උණුසුම් පුවත්

නිරෝධායන නිති අදාල නැති……. රාජපක්ෂ රජ පවුලේ 450 කට වැඩි පිරිසක් ශෝටිස් කකා ක්‍රිකට් නරඹයි. සියලු වියදම් ක්‍රිකට් කලමනාකරණයෙන්.

Spread the love

මැදමුලන රාජපක්ෂලා සිතා සිටින්නේ තම පවුලට රටේ නිති කිසිවක් බල නොපෑ යුතු බවය. රාජපක්ෂලා ගේ වහලුන් යැයි සිතා මෙම කාලයේ නිරෝධායන නිති පනවමින් ඒවා තුලින් සාමාන්‍ය ජනතාව ගේ මුලික අයිතීන් පවා උල්ලංගනය කරමින් ඇත. එසේ නිරෝධායන නිති තිබියදි තමන් ගේ බල්ලන් පවා රැගෙන මහින්ද රජපක්ෂ ශිරන්ති,සමඟ නාමල් හා යෝෂිතලා ගේ බිරින්දැවරුන්ද මිතුරන් ,ඥාතින් සමඟ පිරිවර 450 ක් පමණ ඊයේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව සමඟ පැවති ක්‍රිකට් තරඟය නැරඹීමට පැමිණියෝය.

එවනි අති විශාල පිරිසක පැමිණීම ක්‍රිකට් ක්‍රිඩකයන් ගේ ජීවිතවලට පවා මෙම වසංගතයෙන් තරජනයකි. ඔවුන් සියල්ලම  VVIP  පුද්ගලයන් ක්‍රිකට් නරඹන ස්ථානයට පැමිණ ක්‍රිඩාව නැරඹීය. ඒ අවසථාවේ පැමිණි සියල්ලටම අයිස් කොෆී ලබාදීමත් අන්කුත් සංග්‍රහයන් පැවැත්වීම ක්‍රිකට් කලමනාකරනය භාරගෙන තිබුණි. රටේ ජනතාව ගේ මුදල් හොරාකා ඒවගෙන් සැප සම්පත් විදින කාලකන්ණි පවුලක් හා උන්ගෙන් පැවත එන හත්මුතු පරම්පරාවක් නඩත්තු කිරීම ශ්‍රි ලාංකීය ජාතියේ කරුමයකි.

මෙව්වනි කොරෝනා වසංගතයක් හමුවේ ආරාධිත ක්‍රිකට් ක්‍රිඩකයන් හා අපේ ක්‍රිකට් කණ්ඩායම ජෛව බුබුලක සිටියත් ඒ සියලු නිති මැදමුලන රජ පවුලට අදාල නොවන බව මෙයි ඉතාම පැහැදිලිව කියාපායි.


Spread the love

Leave a Comment

You may also like