නැති  ජනරාල් තරු ඔටුනු පෙන්වමින් සමාජ මනස තුල අරක්ගත් පුස්සෙකි. රාජපක්ෂ පවුලට දර දිය අදිමින් සිය අඹුව සමග හමුදාව යොදා  ගනිමින් ජාවාරම් වල නිරත මේ පුස්සා අගමැති තනතුරට පත් වුන හොත්  මිල්ටෙරි නන්දසේන⁣ට එහා ගිය ළඳ බොළඳ  සංදර්ශන පෙන්වනු ඇත.
දැන් රජයේ බුද්ධි අංශ වලට ලැබෙන උපදෙස්වල ඇත්තේ ආණ්ඩුව⁣ට එරෙහි දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ  අලගිය මුල ගිය තැන් සොයන ලෙසටය.දැන් රටේ ආරක්ෂාව ගැන බුද්ධි තොරතුරු හොයනවාට වඩා ඔවුන්ට සිද්ධ වී ඇත්තේ රාජපක්ෂ තක්කඩි පවුල ආරක්ෂා කර ගන්නා විදිය ගැන හොයන්ටය.පසුගිය දවසක ශෂේන්ද්‍ර රාජපක්ෂ නම් පුබ්බරුවා රැස්වීමකදී ප්‍රකාශ කරන ලද්දේ කෘෂිකර්මය ගැන කතා කරන අයවළුන් ගැන සොයන්නට සීඅයිඩීයට උපදෙස් දී ඇති බවය.⁣මේ ගොබ්බ මෝලා කෘෂිකර්මය ගැන කතා කරන අයවළුන් ලෙස එහිදී හදුන්වන ලද්දේ  මෙරට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන පරිසර වේදීන් බව අපට විශ්වාසය.
මේ රාජපක්ෂ තක්කඩියා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වශයෙන් කටයුතු කරන අවධියේ එහි තිබූ රත්තරන් ⁣සොරා ගෙන ඒ වෙනුවට මාත්තු රත්තරන් භාණ්ඩ සකසා ඒවා එහි තියා කතරගම දෙවියන් පවා මුලා කළ  නාග සලං සොරෙකි.කෙසේ වෙතත් අද වන විට රටේ බුද්ධි අංශ ක්‍රියා කරමින් තිබෙන ආකාරය මේ ගොබ්බයාගේ ප්‍රකාශයෙන් අපට සිතා ගත හැක්කේය.කෙසේවෙතත් මේ සටහන් ලියන අප ගැන සොයන්නට  බුද්ධි  අංශ යොදවා ඇති බවත් අපි දනිමු.ඒ ගැන නම් අපට කියන්නට ඇත්තේ අනේ පව් කියා විතරමය.ඒ සඳහා ඕනෑ නම් ලන්ඩන් නුවරට එන ලෙසට අපි බුද්ධි සලේට ආරාධනා කරමු.එහෙමත් නැතිනම් අප කන බොන රෙන හැටි පටිගත කොට එවන්නටද පුළුවන.

රාජපක්ෂ තක්කඩියන් විසින් දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ කොඳු නාරටිය කඩා අංශ භාග රෝගියෙක් බවට පත් කර ඇත.දැන් පොලිස් කාරයා  යනු රාජපක්ෂවරු ඉජුක්….. ඉජුක්……. කී විට වල්ගය වනන බයාදු නිවට  සුනඛයෙකි.

අධිකරණය ඊට එහා ගොහිනි.අධිකරණයේ නඩු අහන හාමුලා  වැඩි පිරිසක් රාජකාරි ⁣කාලයෙන් පසු රාජපක්ෂ බංගලාවේ වැසිකිලි සෝදන එවුන්ය.නඩුකාර නෝනා හාමුලා රාජපක්ෂ වරුන්ගේ හා උන්ගේ කූට්ටාලියන්ගේ නිදි යහනේ සුරතලියන්ය.

අතීතයේදී අළුත්කඩේ පැවැති ස්වාධීනත්වය ගැන කල්පනා අපට අද ඒ ගැන කියන්නට ඇත්තේ තුක් නොදකින් කියාය.මේ විදියට රාජපක්ෂ කාලකන්නියන්ට වහලුන්වී ඔවුන්ගේ වාසියට නඩු අහන  හාමුලා හා නෝනා හාමුලාගේ නිවට නියාලු පිම්පි කෙරුවාව ගැන උන් ජාතක කළ දෙමව්පියන්ට හා උන්ගේ දුවා දරුවන්ට ලැජ්ජාවක් හිරිකිතයක් ඇති නොවීම හරි පුදුමයකි.

