2018 වසරේ දි නැගෙනහිර පලාත භාර ශ්‍රිලංකා යුධ හමුදා බුද්ධි නිලධාරියෙකු ලෙසට ක්‍රියා කර ඇත්තේ මේජර් මංජුල නැමති අයෙකි. එවකට ශ්‍රි ලංකාවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ලෙසට ක්‍රියාකලේ පාස්කු ප්‍රහාරය සිදුවීමට ආධාර අනුබල දී ඇති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. (ප්‍රහාරයෙන් පසුව ඔහු දුරකතන හා ලැප්ටොප් යන්ත්‍රයේ සියළු දත්ත මැකු අයෙකු බව ඔහුම පිලිගෙන ඇත. )
ඒ වන විට රට පුරාම මුස්ලිම් විරෝධි මතයක් දළුලා වැඩෙමින් පැවති අවදියක් විය. ඊට හේතු කාරනා නැතුවාම නොවේ. ඒවන් වට පිටාවකදි 2018 වසරේ මද්‍රාසා පාසැල් පිලිබදව හා තව්පික් ජමාත් වැනි සංවිධාන හිටිහැටියේම මතුවිය. ඒත් ඒ සියලු සංවිධාන ඒවන විටත් පාරම්පරික මුස්ලිම් ජනතාව තුලම භීතියක් ඇතිකල බවට හා 2012 වසරේ සිටම ඒ පිලිබදව එවකට සිටි ආරක්ෂක ලේඛම් වු
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතවම දැනුම්ම් දී ඇති බැව් උලමා සංවිධානය ප්‍රකාශ කරයි.
2018 වසරේ එවක පැවති රජයට පිල්ලයාන් ගේ පලාත් සභා මංත්‍රිවරයෙකු වු පුෂ්පරාජ් නැමැති අය ලද තොරතුරක් පිලිබදව ඔහු යුධ හමුදා බුද්ධි නිලධාරි මේජර් මංජුල නැමති අයට ඉතාම වැදගත් රහසිගත හෙලිදරව්වක් සිදු කොට ඇත. ඒ වන විට අක්කරපත්තු කැලය තුල හරකුන් දක්කාගෙන යන පුද්ගලයෙකු ලෙසට එම ස්ථානය පිලිබදව මනා දැනීමක් තිබි ඇත. පුෂ්පරාජ් හෙලි කර ඇත්තේ එම කැලය තුල ජාතික තවුෆික් ජමාත් සංවිධානයේ පුද්ගලයන් ඉතාම රහසිගතව අවි පුහුණුවක් ලබන බවයි.වැඩිදුරටත් දැනුමදී ඇත්තේ ආමි මොහිදීන් ,මජීඩ්, උෂා මොහොමඩ් යන පුද්ගලයන් සිටින බවට ඔහුට තොරතුරු ලැබී තිබුණු බවත් ආමි මොහිදීන් යනු කලක් යුධ හමුදාවේ සිටි අයෙකු බවත් හෙලිකර ඇත.
ඒ පිලිබදව නැගෙනහිර පලාත් භාර යුධ හමුදා (MI) බුද්ධි නිලධාරි මේජර් මංජුල දැනුවත් කර තිබු නමුත් ,නිසි ක්‍රියා මාර්ග නොගත්තේ කවරෙකු ගේ ඉල්ලීමකට දැයි පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණ කොමිසම් සභාවද එය සඟවා ඇත. මේ කොමිසම් සභාව කිසිදු ප්‍රශ්ණ කිරීමක් නොකරන්නේම මිනිමරුවන් රැකීමට මිස මිනිමරුවන් හෙලි කිරීමට නොවන බව මෙයින්ම පෙනේ.
එසේම ඒවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් ලෙසට සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේ පිලිබදව දැන නොසිටියේ මන්ද …..?
ඒත් මෙම පුෂ්පරාජ් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති දිර්ඝ ප්‍රකාශය පිලිබදව විමර්ෂණය නොකරන්නේ කවරෙකු ආරක්ෂා කිරීමට දැයි ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇත.