පසුගියදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමකදී වියපත් බඹරාගේ සරත් වීරසේකර සිකුරා ටෙක් ආයතන සමග එක්ව සිඳුකිරීමට ගිය මහා පරිමානයේ ජාවාරමක් පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් සාක්ෂි හඬ පට සමග සභාගත කරන ලදී.එකී අනාවරණය කිරීම සම්බන්දයෙන් අද දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී වියපත් බඹරාගේ සරත් විරසේකර ඔහුගේ පාර්ෂවීය කරුණු දැක්වීම සිඳුකෙරිනි.ඔහු එහිදී ප්‍රකාශ කරන ලද්දේ සිකුර ටෙක් ආයතනයට සම්බන්ද කිසිවෙකු තම අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස නොසිටින බවය.එහෙත් එම පැහැදිලි කිරීමට නැවත පිළිතුරු ප්‍රකාශ කළ මනූෂ නානායක්කාර මහතා තමන් විසින් ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය හා නිවැරිදි බව සභාගත කළ ලේඛන ගත සාක්ෂි වලින් තහවුරු කෙරිණි.එහිදී සිදු වූ වැදගත්ම සිදු වීම වූයේ මනූෂ නානායක්කාර මහතා එම ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරන විට වියපත් බඹරලාගේ සරත් වීරසේකර හීන් සීරුවේ සබා ගර්භයෙන් මාරු වී යාමය.එහිදී සභාව ඇමතූ මනූෂ නානායක්කාර මන්ත්‍රී වරයා තමන්ගේ වැරැද්දක් සොයා අත්අඩංගුවට ගන්නා ලෙසට රහස් පොලීසියට හබරාදූව හා අහංගම පොලීසි වලට බලධරයකු නියෝග කර ඇතැයිද අනාවරණය කරන ලද්දේය.ජනපති මිල්ටෙරි නන්දසේනගේ ජානගත උද්දච්චකම එහෙමය.ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් අදහස් ප්‍රකාශනය කාලකණ්නි රාජපක්ෂ පවුලට ඇලජික්ය.සිකුර ටෙක් ආයතනයට සම්බන්ද ජාවාරම්කාරයා පොලිස් අමාත්‍යංශයට පත් කර තිබුණේ බබා නාමල් ගේ අඹ යාළු කමටය.මේ ජාවරම්කාර උපදේශකයා ඇතුලත් කර සිටි අමාත්‍යංශ දෙකක් නැවත ජනපති මිල්ටෙරි නන්දසේන පවරා ගත්තේ ඒ කූඨ ජාවාරම යටපත් කරන්නය.අද පාර්ලිමේන්තුවේදී වියපත් බඹාරාගේ සරත් වීරසේකර මගේ අමාත්‍යංශයේ එහෙම උපදේශකයෙක් සේවයේ නැති බව ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසාය.තක්කඩි රාජපක්ෂලාගේ ජාවාරම්කාර ගණුදෙනු සිද්ධ කරන්නේත් ඒවා ප්‍රසිද්ධ වීම වැලැක්වීම සඳහා ප්ලෑන් කරනේත් ඔය විදියටය.තම ජාවාරම්කාර ගණුදෙනු එළිදරව් වීම මේ තක්කඩි රාජපක්ෂ වරු නොඉවසති.යුද්ධය පැවැති අවධියේ මිල්ටෙරි නන්දසේන තම මස්සිනා වූ වීරතුංග සමග යුක්රේනයේ පාතාලයන් සමග කල මිසයිල් ගණුදෙනුව හෙළිදරව් කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සතුන් මරා දැමීමට ගන්නා නවීනතම උපකරණයකින් මහ මග තිරශ්චීන ආකාරයෙන් මරා දමන ලද්දේ ඒ නිසාය.මේ මිසයිල් ගණුදෙනුවෙන් මිල්ටෙරි නන්දසේන උපයා ගත් මුදලින් කැලිෆෝනියාවේ ඉඩමක් හා නිවසක් මිලයට ගැනීම කෙරිණි.අද මේ දේපොල ඇමරිකාවේ බලාගන්නේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අණදෙන නිළධරියාව සිට පීචංව රටින් ගිය කර්නල් සරත් හඳපාන්ගොඩය.