උණුසුම් පුවත්

ආණ්ඩුවේ ආදායම corona ගරානාවයි -(විඩියෝ සහිතයි)

Spread the love

මේ වන විට ලෝක කොරෝනා රෝග පැතිර වීම පාලනය කිරීමට විවිධ රටවල නායකයින් දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කරන්නේ තම රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ය. එහෙත් අවාසනාව නම් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත බිල්ලට දී තම පවුලේ සහ රාජපක්ෂ පරම්පරාවේ ගතමනාව වෙනුවෙන්ය.

මෙතෙක් ධනය ඉපයූ විදෙස් ශ්‍රමිකයන් ගේ  ලේ උරාබොන ඝරානා මාෆියාවක් තම සහචරයන් ලවා පවත්වාගෙන යාමට තරම් ගෝඨාභය රාජපක්ෂ නැමැති  ජනාධිපතිවරයා තිරිසන් වී ඇති ආකාරය දිනපතාම   අප වෙත ලැබෙන තොරතුරුවලින් පසක් වි හමාරය.මේ පිළිබඳව තවදුරටත් හෙළි කරන මෙරට  ඉංජිනේරු වරයෙක් වශයෙන්  යුරෝපා රටක සේවය කරන එම තරුණ පුද්ගලයා කියා සිටින්නේ පාන් බාගයක් සමඟ මාළු දෙකක් ලබා දී කුඩා බෑග් එකට දමා දෙන ඒ කෑම සමග දිනකට රුපියල් 7,500 ක මුදලක් තමාගේ කාමරේට අය කරමින් ඉතාමත් තිරිසන් ආකාරයට ගෝඨාභය රාජපක්ෂගේ ගජමිතුරු කල්ලිය ජනතාව මේවිදෙස් ශ්‍රමිකයන්ව හුරන් කන බවයි. මේ නිසාම විදෙස් රටවල සිට ලංකාවට පැමිණ ගෝඨාභය ජනාධිපති වරයා කරවීමට ඡන්දය ලබාදුන් සියල්ලටම දැන්  දිට්ඨධම්ම වේදනීය කර්මයක් සේ පඩිසන් දෙමින් තිබෙන බව ඉතාමත් කණගාටුවෙන් මතක් කළ යුතුය.

මෙම පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට වඩාත් මෙය පසක් වනවා ඇත


Spread the love

Leave a Comment

You may also like