උණුසුම් පුවත්

කල්ල මරේ නැවේ ගින්න.

Spread the love

කොළඹ වරාය ප්‍රවේශයේ නැංගූරම්ලා තිබූ X Press Pearl නැව දැවී විනාශ වීම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටෙනවා වාගේ හා ඕනම කුණු ගොඩක් බේරුවල බොක්කට යන කියමන් වලට යස අගේ⁣ට ගලපා ගත හැක්කේය.වරායකට නැවක් ඇතුළුකිරීමේදී එය සිදු කෙරෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයකට මිස ආවාට ගියාට නොවේ.ඕනෑම නෞකාවක් වරායකට ප්‍රවේශ⁣වීමේදී Dengeros Cargo Declaration ලේඛනය අනිවාර්යයෙන් සම්පූර්න කළ යුතුමය.එහිදීී නෞකාවේ කාර්ය මණ්ඩලය කොපමනද පටවා ඇති සියළුම භාණ්ඩ කවරේද ඒ භාණ්ඩඩ අන්තර්ගතයේ රසායනික ද්‍රව්‍ය අවදානමිකාරී දියර පිපිරීමකට ලක්විය හැකිි පුපුරණ ද්‍රව්‍ය තිබේද හා ඒවායේ ප්‍රමාණයන් ආදිය එම ලේඛනයේ ඇතුළත් කෙරේ.අනතුරුව මේ සියළු කාරණා පිළිබඳ ලිඛිත දැනුවත් කිරීමෙන් පසු වරාය අධිකාරියේ වෙළඳ නැව් මෙහෙයුම් අධ්‍යක්ෂ වරයාගේ අනුමැතිය යටතේ නෞකාවකට වරාය තුළ නැගූරම් ලෑමට ඉඩ ලැබේ .එපමනක්ද නොවේ ඉහත ක්‍රියාවලියේදී නෞකාව පිළිබඳ ලබා ගත් සියළු තොරතුරු වරාය අධිකාරියේ Sefety Unit ඒකකයටද නාවුක හමුදාවේ ISPS අංශයටද සමුද්‍ර පරිසර දූෂණ වැලැක්වීමේ අධිකාරියට හා රේගුවටද යැවේ.එය එසේ සිදුවූයේ නම් X Press Peral නෞකාවේ පැවැති අවදානම්කාරී ස්වභාවය ගැන කොළඹ වරාය අධිකාරියේ බළධාරීන් නොදැන සිටින්නට ඉඩක් නැත.
මෙම විනාශ වූ නෞකාව ගැන Splash247.Comවෙබ් අඩවියේ සේවය කරන Sam Chambers නම් ජාත්‍යන්තර මාධ්‍යවේදියා නෞකාවේ හිමිකාරිත්වය පැවරෙන X Press Feoders සමාගමේ හිමිකරු වූ ටිම් හාට්ගේල් හා සාකච්ඡා කොට බොහෝ තොරතුරු අනාවරණය කර තිබේ .එම සඳහන් කිරීම්වලට අනුව මේ නෞකාව 2021වර්ෂයේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත් අළුත් නෞකාවකි .පසුගිය විසිවනදා කොළඹ වරායට නුදුරින් මෙම නෞකාව නැංගූරම් ලන විට එහි ඇසිඩ් ටොන් විසි පහක් සමග බහාලුම් 1486ක් තිබී ඇත.සමාගමේ හිමිකරු පවසන ආකාරයට මෙම නෞකාව තුළ ඇසිඩ් ්කාන්දුවක් සිදුවන බව මුල්වරට දැන ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් ගනනාවක් ඈත පිහිටි අරාබ් මුහුදේදීය.ඉන්පසුව ඒ අවදානම්කාරී තත්වය ගැන දැනුවත් වූ නෞකාවේ කපිතාන් වරයා කටාර්හි හමාස් හා ඉන්දියාවේ බටහිර වෙරළේ වූ හසීරා වරායන් වල නෞකාව නැංගූරම් ලෑමට අවසර ඉල්ලා ඇතත් එම වරාය බළධාරීන්ගෙන් ඒ සඳහා අවසර දී නැත.මෙම නෞකාව ලංකාවට එන්නේ ඉන්පසුවය.
ඉහත කාරණා සියල්ල විමසා බලන විට ලංකාවේ වරාය හා එහි අධිකාරී බලයක් හිමි සෑම පාර්ශවයක්ම මෙම ⁣නෞකාවේ පැවැති අවදානම ගැන නොදැන සිටියා කීම විශ්වාස කරන්නට බැරි තරමේය.
නෞකාවේ ඇවිලුන ගින්න මැ⁣ඩ පැවැත්වීමට ප්‍රථමයෙන් මැදිහත් වූ වරාය මෙහෙයුම් ඒකකය ගැන නිරීක්ෂණයට ගිය වරාය අමාත්‍යවරයා තම මුහුනු පොතෙහි ලියා තිබුනේ සාර්ථකව නෞකාවේ ගින්න මැඩපැවැත්වූ බවය.එම ගින්න තුළ අංශක අසූවක උෂ්ණත්වයක් ⁣පැවැති බවද පසුව ඔහු මාධ්‍යවල⁣ට ප්‍රකාශ කොට තිබුණි.
උෂ්ණත්වය මැනීම අංශක වලින් දැක්වීම තුළම මේ අමාත්‍යවරයාගේ ගොබ්බ කම තේරුම් ගන්නට පුළුවන.ලංකාවේ ඩොලර් සංචිතයේ ස්ථාවරත්වය සඳහා ⁣අවශ්‍ය කෙරෙන ඩොලර් නෞකා මගින් ගෙන එන බවද මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේද මේ ඇමැත්තාමය.


එහෙව් අබ්බ ගොබ්බ ඇමැතියෙකුගේ පාලනය යටතේ පවතින වරායක වගකීම කෙසේ තිබේද යන්න අමුතුවෙන් හාරා බැලිය යුතුද නොවේ.මේ නෞකාව වරාය තුළට ප්‍රවේශවීම සඳහා නැංගූරම් ලෑමේ සිට ⁣ගින්න ඇවිලීයාම දක්වා සියලු බළධාරීන් දැන සිටි නමුත් මේ ඇවිලීමෙන් රටට හිමිවෙන රක්ෂණ මුදල් ගැන පැවැති තක්සේරුව ඒ නෞකාවෙන් පරිසරයට සිදුවන හානියට වඩා වැඩි බව බලධරයන් කල්පනා කර ඇති බව නිසැකය.මේ ලංකාවේ වරායේ ගිණි ඇවිලී විනාශ වූ දෙවන නෞකාවයි.මීට පෙර විනාශ වූ නෞකාවක සමාගමකින් ලංකාව අය කරගත්රක්ෂණ මුදල කොතෙක්ද යන්න පවා මෙතෙක් ප්‍රසිද්ධියට පත් කොට නැත.
ඇතැම්විට ඒවා ඇත්තේ රාජපක්ෂ සනුහරේ ගිනුම්ගතවය.අවදානම්කාරීව පැවැති මේ නෞකාව වරායේ නැංගූරම් ලෑමට ඉඩ දුන්නේ ලැබෙන රක්ෂණ මුදල පොකට් ගැහීමටදැයිි අපට සැකයක් ඇතිවී තිබේ.ජාතිය ආගම විකුණාගෙන කන මේ හොර හැත්තට මෙම නෞකාවේ ගින්න නිසා ලංකාවෙි මුහුදු පරිසරයට සිදු වූ බරපතල හානිය හූනු බිජ්ජක් තරම්වත් නොවටිනේය.


Spread the love

Leave a Comment

You may also like