උණුසුම් පුවත්

ගොබ්බ රහස් පොලීසියෙ කෙරුවාව හා ගොබ්බ පොලිස් ඇමතිගේ අන්ද කයිප්පු කයිවාරුව

Spread the love

මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද රහස් පොලීසියේ ලොක්කා මෙලෝ රහක් නැති දේශපාලන ගැත්තෙකු බව අප මීට පෙර ලියා තිබේ.මුළු රහස් පොලීසියම දැන් නාඩගම්කාරයන්ගේ නාඩගම් මඩුවකි.මේ රහස් පොලිසි නාඩගම්කාරයන්ගේ කෙරුවාව පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ පොළිස් නිළධාරීන් තුළ පවතින්නේ බරපතල විවේචනයකි

මේ විකාරරූපී රහස් පොලිස් රාජකාරිය මේ වන විට සමස්ත සමාජයටම හිසරදයක් වන තරමට ව්‍යාප්ත වී තිබේ.

ස්වාධීනව පැවැති  යුතු ආයතනයක් කඩප්පුලි  ආකාරයට හැසිරීම පිළිබඳව සම්පූර්ණයෙන් වගකිය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේන හා තක්කඩි රාජපක්ෂ පවුලය. රහස් පොලීසියේ වත්මන් ක්‍රියාකාරිත්වය ගැන පොලීසියේ කීර්තිමත් ඡ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ලංකා දවසට කළ මේ ප්‍රකාශය එහි පවතින බංකොලොත් බව ගැන අපූරු විශ්ලේෂණයකි

“…අද රහස් පොලීසිය ගැන අපට තියෙන්නෙ බරපතල කණගාටුවක්.අපේ රහස් පොලීසිය ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්ව තිබුණ ආයතනයක්.

එහි රාජකාරි කළ නිළධාරීන් අති දක්ෂයන්.ඔවුන් විෂයෙහි පැවරූ සෑම රාජකාරියක්ම ඉතා විශිෂ්ට අයුරින් ඉටු

කර ඇති බවට හොඳම සාක්ෂිය වන්නේ

මෙරට නඩු තීන්දුය.මෙරට සිදුවූ අබිරහස් අපරාදමය වැරදි සම්බන්ධයෙන් විමසන විට ඒ හා සම්බන්ද වැරදිකරුවන් නීතියට ඉදිරියට

ගෙන ඒමට රහස් පොලීසිය දැක්වූ දක්ෂතාව කොපමනද යන්න වචන  වලින්  කියන්න නොහැකි තරම්.සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බර

විය හැකි ආයතනයක්ව තිබුණ රහස් 

පොලීසිය අද වඳ පීදුන ආයතනයක් වෙලා.මම ලොකු විශ්වාසයකින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්න කෙනෙක්.මම විතරක් නොවෙයි අපේ පොලිස් දෙපාර්තමේන්තුවෙ වැඩි දෙනෙක් ඡන්දය දුන්නෙ ඔහුට.දැන් මේ කාලකණ්නියා නිසා වැඩියෙන්ම කෙලවෙලා තියෙන්නෙත් අපට.මුළු

පොලීසියම බල්ල මාක් ⁣ගානට වැටිල.

පොලීසිය පාලනය කරන්නෙ රාජපක්ෂ

වරු.රාජපක්ෂලාගේ කට වචනය තමා පොලීසියට රාජකාරිය විදියට කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ.අද පොලීසිය බාර ඇමති ජෝකරයෙක්.එයා තනිකර කෙලින්නෙ පිස්සු.ඇහැට කනට පේන ස්ත්‍රී රත්නයක් දැක්කොත් මෑන්ට පොර මාන්දම හැදෙනවා. මේ වගේ නශ්ඨකාම පොරක් පොලීසියක් පාලනය කරන්නෙ.හැබැයි රාජපක්ෂලාට නි⁣යමෙට ගැලපෙන බඩුවක්.රාජපක්ෂ පවුලෙ කවුරු මොනව කිව්වත් ” ඔවි යර්ස් සර්….” තමා කියන විදියෙ කොන්දක් නැති පඟර නැට්ටෙක්. ⁣මේ පොලිස් ඇමතියා නොදන්න ලබ්බකුත් නෑ ⁣දන්න ලබ්බකුත් නෑ.මිල්ටෙරි නන්දසේන උසී උසී කිව්වාම මේ ඇමතිය ඕනෑම එකෙකුට  බුරා ගෙන පැනල හපා කයි.දැන් ඔය රහස් පොලීසියෙ රාජකාරි කරපු දක්ෂයො එළියට විසික් කරල පොහොට්ටුවට පෝස්ටර් අලවපු ගොබ්බයො ටිකක් දාල තියෙන්නෙ.මේ වාහෙල රහස් පොලිස් රාජකාරිය තියා හරියට පොලිස් රාජකාරියවත් නොදන්න ඈයො.මුන් පිම්බිල ඉන්නෙ පො⁣හොට්ටු මැති ඇමතිලාගෙ හිතවත් කම නිසා.

