උණුසුම් පුවත්

ඖෂධ මාෆියාවේ පියා තමන් බව ලොවටම ඔප්පු කල චන්න අද හෙළුවෙන්

Spread the love

 

මෙරට පැවැති ඖෂධ මාෆියාව පාලනය කිරීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සමාජගත කිරීමට කැප වූ මානව හිතවාදී වෛද්‍ය සේනක බිබිලේ ගේ හතලිස් තුන්වන අනුස්මරණයට ඇත්තේ තව දින හතක පමණ කාලයකි.

එදා සිට අවුරුදු ගනනාවක් ගෙවී ගොස් ඇතත් මෙරට ඖෂධ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට කිසිම බලධරයෙකුට නොහැකි වී තිබෙි.එහෙත් එම ඖෂධ මාෆියාවට විරුද්ධව යම් සටනක් කළ හා මෙරට රෝගී ජනතාව ගේ ඊරි මාංශ උරා බිවු ඖෂධ සමාගම් වෙළඳ ඒකාධිකාරිය තිගැස්මකට ලක් කරමින් කටයුතු කළ  සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස රාජිත සේනාරත්නගේ නම අප ගේ ගෞරවයට ලක්වේ.

මේ වන විට ඔහුට එරෙහිව බොහෝ නින්දා අපවාදයන් සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින්නේ ඖෂධ මාෆියාවේ කොටස් කරුවන් බව අප දැඩි ලෙස අවධාරණය කරමු.දොස්තර රාජිත සේනාරත්න යනු කියන දේ  මූණට කියන චරිතයකි.ඔහු  මිල්ටෙරි නන්දසේනට හෝ රාජපක්ෂ පවුලට බය වී හැංගෙන අයෙක් ද නොවේ.මහින්ද රාජපක්ෂගේ දීර්ඝකාලීන සමීපතමයකුද වන දොස්තර රාජිත තරම් මහින්ද රාජපක්ෂගේ සැඟවුන පටිට කලු පැටිකිරිය දන්නා අයෙක් මෙි  පාර්ලිමේන්තුවේද නැත.සටන්කාමී දේශපාලන නායකයකු ලෙස මෙරට සිදූවූ  බොහෝ ⁣ඓතිහාසික දේශපාලන පෙරළි තුළ දොස්තර රාජිත ගේ නියෝජනයක් තිබුණි.ඔහු ගේ දැඩි හා ප්‍රහාරාත්මක විවේචනයන් දරා ගන්නට නොහැකි වූවන් ඔහු⁣ට එරෙහිව විවිධ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාරයන් සිදු කරන බවද අපි දනිමු.

දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව පවතින අසත්‍ය චෝදනාවන් කරන දේශපාලනික පාර්ශවයන් ඔහු යම් ජාවාරම්කරුවකු ලෙස කටයුතු කර තිබේනම් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියා මාර්ග ගත යුත්තේය.එහෙත් යහපාලනය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අරවා මේවා සිදු වූ වායැයි වහසි බස් හා අවලාද නගන්නන් මිස ඒ අරවා මේවාට පොලීසියක පැමිණිල්ලක් දැමූ එකෙකු නැති බව අපි සටහන් කර තබමු.

දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව යම් ජාවාරම්කාර චෝදනා තිබේනම් ඒවා තහවුරු කිරීමේ සාක්ෂි සහිතව ලංකා දවසටද යොමු කරන ලෙසට අපි ඉල්ලමු.ඒ තොරතුරු සත්‍යය හා නිවැරිදි බවට තහවුරු වේ නම් දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව අපගේ පෑනට පණ දෙන්නට අප සූදානම්ව සිටින බව වගකීමෙන් යුතුව සඳහන් කරමු.එතෙක් දොස්තර රාජිත විත්ති කූඩුවට නැංවීමට අප සූදානම් නැත. ධනපති පාර්ලිමේන්තු  නියෝජනයන් තුළ සිටින්නේ “පූජකයන් විසින් නොමග යවන ලද හා ගම්බද ජීවිතයේ  නීරස භාවයෙන් නොමග යවන ලද කම්කරුවන් බව” ලෙනින් සහෝදරයා කළ ප්‍රකාශයක් අපට මෙහිදී සිහිපත් වේ මේ කියමන මෙරට වත්මන් පාර්ලිමේන්තුවටද අපූරුවට ගලපා ගත හැක්කේය.දොස්තර රාජිත සේනාරත්නද එහි සාමාජිකයෙකි.

