නිතිපති මහළු දප්පුලයා තමා ගේ 60 පැනීම නිසා නිශාරත් රැගෙන ගෙදර නොයා දැන් ලහිලහියේ වසරක සේවා දිගුවක් ගැනීමට බලාපොරොත්තුවෙන් අලි සබ්බ්‍රි ගේ ගෙදරට බඩගාමින් සිටියේය. ජුනි මැදවනවිට රැකියාවෙන් යාමට සිටි නමුත්, දප්පුලු ලිවේරාට පරණ පිණක් කඩා වැටී ඇත.
මෙතෙක් අලි සබ්බ්‍රිව සොයා ගිය දප්පුලු දැන් රටේ ජනාධිපතිම ගෙදරට ගෙන්වා ඇත. ඒ පෝට් සිටි පනත පිලිබදව කතා කිරීමටය .තමාගේ සැඟව තිබු බලු ගතිය පෙරට දමා එක පයින්ම ඊට අනුමතිය ඒ වෙලේම දී ඇත. මෙයින් උද්දාමයට පත් ගෝඨා තේ පැන් සංග්‍රහයක් ද කොට ඇත.
රටේ නිතිය එක එකා ගේ උවමනාවට යොදවන රට ශ්‍රි ලංකාව වන නිසාම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ නිතිය ,යුක්තිය පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ නිසාම ස්ථිර වශයෙන්ම නිතිපති ගේ අනුමතිය මත යැයි මෙම පනතට අනුමතිය ලැබෙනු ඇත.
මේ නිසාම රටේ නිතියක් හෝ යුක්තියක් තවත් නම් කිසි දවසක නොලැබෙන නිසාම රට බේරා ගැනීමට දැන් ඇත්තේ දිවි හිමියෙන් පාරට බැස චීන යෙන් රට බේරා ගැනීම පමණි.