උණුසුම් පුවත්

අනුර කුමාරට ගහන්න ගිය මඩ පුවත රාජපක්ෂ ජුන්ටාවේ වැඩක්.

Spread the love


69 ලක්ෂයක් ඡන්දය දි රට රකින විරුවෙකු ගෙනවිත් අද රටත් ,ගෙදර බත් හැලියත් දෙකම නැතිකරගත්බව රටේ ඡන්දය දුන්, නොදුන් සියල්ලම ඉතාම හොදින් දනී. රාජපක්ෂ ජුන්ටාව අදවන විට හතර ගාතේ වැටි අනිකුත් පක්ෂ නායකයන්ට මඩ ගසමින් සිටි. එහි ආසන්න තම සිද්ධිය නම් ත්‍රිවිද හමුදා සාමාජිකයන් කොටසක් යොදවා රාජපක්ෂ ජුන්ටාව පවත්වා ගෙන යනු ලබන සමාජ මාධ්‍ය අවලට පහර දීම් හා අසත්‍ය පුවත් නිර්මානය කරනු ලබන කණ්ඩායම විසින් ” අනුර දිසානායක මහතා ගේ ප්‍රතිරූපය නැන්වීමට ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි05 ක් වියදම් කරයි ” යන සිරස්තලය යටතේ සමාජ මාධ්‍ය ගෙන ගිය ප්‍රචාරය සම්පුර්ණවම මඩ ප්‍රචාරයක් බවට මේ වනවිට එම ඔගිල්වි ඩිජිටල්ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

මේ වනවිට රට තුල පොහොර නොමති ගොවියන්ද ,වැටුප් ඉල්ලා ගුරුවරුන්ද තවත් තැනක දී ජීවන වියදම දරා ගැනීමට නොහැකිව රටේ ජනතාව ද කෙමෙන් කෙමෙන් ආණ්ඩුවට අවි අමෝරා උද්ගෝෂණ අරඹා ඇත. ඒ සියල්ලම වෙනත් දිසාවකට යොමු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගේ ප්‍රතිරූපයට කෝටි 05 වියදම් කරලා යැයි අමුලික බොරු ගෙතීම හැර දැන් රාජපක්ෂ ජුන්ටාවට තවත් කිසිත් ඉතිරිව නැත.

තම පක්ෂය එවනි හෝ කුමණ මට්ටමේවත් මුදලක් ප්‍රතිරුපය ගොඩ නැන්වීමට තබා පක්ෂය වෙනුවෙන්වත් එවනි අති විශාල මුදලක් විනාශ නොකරන බවට ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මංත්‍රි විජිත හේරත් මහතා කියා සිටියි. ඒ නිසාම දැන් මෙවනි මඩ ප්‍රචාරයන් තුලින් නැවතත් රාජපක්ෂලාට රටේ ජනතාව ගොනාට ඇන්දවීම කල නොහැකිය.

අදාල ලිපි පහතින් ඇත.


Spread the love

Leave a Comment

You may also like