කොරේ පිටට මරේ කියන්නාසේ පොලිස් ඇමති වීරේට පැටලැවෙන කරදර කෙළවරක් නැත.බුදු අම්මෝ සයිස් එකේ වීරයෙක් ලෙස පෙනී සිටි පොලිස් වීරේ දැන් කාඩ් කූට්ටමේ ජෝකරයා තරමට නෝන්ඩි කැරැක්ටර් එකක් වී තිබේ.කටුස්සාගේ කරේ රත්තරං බැන්ද කතාව මේ පොලිස් වීරේ දකින විට අපට මතක් වේ.ඒත් දැන් වීරයා කපෝති වී හමාරය.කපෝති වුනා නම් හිත හදා ගන්ටවත් තිබුණාය.
කුජීතම වෙලා ගිහින්ය.මේ ජෝතියා ජිනීවා ගොස් මානව හිමිකම් කොමිසමේ හොම්බට ඇණ දණ ගස්වන සයිස් එකෙන් දැමූ ගොන් පාට්වලට සිරි ලංකාවේ අබ්බ ගොබ්බ ළිඳේ මැඩි ගෝත්‍රිකයන් හිටියේ අමුතු චූන් එකය.හැබැයි මානව හිමිකම් කොමිෂම මේ සිපයියා තඹ දොයිතුවකට මායිම් නොකළ බව දන්නේ ජාත්‍යන්තරයේ වැඩ කිඩ දන්නා එවුන්ම පමණය.ඒ දවස්වල සිරි ලංකාවේ තක්කඩි මීඩියා පෙත්තප්පුලාද පොලිස් වීරේ මුරුංගා අත්තේ තිබ්බේ කළවම් නැති පට්ට සිංහලේ වීරයෙක් විදියටය.අමු මෝල් කාන්තා පරාණ ටිකකුත් සිරි ලංකා භූමියේ වර්ගඵළයවත් හරියට නොදන්නා ගෝපයින් කිහිප දෙනෙකුත් වට කරගෙන පොලිස් වීරේ ජිනීවා වල පෙන්වූ නාඩගම බන්දු සමරසිංගේ ගෝන් ජෝක් තියෙන පික්චර් එකක් වාගේය.ඒත් මේ ජිනීවා කැරැක්ටර් එක පොලිස් වීරේ දේශපාලන වශයෙන් ගොඩදාන්නට අත් උදව්වක් වූ බව නම් ලියන්නට ඕනෑය.පන්සලේ බල්ලාට අධෝවාතයක් ගියාමත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්යැයි මොර දෙන විමල් වීරවංශ නම් සිඟාලයා ගේ කයිවාරු කෙරුවාව ඒ වනවිට පොහොට්ටුවේ සංවිධායක බැසිල් රාජපක්ෂට ඇලජික් වෙමින් තිබුණි.පැවති පාර්ලිමේන්තු ඡන්දයේදී කයිවාරු විමලේ දෙකේ කොලයට කපා දැමීම පොහොට්ටු බැසිල් ගේ සිහිනය විය.දාමට ඉත්තා සගයෙක් නොවන්නා වාගේ කයිවාරු විමලේට හීන් සීරුවේ කෙලින්නට පොහොට්ටු බැසිල් යොදා ගත්තේ මේ පොලිස් වීරේය.ඒ පාර්ලිමේන්තු ඡන්දයේදී අධිරාජ්‍යවාදී විරෝධී පොර නෝන්ඩි කොට වීරේ පළමුවැන්නා කරන්නට කොළඹ දිසාවේ පොහොට්ටුවන්ගේ කතිරය ලකුණු විය.ඉන්පසු පොලිස් ඇමති වූ වීරේ “මං පොර” සයිස් එකෙන් අඳින්නට ගත්තේය. පොලිස් වීරේගේ කයිවාරුවද කෙළවරක් නැති විය.එතැන්සිට වියපත් බඹරා ෂෝ එක දක්වාම පොලිස් වීරේ ඇට් කළ කැරැක්ටර් ගහ වටේ කැරකෙන පීචං කැරැක්ටර් මිස ගැලරියේ විසිල් එකක්වත් වදින තරමේ ඒවා නොවීය.පොලිස් වීරේ ගේ බ්‍රහ්ම දත්ත ගොටු අල්ලන්නා වූයේ ඩීඅයිජී දේශබන්දුය.දේශබන්දුට ඇත්තේ තනිකර උපන් ගෙයි වසල කෙරුවාවන් ගෙන් පිරුණු ගඳ ගහන පැටිකිරියකි.කුරුණෑගල හූඇන්පී ඇමති ජයවික්‍රමගේ ඩයිවරයා විදියට කටයුතු කරමින් සිට පොලීසියට රිංගූ දේශබන්දු රට පටලවන ජාතියේ ඩබල් ඩීල් ගේම් කාරයෙකි.කුඩු මුදලාලිලාගේ ගජ මිතුරෙකි.පාතාලයෙන් කප්පම් ගන්නා පොරකි.යහපාලනය දවස්වල රාජපක්ෂලාට විරුද්ධව කේලාමි කියමින් සිය පැවැත්ම තහවුරු කරගත් දේශබන්දු මිල්ටෙරි නන්දේ ජනපති වගවෙනවාත් එක්කම ටිරාන් අලස් ගේ කූට්ටාලියා විය.