අද රහස් පොලීසිය අර සුදුළුෑනු වංචාව ගැන පත්තර ඔෆිස් අස්සෙ රිංගල ජනර්ලිස්ට්ල ගෙන් කට උත්තර ගන්න හදනව.පිස්සු හොඳ එක.සමහර විට මේ පිස්සු හුටං ඇමතියගෙ නියෝගයක් නිසා වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්.එහෙමත් නැතිනම් රහස් පොලීසියෙ මොංගල් පඟරනැට්ටො පොලිස් ඇමතියගෙන් ලකුණු දාගන්න

කරපු  ගොබ්බ වැඩක්.අද පොලීසියෙ නිළධාරියෙකුට දුක් ගැනවිල්ලක් කියා ගන්න තැනක් නෑ.ඉහළ පුටු වල ඉන්න  රාජපක්ෂල ගෙ බත් ගොට්ටො පොලිස් දෙපාර්තමේන්තුවම හපයක් වෙන විදියට සූප්පු කරමින් ඉන්නෙ.තව පැත්තකින් දෙපාර්තමේන්තුව මඟුල්

සක්වලක්.කියල වැඩක් නෑ.මං දැන් රාජකාරිය කියල කරන්නෙ ඇඟ බේරගෙන පැත්තකට වෙලා ඉන්න එක.මුන් එක්ක පොතේ විදියට රාජකාරිය කරන්න ගියොත් පැන්ෂන් එකත් නැති කරගෙන තමා ගෙදර නවතින්න වෙන්නෙ.මේ කාලකණ්නි ගෝඨාභය ගැන මට තියෙන්නෙ හරි පිළිකුලක්.කේන්තියක්. වෛරයක්.

ඇත්තටම මූ දැන් කරන කියන ඒවට කවදහරි දවසක මූට ජම්පරේ අන්දන්න පුළුවන්නම්  අන්න එදා⁣ට පොලීසිය ස්වාධීන වෙයි .අන්න එදාට මූ එක්කම වැලිකඩ දක්කන්න පුළුවන් විදියෙ නීතිය කියන්නෙ  රාජපක්ෂලගෙ කට වචනය කියල හිතන් ඉන්න පොලිස් කෙරුමො ටිකකුත් ඉන්නවා.එවුන් හිතන් ඉන්නෙ  දේශපාලන බලය සදාකාලිකයි කියල.බලමු බලමු නේ කවද හරි මොකද වෙන්නෙ කියල. ඒ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා පොලීසිය පිළිබඳව කළකිරීම අප සමග වචන කෙරුවේ එසේය.මේ අද පොලිස් සේවාවේ පවතින බිඳවැටීමේ දෝංකාරයයි

පසුගියදා සතොස සිදුවූ වේ යැයි කියවෙන සුදු ළුෑණු ගණුදෙනුවක වංචාවක් පිළිබඳව ජනමාධ්‍ය වෙතින් දිගින් දිගටම අනාවරණය කෙරිණි.මෙම අනාවරණය කිරීම් ආණ්ඩුවේ මැති ඇමතින්ගේ කනස්සල්ලට හේතු විය.එය වඩාත් පැහැදිලිව තහවුරු වූයේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට කළ පැමිණිල්ලයි.මෙම පැමිණිල්ලත් සමගම රහස් පොලීසියේ කෙරුමන් ජනමාධ්‍ය දඩයමට සූදානම් විය.රහස් පොලීසිය ජනමාධ්‍ය ආයතන වලට රිංගා පොලිස් උන පෙන්වන්ට යාම ගැන ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් රජයේ පුවත් පත් සාකච්ඡාවේදී කණගාටුව පවා ප්‍රකාශ කරන්නට යෙදුනි.ඔහුගේ අදහස වූයේ ⁣මෙය පොලීසිය විසින් නොකළ යුතු අනවශ්‍ය දෙයක් බවය.ජනමාධ්‍ය කේෂ්ත්‍රයේ විකල්ප ධාරාවේ මාධ්‍යයය තුළ දීර්ඝ කාලයක් කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍ය වරයා රහස් පොලීසියේ මේ නොහොබිනා රාජකාරිය ගැන හෘද සාක්ෂියට එකඟවම දුක් වූ බවට අපට වැටහීමක් තිබේ