මහා දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන සිටින මිල්ටරි නන්දසේනගේ කැනහිල් ජාවාරම් එහෙමය.යුද්ධයේ මිසයිල් වලින් ගසා කෑ මේ තක්කඩි අවලමා මෙරට ජනපති පදවියට පත්වූයේ ජාතියේ අවාසනාවටය.අළුත්කඩේ විනිශ්චයාසන වල වාඩිවීී සිටින නඩු කාර පොන්සියන් මේ තක්කඩියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අපි දනිමු එහෙත් මේ කාලකණ්නියාට වැහි නැතිි පාත්වෙන දිනයක් කවදා හෝ එළඹෙනු ඇත.මේ කාලකණ්නි රාජපක්ෂ පවුලට එරෙහිව කිසිම දිනක අළුත්කඩේ නීතිය ක්‍රියාත්මක නොවනු ඇත්තේය.යහපාලනය කාලයේදී මේ කාලකණ්නියන්ට ජම්පර් ගස්සවා වැලිකඩ කූඩු කිරීමට තිබූ අවස්ථාව අහිමි කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ දෙබිඩ්ඩාය.ඒ අතර වජිර අබේවර්ධන නම් හොර ගෙඩියාද විය.මේ අතර ඉදිරි කාලයේ අළුත් ආණ්ඩුවක් මේ රටේ ස්ථාපිත වූවද මේ තක්කඩි කාලකන්නි රාජපක්ෂලාගේ මයිලකට හානි වෙන්නේ නැති බව අපට සහතිකය.හම්බන්තොට සමගි ජන බලවේගයේ දිලීප් වෙදආරච්චියා ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේය.මෑතකදී පැවති ඒකාගේ දියණියගේ විවාහ මංඟල උත්සවයේදී ප්‍රධාන ආරධිතයන් වූයේ තක්කඩි රාජපක්ෂ පවුලය.උන් කන්නේ බොන්නේද රෙන්නේද එකටය.මෙහිදී අපට මතක් වෙන්නේ රන්ජන් රාමනායකගේ “උන් මල්ලි ඔක්කොම හොඳ යාළුවෝ” යැයි කියු සුප්‍රසිද්ධ ප්‍රකාශයයි.මේ ප්‍රකාශනය අද මෙරට ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ සැබෑ නිරුවත හෙළි දරව් කරන්නකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන මනූෂ නානායක්කාර එම දිස්ත්‍රික්කයේ වල් එඬරු ගස් වැනි ගයන්ත කරුණාතිලක වැනි පඟර නැට්ටන්ට වඩා රැඩිකල්ය. එහෙත් ඒ රැඩිකල් කම විපක්ෂයේ නායක කාරකාදීන් ගේ සෙවලකමට යට වී තිබේ.
මනූෂගේ කේන්දරය ගැන මිල්ටෙරි නන්දසේන දැන් ගණන් හදමින් සිටින බව සිතා ගත හැකිය.කළුතර බෝධියේ අත්තක් මනූෂගේ නිල රිය උඩට හදිසියේ කඩා වැටෙන තරමට උද්දච්ච මිල්ටෙරි නන්දසේන හීන දකිමින් සිටිනවා වෙන්නට ඇත.ඔය තක්කඩි රාජපක්ෂ පවුකාරයන් කිසිම හිතක් පපුවක් නැති උන්ය.ලෙහි ගුණයක් නැති කුපාඩියෝය.ඉතින් අපට ලියන්නට ඇත්තේ අද මේ රාජපක්ෂ ජාවාරම් කාර කාලකණ්නියන්ට එරෙහිව සටන් කරන්නේ විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු මනූෂ නානායක්කාර අනුර කුමාර දිසානායක වැන්නන් බවය.අනිත් බොහේ දෙනා රාජපක්ෂ කුපාඩියන්ගේ ඩීල් කාර විවිධාකාර ගනුදෙනු වල මැම්බර්ලාය.එබැවින් අපට මනූෂ නානායක්කාර වැනි රැඩිකල් මන්ත්‍රීවරුන්ට කියන්නට ඇත්තේ සද්දෙ දැම්මාට කමක් නැත.ඒත් ලයිෆ් ඉන්ෂරන්ස් එක ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බවද සිහිපත් කරමු.