මේ වෙන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අනුරාධපුර සතොස ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන මත්පැන් හලේ මුද්‍රාකඩා දමා එහි තිබූ රුපියල් එක් ලක්ෂ තිස් හතර දහස් ( රුපි; 1,34,000.00 ) වටිනා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් රැගෙන ගියේ කවරෙකු ද යන්න පිළිබඳව අනුරාධපුර පොලිසිය මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම පරීක්ෂණය මෙහෙයවන නිලධාරීන්ට ද මේ වන විට විධ බලපෑම් එල්ල වී ඇති බව අප හට දැන ගැනීමට ඇත.
කෙසේ වුවත් යුද හමුදාව තුළින්ම අපහට දැන ගැනීමට හැකි වූයේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අනුරාධපුරයේ මෑණියෝ බැහැදැක පැමිණීමෙන් පසු ඔහු අනුරාධපුරයේ රාත්‍රී ගත කිරීම නිසා අනුරාධපුර භාර අණදෙන නිලධාරී මේජර් ජෙනරාල්වරයාගේ නියෝගය මත මෙම මත්පැන් තොගය එදා පැවති සාදයට ලබාදීම සඳහා මේජර් ඉන්දික නැමැති නිලධාරීන් පැමිණ රැගෙන ගිය බවයි.
මේ වන විට මෙම පරික්ෂණය අත් හිටුවන ලෙසට යුධ හමුදාව අනුරාධපුර සතොස කාර්යාලයට දැනු දී ඇත. මෙම මේජර් ඉන්දික සුරා බදු නිලධාරින් ද සමඟ පැමිණ නිරෝධායන කාලසීමාවේදි මෙම මත් පැන් රැගෙන ගොස් ඇත.ඒ වන විට සතොස මත්පැන් විකුණන කොටසට මුද්‍රා තබා තිබී ඇත. ඒවා කඩා දමා මත් පැන් බෝතල් රැගෙන ගොස් ඇත.
මෙයින් පෙනී යන්නේ ශවීන්ද්‍ර සිල්වා දමන නීති අද ඔවුන් විසින්ම විනාශ කරන බවත් එසේ වුවත් අනුරාධපුරේ මහවිලච්චිය වැනි දුප්පත් ඉතාමත්ම අසරණ ගොවි ජනතාව නිවසට වී සිටින්නේ ඔවුන්ට දොරගුළු ලා ඇති නිසාය. ජනතාව හිරකර තබා ශවීන්ද්‍ර සිල්වා නීති පනවමින් ඔවුන් මත්පැන් සාද පවත්වමින් මේ අවස්ථාවේදී ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව අප වෙත වාර්තා වේ.
පිළිබඳව යුද හමුදාව තුළම සිටින සමහර නිලධාරීන් අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම නින්දිත ක්‍රියාව සමස්ථ හමුදාවම දැඩි අප්‍රසාදයට පත් කිරීමක් බවයි