නිකම් නිකම් කට මැත දොඩවන්නන් අතර දොස්තර රාජිත සේනාරත්න වැනි වෘත්තිකයකු ඇලජික් චරිතයක් වීමද ස්වභාවිකය.එහිදී ඔහු විසින් සිදු කළ මෙහෙවර යටපත් වීමද අනිවාර්ය සිදුවීමකි.දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව පසුගිය දවසක ⁣පාර්ලිමේන්තුවේදී චෝදනා නැගූ චන්න ජයසුමන ඇමතිවරයා ගේ කෙරුවාව ගැන ලිඛිතව අප වෙත තොරතුරු ලැබී ති⁣බේ.ඔහු අප සඳහන් කළ ආකාරයට මොහු නිකම්ම නිකම් කට මැත දොඩවන්නකු නොවන බව නම් අපට ඒ තොරතුරු වලින් ⁣තහවුරු වේ.

මේ චන්න ජයසුමන අමාත්‍යවරයා පට්ට තක්කඩි ජාවාරම් කාරයෙකි.මේ උන්දෑගේ මහචාර්ය පට්ටමද ගේම් ගසා ගත් පට්ටමකි.කුඩා කාලයේ සිටම පීඩිත මවු පිය ගැටුම්කාරී පවුලක ඉපිදුන චන්න ජයසුමනගේ පියා මිනීමැරුමකට සිරගතව සිර දඬුවම් ලබා සිටියදීම මිය ගිය අපරාදකරුවෙකි.කුඩා කාලයේදී ජීවාතයට මෙවැනි පීඩාකාරී ආවේගයන් තුල අධ්‍යාපනය හැදෑරූ මොහුගේ වෛද්‍ය උපාධිය ගෞරව උපාධියක් නොවේ.තම පශ්චාත් උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට මොහු විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත ව්‍යාජ තොරතුරු ඇතුළත් කර තිබීම නිසා ප්‍රතික්ෂේප කර ඇත.ඒ සමගම චන්න ජයසුමන califoniya stay university Long beash විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලදැයි ඔහු විසින් කරන ප්‍රකාශයද චේතිය බොරුවකි.අප ඔහුගේ ශිෂ්‍ය භාවය පිළිබඳව එම විශ්ව විද්‍යාලයෙන් තොරතුරු විමසූ විට එය අසත්‍යයක් බව තහවුරු කෙරිණි.

රජරට විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිව සිටි මහචාර්ය සිරිබද්දනගේ එහෙයෙක් වූ චන්න ජයසුමන ඔහුගේ තල්ලුවෙන් මහචාරය පට්ටම ගොඩ දාගන්නා ලදී.පසුකාලයකදී මේ ඩබල එකතු වී රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතුව රසායනික පොහොර බවට නාථ දෙවියන්  තමන් හට පැවසූ බවට හා ඒ අනුව ඔවුන් සිදු කළ  විහිළුකාර ව්‍යාපෘතියක තොරතුරු සමාජගත කළහ.චන්න ජයසුමන ඖෂධවේදය ගැන මෙලෝ හසරක් නොදන්නා අයකු බවද ඔහු හා සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයන් අප වෙත පැවසූහ.

ඒලියන්ත වයිට් වැනි රස්ති පොරවල් රාජකීය වෛද්‍යවරයා ලෙස සැළකූ ගොබ්බ රාජපක්ෂ හාමුලාට චන්න ජයසුමන වැනි පයිත්තියන් කාරයෙක් මහා සම්පතක් විය.පොහොට්ටු දේශපාලනය තුළ මේ උන්දෑ මහා පොරක් වූයේ රාජපක්ෂලා මිථි්‍යාදෘෂ්ටික විශ්වාසයන් ගැන තබා ඇති  දැඩි විශ්වාසයත් සමගමය.අනුරාධපුර කට්ටඬි ඥාණා ගේ රෙකමදාරුවද චන්න ජයසුමනට හිමි විය.යහපාලනය නිසා යන එක මං නැතුව සිටි රාජපක්ෂ හාමුලා නැවත මෙරට දේශපාලනයේ ඉහළට ඔසවා තබන්නට දර දිය ඇදි කඩුවෙල ජගත් කුමාර සුුුමිත්‍රආරච්චි වැනි ක්‍රියාධරයන් පොදු ජන පෙරමුණු දේශපාලනය තුළ කැපී  ගියේ මෙවැනි ගොං තකතිරු සිල්ලර හාල් කෑලි නිසාය.මේ ⁣⁣ගොන් වස්සන් මහ පොලොවේ දේශපාලනය ගැන හාංකාවිසියක දැනුමක් අවබෝධයක් ඇත්තෝ නොවේ.

