උණුසුම් පුවත්

ජනතා සල්ලි උරා බොන ලේ මාපිල්ලු …03………. චන්න ජයසුමන, පවිත්‍රා දේවි ,වෛද්‍ය ප්‍රසන්න හා උත්පලලා ගේ සයිනොෆාම් අළුත්ම ගැහිල්ල.

Spread the love

නිලමැස්සා හොයන්නේම අසුජි වලවල් සේම , සෞඛ්‍ය ඇමති ඩබලම දැන්  හරි හරියට සොයන්නේ ජරාව කෑමට ඇති තැන්ය. ඊටම කියාපු වෛද්‍ය වෘතියටම නිගා දෙන ලේ මාපිල්ලු දෙන්නෙකි, එකෙක් (SPC  සභාපතිය ) වෛද්‍ය ප්‍රසන්න ගුණසේනත්,අනෙකා  (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශත් එකව සොයන්නේම ජරාව කෑමට බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සාක්ෂි සහිතව අපවෙතට තහවුරු කොට කියා සිටි.

දැන් ස්පුට්නික්-  V එන්නත ගෙන ඒමට හිතාමතාම ප්‍රමාද කරමින් නඩරාජා ගේ පල්ලකැලේ පිහිටි කෙලුම් ලයිෆ් සයෙන්ස්  (Kelun Lifesciences PVT LTD )නැමති කර්මාන්තශාලාවෙන් සෙනෝෆාම් වෙනුවට චීනයේ පුද්ගලික සමාගමක් නිපදවන සෙනෝවැක්ස් නැමති එන්නත බෑග් වල පුරවා මෙරටට ගෙනවිත් කුප්පිවල අසුරා වෙළද පොලට දැමීමට සියල්ලම ඉතාම කඩි මුඩියේ සිදුකරමින් ඇති බව අපි දිගින් දිගටම අනාවරණය කලෙමු.

ඒත් ගෝඨාභය නැමති  “ජනාධිපති ගොබ්බයානන්ට ” මේවා වගේ වගක් නැත. මොහු රටේ ජනතාව ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ගොස් අවසානයේ චන්න ජයසුමනලා පවිත්‍රලා ,ප්‍රසන්නලා ,උත්පලලා සමඟ නොව රාජ්‍ය නායකයා ලෙසට තනියම වගවීමට ඉඩ ඇති බව අපි කල් තියාම අණතුරු අඟවන් නෙමු.

චන්න ජයසුමනගේ ගැහිල්ල ගැන බලා සිටීමට අකමැති පවිත්‍රා දේවියත් දැන් මේ වැඩේට බැස ඇති බව ජනතාවට අපි හදපිරි සතුටින් ප්‍රකාශ කරන්නේමු. ඒ මුන් ගේ හෙළුව රටේ 69 ලක්ෂක ජනතාව දැකිය යුතු නිසාය. නඩරාජා ගේ මේ සෙනොවැක්ස් කුප්පි පිරවීමේ අලුත්ම ගැහිල්ල අරුම පුදුම එකකි. ඒ කොරෝනා ලංකාවේ සදාකාලිකව ඇතැයි උපකල්පනය කොට වසර 10 ක් යනතුරු නඩරාජා ගේ සෙනොවැක්ස් රජය මිලට ගතයුතුයැයි කියන ඔලමොට්ටල කතාවකි.

ඊට ලංකා බැංකුව තුලින්  “බයි බැක් ගැරන්ටි ”  (buy back guarantee ) යක් ලබා දිය යුතු බවට ලංකා බැංකුවට බලකර කියා සිටින්නේ සෞඛ්‍ය ඇමති දෙපලය. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ   (SPC  සභාපතිය ) වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා අනෙකා  (SPMC ) වෛද්‍ය  උත්පල ඉන්ද්‍රවංශ විසිනි.  රටේ ජනගහනය මිලියන 22 ක් වුවත් අවම මිලියන15 වක් වෙනුවෙන්වත් වසරකට එන්නත් කල හොත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන් 450 ක්  වියදම් කලයුතුය. වසර 10 ක් පුරාවටම මෙය කිසිදු රටකට දැරිය නොහැකි දෙයකි.

ලංකාවේ ආර්ථිකය සහ මුලින්ම විනාශ වී අවසානය. එසේ තිබියදි මේ ආකාරයේ තවත් මුදල් ගැහිල්ලක්  කරන්නේම රටේ ජනතාව ගේ  මුදල් උරා බීමට බව අපි ඉතාම වගකීමෙනි සටහන් කරන්නෙමු. තවමත් නිසි ප්‍රමිතියක්වත් නොමතිව චීනයෙන් ගෙන්වන සිනොවැක්ස් කුප්පි කිරීම ආරම්භ කර නැතිව තිබියදි ,මෙලෙස බයි බැකි ගැරන්ටි (buy back guarantee ) ලබා දී රටේ අහිංසක මිනිසුන් ගේ සල්ලි හුරා කෑමට කිසි සේත් ඉඩ නොඉදිය යුතුයි. ඊට රටේ ජනතාව වහාම හඩ නැගිය යුතුයි.

 


Spread the love

Leave a Comment

You may also like