එහෙත් ජනමාධ්‍ය වෙත දැමූ මෙම ගොන් තකතිරු චන්ඩි පාට් එක සම්බන්ධයෙන් අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් ඇමතියා සිදු කළ ප්‍රකාශය ඔහුගේ අබ්බ ගොබ්බ බව වැඩිදුරටත් තහවුරු කරන්නක් විය.ඔහු මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ රහස් පොලීසියට වෙළඳ ඇමතිවරයා සිදු කළ පැමිණිල්ලට අදාලව රහස් පොලීසිය කට උත්තර ගැනීමට පුවත්පත් ආයතන වෙත ගොස් ඇති බවය. එම පුවත්පත් ආයතන වලින් ප්‍රකාශිත මාධ්‍ය වලින් සුදු ළුෑනු වංචාව පිළිබඳව කළ අනාවරණය කිරීමි වලදී තමා ට  අපහාසයක් සිදුු වී ඇතැයි ඇමතිවරයා පැමිණිලිකර ඇතැයිද පොලිස් ඇමති වරයා වැඩිදුරටත් මෙහිදී පවසා සිටින ලදී.එය එසේ වන්නේ නම් රහස් පොලීසිය පුවත්පත් ආයතන වලට රිංගා ඇත්තේ ඇමතිවරයාට වී ඇති අපහාසය ගැන කට උත්තර ගැනීමටය.මෙරට පවතින නීතිය ගැන රහස් පොලීසියේ ඉන්නා ගොබ්බයන්ට හා පොලිස් ඇමතියාට ඇති දැනුම හා අවබෝධය මින් හෙළිදරවි කර ගත හැකිය

1970 සම්මත වුන දණ්ඩ නීති සංග්‍රහයේ  xix පරිච්⁣ඡේදයේ කීර්ති හානි කිරීම ශීර්ෂය යටතේ 479 වගන්තියේ වගන්තිය මෙසේ දක්වා තිබුණි.

“කතා කරනු ලැබූ වචන වලින් හෝ 

කියවීමට අදහස් කරනු ලැබූ වචනවලින් හෝ සංඥා වලින් හෝ

පෙනෙන නිරූපනයන්ගෙන් යම් තැනැත්තකු පිළිබදව ආරෝපණය කිරීමකින් ඔහුගේ කීර්ති නාමයට හානියක් කරන අදහසින් හෝ කීර්තියට 

හානියක් වන බව දනිමින්ම හෝ එබන්දකින් එලෙස වන බව විශ්වාස

කිරීමට කරුණු තිබියදී ඔහු සම්බන්ධයෙන් එබඳු ආරෝපනයක්

කිරිමක් යමකු කළහොත් හෝ ප්‍රසිද්ධ කළහොත් මින් මතු දැක්වෙන අවස්ථාවලදී හැර ඔහු ඉහත කී තැනැත්තාගේ කීර්ති හානි කළ ලෙස සළකනු ලැබේ……”

දණ්ඩ නීති සංග්‍රහයේ 479 වගන්තියට අදාලව 482A වගන්තිය දක්වා වූ එම චෝදනාවට අදාලව පැහැදිලි කිරීම් තිබුණි.එහෙත් 2002 අංක 12 සංශෝධන

 මගින් දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්ති සියල්ල  ඉවත් කරන ලදී.මේ නිසා අපහාසයක් සම්බන්ධයෙන් අපරාද චෝදනාවක් අධිකරණය තුල ගොනු කිරීමට කිසිවෙකුට අවස්තාවක් නැත.මෙකී වගන්තියේ ප්‍රකාරව යම් අයෙකුට යම් අපහාසයක් වූයේ යැයි සිතන්නේ නම් ඔහුට ඒ සම්බන්ධයෙන් සිවිල් අධිකරණයකට පැමිණිලි කළ හැකිය.එසේ නොමැතිව පොලීසියට පැමිණිලි කිරීම අර්ථ විරහිතය