චන්න ජයසුමන දේශපාලනයට ඇමති පට්ටම ලැබුණ දවසේ සිටම ගනුදෙනු කෙරුවේ මෙරට ඖෂධ මාෆියාව සමගය.මේ ඖෂධ මාෆියාවට මෙවැනි ගොබ්බ ඇමතියකු සිටීම කල්ල මරේ චාන්ස් එකකි.අද ඇමති චන්න  ජයසුමන ⁣බිලියන පතියකු වී සි⁣ටින්නේ ඒ ඖෂධ මාෆියා සමාගම් වල ඇවිලුම් බිලියේ ඇමක් වී සිටින නිසාය.චන්න ජයසුමන ඇමතිවරයා යහපාලනය සමයේ ඖෂධ ගරානාවක් සිදු වූ බවට පසුගියදා පාර්ලිමේන්තුවේ කළ චෝදනාව අද ඔහු ගේ ගෙල සිඳ යන ආකාරයේ පාරා වලල්ලක් වී තිබේ.යහපාලනය සමයේ සැබවින්ම මෙරට  රෝගීන්  බහුලව භාවිතා කරන  ඖෂධ හතලිස් අටක මිල ඉතා විශාල ලෙස අඩු කිරිමට කටයුතු කර තිබුණි.ඒ අතරේ තයිරොක්සින් රෝගීන්ට හා දියවැඩියා රෝගීන් දෛනිකව ලබා ගත යුතු ඖෂධ වර්ගද විය.එහෙත් මේ වන විට  ⁣මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩූව එම ඖෂධ මිල පැවති මිල හා තුන් ගුණයකින් වැඩි කර තිබේ.එදාා රුපියල් දහතුනකට ගත් පැනඩොල් පෙත්තක් අද රුපියල් විස්ස දක්වා ඉහල දමා ඇත. හෘද සැත්කම් සඳහා යොමු වන රෝගීන්ට නොමිලයේ වෑල්වි ලබා දීම සිදු කරන ලද්දේද යහපාලනය සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වූ දොස්තර රාජිතය.අක්ෂි කාච බද්ධ සඳහා අක්ෂි කාච නොමිලයේ ලබා දීම ඇරඹුනේ මේ කාලයේදීය.ඊට පෙර අක්ෂි කාච බද්ධයක් කර ගැනීමට රුපියල් තිස්දහසකට ආසන්න මුදලක් වැය කිරීමට රෝගියෙකුට සිදුව තිබුණි.පිලිකා රෝගීන් විෂයෙහි වූ ඖෂධයන්හි මිල ගනන් ඉතා විශාල ලෙස  දොස්තර රාජිත සේනාරත්න විසින් මිල පාලනයකට ලකි කරන ලදී.මෙලෙස  ඖෂධ මිල පාලනයේදී මෙරට ඖෂධ ගෙන්වන බවර් සමාගම හා එම සමාගමෙන් සංතෝෂම් ගත් වෛද්‍යවරුන් දෙදෙනෙකු දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනලද්දේ ඔහු අනවශ්‍ය ලෙස හා බලහත්කාරී ලෙස ඖෂධ මිල නියාමනය කරන බවට චෝදනා නගමිනි.එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව විභාගයට ගැනීම පවා ප්‍රතික්ශේප කරන ලද්දේ නඩුවෙි පැමිණිලිකාර පාර්ශවයේ වෛද්‍යවරුන් දෙදෙනාට පිළිකුල ප්‍රකාශ කරමිනි.අද ඖෂධ මාෆියාව දොස්තර රාජිත සේනාරත්නගෙන් ඇරියස් කවර් කර ගන්නට හදන්නේ ඔහු විසින් යහපාලනය සමයේ රෝගී ජනතාව වෙනුවෙන් ඉටු කළ මෙහෙවර නිසා බව අ⁣පි විශ්වාස කරමු.යහපාලනය සමයේ අත්හිටුවා තිබූ තක්කඩි ඖෂධ ජාවාරම් කරුවන් අද චන්න ජයසුමනගේ කර උඩය.සාක්කුවේය.ජංගිය අස්සේය.

ඖෂධ සංස්ථාවේ ක්ලවුඩ් දත්ත පද්ධතිය අතුරුදන් වන්නේ මේ මාෆියාවේ හා චන්න ජයසුමන අතර පවතින ගජමිතුරු ගනුදෙනු යාවත්කාලීන කර ගැනීමටය.මේ ක්ලවුඩ් පද්ධතිය අතුරුදන් වූ කාල පරාසය තුල ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගෙන්වූ ඖෂධ  උපකරණ තොග හරහා මාෆියා සමාගම් වලින් ලැබුන කොමිස් මුදල් බිලියන ගනන් බව දැන ගන්නට තිබේ.දැන් චන්න ජයසුමනගේ රෙද්දෙ අසූචි ගොසිනි.ඔහු ඒ අසූචි වලට කැටයමි දමා පාර්ලිමේන්තුව නොමග යවන්නට උත්සාහ දැරුවාට ඇත්ත දන්නා අප සිටින තුරු ඒ සෙල්ලම් වලට ඉඩක් නැති බව  නම් කිව යුතුමය.

 



Spread the love

Leave a Comment

You may also like