පොලිස් වීරේගේ සමීපතම අතුරු මිතුරු ගොටු අල්ලන්නා විදියටද ලකුණු දමා ගනිමින් සිටින ඩීඅයිජී දේශබන්දු වතුර යටින් ගින්දර ගෙනියන බඩ්ඩක් බව පොලීසියේ හැම දෙනාම දනී.පොලිස් වීරේගේ ඔළුව මසාජ් කරන අතරේම මවුබිමේ ටිරාන් අලස් ගේ ගෙදර කක්කුස්සි හෝදන දේශබන්දු ඊළඟ පොලිස්පති වෙන්නට ඇඟිලි ගනිමින් සිටී.තමන්ගේ පොලිස්පති සිහිණය සැබෑවක් කරගන්නට උදව් ලබා ගන්නට පුළුවන් වීරයා මවුබිමේ අලස් බව දැන් දේශබන්දු දනී.මේ වන විට පොලිස් වීරේ නෝන්ඩි වුන හැම සිටෝරියක්ම ප්ලෑන් කෙරුවේ දේශබන්දු හා මවුබිම ටිරාන් බව අපට අනාවරණය වී තිබේ.
සංචරණ සීමා සෙල්ලන්ද කොල්ලෝ ටයිප් එකෙන් පොලිස් වීරේ පටන් ගත් වාහන ස්ටිකර් ඇලවීමේ සෙල්ලම පටන් ගත් හැටියේම නවත්වන්නට අංචි ඇන්දේ දේශබන්දුය.ඒ කේලම ටිරාන් හරහා මිල්ටෙරි නන්දේගේ කණේ තියා දේශබන්දු හෙමිජ්ජා විය.දැන් පොලිස් වීරේ මිල්ටෙරි නන්දේට ඇලජික් වී හමාරය.හෙට අනිද්දා වෙන විට පොලිස් වීරේ නිකම්ම නිකම් සයිමන් කෙනෙකු වෙන්නටත් බැරි නැත.පොලිස් වීරේ ගෙන් ගලවන පොලිස් ඇමති පට්ටම ගන්නට මවුබමේ ටිරාන් කෙල හලමින් සිටී.
මං යුද්දයේ පස්වැනියා යැයි කයිවරු සභාවේදී ගොත ගසමින් රටම හිනැස්සූ පොලිස් වීරේ ගේ ඇමති පට්ටම ගලවන තුරු දේශබන්දු හීන්සීරුවේ නොදන්නා ගානට ගේම් ගසමින් සිටිනු ඇත්තේය.ඒත් අපට ස්ථිර වශයෙන්ම සිදුවිය හැකි අනාවැකියක් ලියා තැබිය හැකිය.
ඒ ඩීඅයිජී දේශබන්දුට පොලිස්පති තොප්පිය දාගන්නට පුළුවන් වුන හොත් පෙරළුන පිට හොඳයි කියන ජාතියේ ජානගත මේකා කවදාහරි මිල්ටෙරි නන්දේ ගේ අත් දෙකටත් මාංචු දාන එක නම් සිකුරු බවය.