වෙනත්

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නන්දන සේනාධිරත් පිස්සු නැටීම අරඹයි.

Spread the love

පසුගිය මාර්තු 31 දින සේවා වනිතා යයි කියමින් මහඔය යන ඇය , ආරක්ෂක ලේකම් බිරිද හා තවත් මිතුරියන් හතර දෙනෙක් එදින රෑ මහඔය බලකායේ විස්කි බොමින් දඩමස් කමින් සාජ්ජයක් පවත්වා ඇත. පසුදින මොන්ටිසෝරිය නිරීක්ෂණය කර දිවා ආහාරයද ගෙන අම්පාර D S සේනානායකයන්ගේ බංගලාවට ( දැනට සිවිල් ආරක්ෂක බලකායට අයත්) පැමිණ ඇත. එදින රාත්‍රියද විස්කි, දඩමස් හා සංගීතයෙන් මත්වී පිස්සු නැටූ නෝනලා පසුදින උහන බලා ආපසු ගමන් ගත්තේ අතින් කටින් තෑගි බෝගද රැගෙනය.
මීට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සේරසිංහ ගේ බිරිද හා දරුවන්ද , අනෙක් අධ්‍යක්ෂකවරුන්ගේ බිරිදන්ද සහභාගී වූහ.
ඔවුන් සියලු දෙනාම ප්‍රවාහනය කලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල රථ 8 කිනි. මේවා සදහා නොමිලේ අසීමිතව ඉන්ධන ලබාදී ඇත.
දුකට කරුණ නම් මෙම ස්ත්‍රින්ට නාඩගම් නැටීමට රජය දුප්පතුන්ගේ මුදල් නැවත නැවතත් යෙදවීමය.
අධ්‍යක්ෂ ජනරාල් බිරිදගේ පෞද්ගලික භාවිතයට නිසාන් මෝටර් රථයක් හා ඩිෆෙන්ඩරයක් ලබා දී ඇත. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බිරිදටද ටොයොටා ජීප් රථයක් ලබාදී ඒවා සියල්ලටම රියදුරන්, පරිවාර භටයින් හා අසීමිත ඉන්ධන ලබා දෙන්නේ කෙසේද?
තවද 12/04/2021 දින කලුතර සේරුපිට බලකායේ රු. ලක්ශ 05ක් වැය කරමින් අති විශාල අවුරුදු උළෙලක් පැවැත්වීමට නියමිතය.
රටේ ජනතාව කෝවිඩ් 19 නිසාත් රජයේ මගෝඩි නිසාත් ආර්ථික පරිහානියට පත්ව ඇති අවස්ථාවක බාල් නැටවීමට සැලැස්වීමට තරම් මේ රජයේ හමුදා නිලධරීන්ගේ මොළගෙඩි වලට හෙන වැදී ඇත්ද? රටේ ආර්ථික පරිහාණිය ඔවුන්ට අදාලම නැද්ද?
අවුරුදු උළෙල සදහා සියලුම අධ්‍යක්ෂවරුන්ගේ බිරිදන්ද , බලකා අණදෙන්නන් හා බිරිදන්ද සහභාගී වීමට නියමිතයි.
මේ රට ලෝකයට ණය කොට තම බඩවඩා ගන්නා මෙම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මන්ද බුද්ධිකයින් එළවා දමමුද?
පසුගිය මාසයම එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ එකම රාජකාරිය අවුරුදු උළෙල සූදානම් කිරීම පමණි.
යුධහමුදාවේ පසුපෙල සිටිමින් , ලොක්කන්ගේ වැසිකිළිවලට වතුර ගෙනයමින් තම මඩි තර කරගන්නා නිළධාරින් තවදුරටත් සේවයේ තබා ගනිමින් ගෝඨා නටන නාඩගම කුමක්ද?
මේවා ජනතාවට නොපෙනෙන්නේ මන්ද?

Spread the love

Leave a Comment

You may also like