ඇත්තටම එහෙමනම් සිදුවිය යුතු වන්නේ අනේ දුවේ පුතේ අනේ අම්මේ තාත්තේ ඔහොම ලැජ්ජා නැති විදියට තීන්දු තීරණ දෙන්න යන්න එපා අපට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන එක නැති කරන්න එපාය කියා නඩුකාර බංගලාවෙන්ම විරෝධයක් මතු විය යුතුමය.රාජපක්ෂ වරුන්ගේ වහළුන් ලෙස පරිවර්තනය වී සිටින බොහෝ විනිසුරු විනිසුරුවරියන් ගේ දුවා දරුවන් විදේශ රටවල අධ්‍යාපනය හදාරමින් සිටින බව අපි දනිමු. මෙය කියවන ඒ එවුන් එකෙක් හෝ දෙන්නෙක් හෝ තමන්ගේ විනිසුරු අම්මා අප්පාගේ මේ ජඩ අසික්කිත හැසිරීම නැවැත්වීමට උපදෙස් දෙන්නේනම් එය මහත් ඵළ මහත් ආනිශංස දෙන පුන්‍ය කර්මයක් වනු ඇත්තේය.
සැබැවින්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අනාවරණය කරන ලද්දේ මෙරට අධිකරණයේ එම විකෘති හැසිරීම පිළිබඳවය.රන්ජන් රාමනායක එළියේ සිටියොත් තමන්⁣ගේ රෙදි ගැලවෙන බව අළුත්කඩේ නඩු අහන බොහෝ එවුන් තිගැස්මකට ලක් වී සිටියහ.රන්ජන් රාමනායකට සිර දඬුවම් දුන්නේ ඒ නිසා බව අපි වගකීමෙන් සඳහන් කරමු.
නමුත් අප මේ නඩුකාර කාලකණ්නියන් හා රාජපක්ෂ වරුන් හා තිබෙන ගණුදෙනු සම්බන්ධතා  දුරකතන ඇමතුම් වාර්තා සමගම සමාජගත කිරීමට සූදානමින් සිටිමු.රන්ජන් රාමනායක හිරේ දැම්මාට අපි හිරේ දාන්නට මේ කාලකන්නි පිම්පියන්ට නොහැකි බවද අවධාරනය කරමු.තවමත් අධිකරණයේ ගෞරවණීය බව ආරක්ෂා කරන දෙවිවරුන් බඳු විනිසුරු  විනිසුරුවරියන් සිටින බවද ඔවුන් වෙත කෙරෙන ඇගයීමක් ලෙස මෙහි සටහන් කැමතිය.
තක්කඩි රාජපක්ෂවරු අළුත්කඩේ නඩුකාර පිම්පියන් හා නීතිපති කාර්යාලීය සෙවලයන් එක්ව අළුත් ගේමක් ගහන්නට සූදානම් බවට ඇඟවෙන ප්‍රවෘත්තියක් අපට ලැබුණි.ඒ  මිල්ටෙරි නන්දසේනගේ ගජමිතුරු ජාවාරම්කාර සේනාධිපති කයිවාරුකාරයා විසින් සිදු කළ ප්‍රකාශයකි.ඒ හෙට අනිද්දා වන විට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න හිටපු අමාත්‍ය වරුන්ට ජම්පර්  ඇන්දීමට සූදානම් බවට ඔහු විසින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.රට තුළ ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතුනි නම් මේ කයිවාරු කාරයාගේ ප්‍රකාශය මන්ද මානසික  විහිළුවක් ලෙස හිත හදා ගන්නට ඉඩ තිබුණි.
එහෙත් දැන් මෙරට අධිකරණය ලෙස සැලකෙන්නේ තක්කඩි රාජපක්ෂ “පවුලේ වැසිකිලිය” බැවින් සේනාධිපති කයිවාරුකාරයාගේ ප්‍රකාශය බරපතල අනතුරු ඇඟවීමක් බව අපි සඳහන් කරමු.සාමාන්‍යයෙන් මෙරට අධිකරණයෙන් යම් පුද්ගලයකු වැරදි කාරයකු ලෙස දඩුවමට ලක් කිරීම පෞද්ගලික ඕනෑ එපාකම් අනුව සිද්ධ වෙන ක්‍රියාවලියක් නොවේ.එහෙත් රාජිත සේනාරත්නට හා පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරුන්ට  හෙට අනිද්දා වන විට ජම්පර් අන්දවන බවට පාතාල ජාවාරම්කාර සේනාධිපති කළ ප්‍රකාශය සැබෑවට සිදු විය හැකි කරුණක් ලෙස සැළකිය හැක්කේ මේ  එළිපිට ඇසෙන්නේ පාතාල ජාවරම්කාරයාගේ “හඬ” වුවද එහි පිටුපස සිටින “තිරිසන් සත්වයා” මිල්ටෙරි නන්දසේන නිසාය.
මිල්ටෙරි නන්දසේන යනු ආතක් පාතක් සිල්ලර තීන්දු ගන්නා මෝඩ තකතිරුවෙකි.පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න වැලිකඩ දැක්කීමට මේ මෝඩ වාහේ කටයුතු කරන්නට සෑහෙන ඉඩ හැකියාවක් පවතී.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ වග කිව යුතු අපරාද කරුවන් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් බරපතල චෝදනා නැගෙමින් තිබෙන වටපිටාවක ක්‍රියාකාරී දේශපාලන නායකයන් දෙදෙනෙකුට සිර දඬුවම් දීමටත් අධිකරණ ක්‍රියාවලියකින්  තොරව කල්තියා ඒ තීන්දුව එළිපිට  අනාවරණය කිරීම  තුළත් මිල්ටෙරි නන්දසේන චූටි පැටියාට ඉදිරියේදී මුහුන දෙන්නට සිදුවන දේ ගැන අපට කියන්නට ඇත්තේ අහක ඉන්නා නයි ජොකා අස්සේ දාගෙන කනවෝ කනවෝ කියා විරව පට්ටම්  ගහගෙන ඔහුට ඉන්නට සිදුවෙන බව නම් ස්ථිරය කියාය.



Spread the love

Leave a Comment

You may also like