මේ චෝදනාව සමිබන්ධයෙන් අපූරු අත්දැකීමක් මේ ලියුම්කරුට තිබේ.මෙම ලියුම් කරු විසින් ජනමාධ්‍යයකට කළ වාර්තාවකින් තම කීර්ති නාමයට අපහාසයක් සිදු වූ යැයි රාජ්‍ය නිළධාරියකු  පොලීසියට පැමිණිලි කරන ලදී.පොලීසිය අවස්ථා ගනනාවකදී මෙම පැමිණිල්ල විභාග කිරීමට පොලීසියට  පැමිනෙන ලෙසට දැනුම් දුන්  අතර ලියුම්කරු විසින් එම දැනුවත් කිරීම්  නොසලකා හැරිනි.අවසානයේදී  පොලීසිය ලියුම්කරු පොලීසියේ පැමිණිලි විභාගයට නොපැමිණීම සම්බන්ධයෙන් බී වාර්තාවක් සකස් කොට ලියුම්කරු අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් අවසර පතන ලදී.අධිකරණයේ මහේස්ත්‍රාත් වරයා බී වාර්තාව ඉදිරිපත් කළ පොලිස් නිළධාරියාගෙන්  විමසන ලද්දේ ⁣ලියුම්කරු පොලීසියට කැඳවූයේ කවර චෝදනාවක් යටතේද  යන්න ගැනය.පොලීසිය අපහාස කිරීම සම්බන්ධයෙන්වූ පැමිණිල්ල ගැන මහේස්ත්‍රාත්වරයා දැනුවත් කෙරිණි.මෙහිදී මහේස්ත්‍රාත් වරයා අදාල  බී වාර්තාව ඉවතට දමා පොලිස් නිළධාරියාට අවවාද කොට ඇත්තේ අපහාස නීතියක් මෙරට නොපවතින බැවින් චෝදනාවක් නැගිය නොහැකි බවත් අවශ්‍ය නම් අතෘප්තිකර පාර්ශවයට තමන්ට සිදුව ඇති අපහාසයට සිවිල් අධිකරණය තුළ පුද්ගලික නඩුකරයක් පවරා කටයුතු කරන ලෙසට උපදෙස් දෙන ලෙසත්ය මෙරට අපහාස නීතිය ක්‍රියාත්මක වන්නේ එහෙමය.එසේ නොමැතිව මෙි චෝදනාව යටතේ පොලීසියට කරන්නට පුළුවන් කෙහුරක් නැත.අද සිද්ධ වී ඇත්තේ රටේ නීතිය ගැන ගොබ්බ පොලිස් ඇමතියාත් පැමිනිල්ල දැමූ වෙළඳ ඇමතියාත්  නපුංසක රහස්  පොලීසියත් එය නොදැන සිටීමය. එක්තරා ආකාරයක විහිළුකාර ගතියක් එහි පැවතියද සැබෑ තත්වය ඉතා බියකරුය.තැති ගන්වන සුළුය.ඒ මෙරට නීතිය හසුරවන බළධරයන් මෙරට පවතින නීතිය ගැන මොලෝ හසරක් නොදැනීම තුළ තිරිසන් මෙලේච්ඡ බල අධිකාරියක් සමාජය තුළ මුදා හැරීමේ ඉඩ කඩක් පවතින  බැවිනි.

රහස් පොලීසිය ජනමාධ්‍ය ආයතන තුලට රිංගා ඇත්තේ වෙළඳ ඇමතිවරයා විසින් කළ අපහාස පැමිණිල්ල ගැන විමර්ෂනයට බව ගොබ්බ පොලිස්  ඇමතියා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන විට අනේ ඇමතිතුමෝ එහෙම පොලීසියට රාජකාරිමය විදියට මැදිහත් වෙන්නට  මේ රටේ අපහාස නීතියක් නෑ නේදැයි අසන්නට තරමේ දැනුවත්  මාධ්‍යකාරයකු එහි නොසිටීම තුළ අද මෙරට ජනමාධ්‍යයේ තරමද කොයි කාටත් වටහාගත හැක්කේය.


Spread the love

Leave a Comment

You may also like