උණුසුම් පුවත්

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ කීර්තිමත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සමගි ජනබලවේගයේ වෘතීයවේදී බුද්ධි මණ්ඩපයට.

Spread the love

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ කීර්තිමත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඒ මහතාට සමගි ජනබලවේගයේ වෘතීයවේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය විපක්ෂ නායකතුමා විසින් පිරිනමනු ලැබීය.
ක්‍රියාන්විත රාජකාරි ඇතුලු බොහෝ කටයුතු වලදී සක්‍රීයවත් නිර්භීතවත් කටයුතු කර ඇති ඒ මහතා 1972 වසරේදී පොලිස් සේවයට එක්වී ඇත.
නැගෙනහිර කොටිබල සුන් කිරීමේදී ස්වකීය විශ්මිත රණශූරත්වය පෙන්වූ ඒ මහතා මෙරට පාතාලය මර්ධනය කිරීමෙහිලාද සුවිශාල කාර්‍යභාරයක් ඉටු කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි කිරීමෙන් පසු එම බළකායට අලුත් මුහුණුවරක් දුන් ප්‍රමුඛයා නිමල් ලෙව්කේ මහතාය. 2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ප්‍රධානී බවට පත්විය. ඒ මහතා බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ මොසාඩ් පුහුණුවීම් ලද යුද ප්‍රවීණයෙක් ද වෙයි.
ඒ මහතා පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර තලය දක්වා ජයග්‍රහණ රැසකට ද සිය දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙක්ද වෙයි. ඔහු පාසල් අවධිය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව, රග්බි ක්‍රීඩාව පමණක් නොව බොක්සිං ක්‍රීඩාව පවා දස්කම් දැක්වීමට සමත් විය. ඔහු 2007 / 2008 කාල වකවානුව තුළ ශ්‍රී  ලංකා රග්බි සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහුගේ අනුදැනුමෙන් යුතුව 2007 වසරේදී ආසියානු රග්බි තරගාවලියට සිය සත්කාරකත්වය දෙමින් ශ්‍රී ලංකාවට අනුශූරතාවය දිනා දීමට පවා කටයුතු කළේය.පාසල් බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය බිහි කිරීමට ද දායක වු නියමුවෙකු ලෙස එතුමා ප්‍රකටය.

Spread the love

Leave a Comment

You may also like