උණුසුම් පුවත්

රත්තරංට වරාය දුන්නේ කුඩු අදින්න දැයි සැකයි – S/DIG දේශ බන්දුලා, HQI සුනෙත්ලා දුන්න කුඩු S.I සිල්වා විකුණන්න ගෙන ගිහින්.

Spread the love

වරාය හා නාවික ඇමති රෝහිත අබේ ගුණවර්ධන ගේ කුඩු වෙලදාමේ  හා ඔහු ගේ මල්ලිගේ කසිප්පු ජාවාරමේද ප්‍රධානම සගයා  පානදුරේ සලිදුය. බෙදා හැරීමේ පුද්ගලයා කළුතර මුලස්ථාන  (HQI ) ප්‍රධාන පොලිස් පරික්ෂක් C.I  සුනෙත්ය. පොලිස් බලවතා දේශ බන්දු තෙන්න්කෝන්ය. රැගෙන යාම  S.I සිල්වා,

  කුඩු කිලෝ 52 ක්……….

අද වනවිට කුඩු කිලෝ 52 ක් සමඟ අත් අඩංගුවේ පත්ව සිටින S.I සිල්වා සිදු කරන්නේ HQI ගේ ලැබෙන උපදෙස් අනුව ඒවා රැගෙන යාම පමණි S.I සිල්වා කොහේද හිටියේ S.I  සිල්වා මොරගහ හේන පොලිස් ස්ථානයේ සිටි අයෙකි. පසුව S.I සිල්වා කළුතර මුලස්ථාන පොලිසියට ස්ථාන මාරු කර ගන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු හරහාය .

මේ සියල්ලම පිටුපස සිටින පොලිස් බලවතා දේශ බන්දු තෙන්න්කෝන්ය S.I  සිල්වාට කුඩු කිලෝ 52 ක් ගන්නවා තබා ගෙදරට බඩු මල්ලක් ගෙනයාමට අතේ මුදල් නැති පුද්ගලයෙක් බව කළුතර මුලස්ථාන පොලිස් නිලධාරින් අපහට පැවසීය C.I  සුනෙත් විවිධ වර්ගයේ අධි සුඛෝපභෝගි වාහනවලින් මැදියම් රාත්‍රි පාටිවලට ගොස් පැමිණෙන බවත් බොහෝ විට ඒ අවස්ථාවේ රත්තරං නොහොත්,  ඇමති රෝහිත හෝ මල්ලි   සිටිනවා දැක ඇති බවත් පොලිස් පරික්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු අප හා පැවසීය.

කවුද මේ  HQI කළුතර සුනෙත්……

රාජපක්ෂලාට සෑම ව්‍යාපාරයකින්ම කොමිස් යනබව දන්නේ ඔවුන්ට කොමිස් ගෙව් ඇමතිවරුන්ම පමණි. ඒ නිසාම රෝහිතට වරාය නෞක  දුන්නේ කුඩු ඇදීමට දැයි දන්නේත් රාජපක්ෂලාම.  HQI සුනෙත්  දේශ බන්දු තෙන්නකෝන් ගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකි. මොහු මීට පෙර සිටියේ කළුතර දිස්ත්‍රික් අපරාධ විමර්ෂණ ස්ථානාධිපති ලෙසටය. එවකට නමගිය අපරාධ කරුවෙකු කළුතර පොලිසිය භාරයේ සිටියදි පැනගියේය ඒ රෝහිත අබේ ගුණවර්ධන නොහොත් රත්තරං ගේ ගෝලයෙකි. එම සැකකරු පැන නොගිය, නමුත් ලක්ෂ 10 ක් ලබා ගැනීමෙන් පසුව චුමත් නැමති සැකකරුට පැනයාමට උපදෙස් දුන්නේ ඒවක දිස්ත්‍රික් අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිමය. එදා සේවය වහාම  අත්හිටුවිය යුතු වුවත්, සිදු වුයේ උසස්වීමක් දී වහාම වාද්දුව පොලිස් ස්ථානාධිපති ලෙසට පත් කර ගැනීමට තරං රත්තරං  බුද්ධිමත් විය.

දේශ බන්දු ගේ අග්‍රපුරෝහිතයෙකු වු පානදුරේ සලිදු…..

දේශ බන්දු ගේ බොතල් මිතුරා වු රෝහිත අබේගුණවර්ධන ගේ ප්‍රධානම ආධාර කරු වු දේශ බන්දු ගේ අග්‍රපුරෝහිතයෙකු වු පානදුරේ සලිදු ගේ කුඩුHQI  සුනෙත් හරහා හෙරෝයින් ජාවාරම ජයටම කරගෙන යන බව,  දේශ බන්දු දන්නේ කලක පටන්ය. අද දේශ බන්දු කුඩු සලිදු ගේ ළඟ දණ ගසා ඇත්තේ දේශ බන්දු ගේ මහනුවර ,කුරුණෑගල හා හෝකන්දර නිවාස ඉදිකිරීමට විශාල මුදලක් මේ වනවිට වියදම් කර ඇත්තේ කුඩු සලිදුය.

දැන් සිල්වා ගෙන ගිය කුඩුවල ප්‍රධාන අයිතිකරු රෝහිතත් , සලිදුත් , මේවා විකිණීමට අවශ්‍ය තැනට යවන දේශ බන්දු තෙන්නකෝනුත්, HQI  සුනෙතුත් වැටලීමෙන් ඉවත් කොට රැගෙන ගිය S. I සිල්වාව බිල්ලට දි, තිබේ. පොලිස්පතිට කලිසමක් ඇද සිටිය යුතු නම්  කලයුත්තේ වහාම දේශ බන්දු තෙන්නකෝන් හා HQI  සුනෙත් පිලිබදව විමර්ෂණයක් ආරම්භ කිරීමයි.නැත්නම් පොලිස්පති හෙළුවෙන් ඉන්න බව රටට කිව යුතු නොවේ අපි දකින්නේ එසේය.


Spread the love

Leave a Comment

You may also like