වෙනත්

මෛත්‍රි පනින කොටම කාදිනල් උන්නාන්සේ ගේ එකත් පනී….

Spread the love

වසර 02 කට ආසන්න කාලයක් පුරාවටම අපි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ට පාස්කු ප්‍රහාරය පිලිබදව විටින් විට ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කලේ කෙසේ හෝ මෙහි මහ මොලකරු අල්ලා ගැනීමටය .

ඒත් අද දිනය තෙක්ම උන්වහ්න්සේ ලැග්ගේත්  “බැටළුවන් “සමඟ නොව තම භක්තිකයන් මරාකෑ  “බල්ලන් ” සමඟය. අද ජනතාව දකින්නේ ඔබ වහන්සේගේ ලොගුවේ බලු මැක්කන් සිටින බවය . කුමක් හෝ හේතුවකට ඔබවහන්සේ රකින්නේම රාජපක්ෂලා බව ඉතාම කණගාටුවෙන් කිවයුතුය.

අද පාස්කු දිනයේ හිටි හැටියේම ඔබවහසේ අවදිකර එව්වේත් රාජපක්ෂලාම බව අපිට නම් කීමට අමුත්තක් නැත. ඊයේ මෛත්‍රි මහනුවරින් වෙන් උනාට කොළඹ දී නැවත බල්ලන් සමඟ වාසයට යනවාමය. ඒ මෛත්‍රි දේශපාලනය දන්න නිසාය. කිසිදවසක මෛත්‍රි රාජපක්ෂලා ගෙන් වෙන් නොවන බවත් මෛත්‍රි අත් අඩංගුවට පතවන්නේත් මැතිවරණය ආසන්නයේ  රාජපක්ෂලා ගේ හරකුන් සතුටු කිරීමටත් මෛත්‍රි ගේ හරකුන් ගේ අනුකම්පාව ගැනීමටත් යන දෙපක්ෂයටම වාසි ලෙසටය. ඒ රාජපක්ෂලා  ජනතාව ගොනාට අන්දන ක්‍රමයයි.

ඒත් රටේ ක්‍රිස්තියානි ජනතාවට වඩා බෞද්ධ ජනතාව ඔබ වහන්සේට ඉතාම ප්‍රියමනාප හා ඉතාම ගෞරවනියයි. ඒත් ඒ ගෞරවය දැන් ඔබවහන්සේ දැනුවතව හෝ නොදනුවත්ව හීන වෙමින් යන්නේ බල්ලන් සමඟ ලැගීමට යන නිසාය. පාස්කුවේ පිහිටෙන් ජනාධිපති වුයේ ගෝඨාභය රාජපක්ෂ බව ඔබවහන්සේ නොදන්නවා දැයි අපි නොදනිමු. පාස්කුවේ මහමොලකරු සිරිසේන නොවන බව සහතිකය,  මේ එවනවිට සියළු වාර්තාවලින් හා සිද්ධින් පිලිබද ඇති තොරතුරු වලින් සනාත වී ඇත.

මෛත්‍රිපාල සිදුකලේ රාජපක්ෂලාට බෝල ගැසීමට පිටිය සකස් කර දීමය . ඒත් බෝල ගහපු එකා පස්සේ නොයන ඔබ වහන්සේ,  බෝලේ හදපු කොම්පැණිකාරයා ගෙයි   පිට්ටනිය කපපු උන් ගෙයි  පස්සෙන් පනනනේම මෙම මිලේඡ ප්‍රහාරයෙන් දිවි පිදි හා තුවාල ලැබුවන්  “බෝල ගැසු ඒකා ” ගේ බෙල්ලෙන් ඇල්ලීම වලක්වා ගැනීමට බව අපිට ඉතාම හොදින් අද වැටහුනි.

දැන් ඉතින් ඔබවහන්සේටත් අපිට කීමට ඇත්තේ බල්ලන් එක්ක ලැග මැක්කන් එක්කම නැගිටීමට සිද්ධවන බවයි, ඒ නිසා ඔබවහන්සේ දැන් කලයුත්තේ තවත් කල් නොමරා බ්‍රිතාන්‍ය , ප්‍රංශය හෝ, යුරෝපාරටක පොලිසියකට විමර්ෂණය භර දීමය . ඒත් ඔබවහන් සේ කිසි දවසක එය නොකරන බව අපිට නම් සහතිකය.

ඒ ඔබවන්සේ ජනතාව ඉදිරියේ ” බැටළුවනට ” ප්‍රේම කරාට ඇතෙන්ම ආදරේ මිනිකන “බල්ලන්ට ” වීම නිසාය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like