මේවනවිට ලංකාවේ ව්‍යාප්තව යන කෝවිස් 3 වන රැල්ල නිසාම බන්ධනාගාර රැදවියන් තම ඥාතින්ට හෝ පවුලේ කිසිවෙකුටත් හමුවීමට් ඉඩ නොලබේ. ඒ නිසාම සිරකරුවන්ට අපමන් දුක්ඛිත තත්වයකට මුහුණ දීමට සිදුව ඇත. ඒ තම දෛනික ආහාර වේලට අමතරව තම පෞද්ගලික අවශ්‍යතාවන් ලබාගැනීම කල යුත්තේ සිරකරුවන්මය ඒවනි තත්වයක් මත කාන්තා රැදවියන් ඉතාම අසරණතත්වයට පත්ව තිබෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සභාපති නිතිඥ සේනක පෙරේරා මහතා පැවසීය .

තම ඥාතින් බැලීමට ගොස් ඔවුනට මිට පෙර පෞද්ගලික අවශ්‍යතාවන් ඉටුකර දුන් නමුත් දැන් ඒ තත්වය මුළු මනින්ම නතර වී ඇත. ඒ නිසාම සිරකරුවන්ට අවශ්‍ය අවම පහසුකම් පිලිබදව සොයා ඒවා ලබාදීමට ක්‍රියා කිරීම සදහා ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ මැදිහත්වීමක් ඉල්ලා ඇත. මේවනවිට කොරෝනා රෝගයෙන් සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවට දැන ගැනීමට ඇත.

