උණුසුම් පුවත්

සුරාබදු ,සූදු සහ විනිමය යන පනත් පෝට් සිටියට අදාල නොවේ- ශ්‍රී ලංකාවේ  චීන අධිරාජ්‍යයක්

Spread the love

මේ වන විට කොළඹ ඉදිවෙන වරාය නගරයට සහ තදාසන්න ප්‍රදේශය  කිලෝ මීටර් 3.69 කින් සමන්විත ගොඩබිමින් ද මුහුදෙන් හෙක්ටයාර ගණනාවක් , හා තවත් මුහුදු පෙදෙසක් ද එක් කොට ඉදිකර ඇති පෝට් සිටිය කොළඹ වරාය නගරය මේ වන විට චීනයේ  ආධිපත්‍යයට පැවරෙන බව අප වෙත තොරතුරු ලැබී ඇත .එසේම ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ පරිදි සුරාබදු පනත, සුදු පනත, සහ විනිමය යන පනස් සියල්ලම ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නමුත් පෝට් සිටිය තුළට ඒ කිසිදු පනතක් අදාල නොවන බව කැබිනට් මණ්ඩලය ඊයේ දැනුවත් කරමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇත.

මෙය රටක් තුළ ගොඩනැගෙන වෙනත් අධිරාජ්‍යවාදී දැඩි ව්‍යසනයකි. මේ වන විට ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලට හසුවී හමාරය ,ඇන්ගෝලාව, නයිජීරියාව, පාකිස්ථානය සහ චීන ආධිපත්තිය ගොඩනගාගෙන ඇති අනිත් රටවල් වලට වඩා මේ වන විට සමස්ත භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක්ද චීනය විසින් අත්පත් කරගෙන ඇත.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  යුද්ධය අවසන් වීමත් සමඟම චීනය ගොඩ බැස  සිදුකරන ලද අසීමිත ණය කන්දරාවෙන් ලබාගන්නා ලද කොමිස් මුදල් නිසා රාජපක්ෂවරුන් අද මුළු රටම චීනෙට නතු කරමින් සිටින බව ට පෙනී යන ප්‍රධාන කරුණකි.

මෙනිසාම චීනයට එරෙහිව ලංකාවාසී ජනතාවගේ හඬ අවදි කළ යුතුය නොවුණහොත් ඉදිරියේදී දැඩි වියසනයක් සිදු වනවා නොඅනුමානය. මේ නිසාම මීට පෙර අවස්ථාවකදී ද අප පෙන්වා දුන් පරිදි චීන ජනරජය විසින් කොළඹ පෝර්ට් සිටිය වෙනුවෙන් වෙනමම නීති පද්ධතියක් දියත් කිරිම සදහා චීන පොලිසියක් ස්ථාපිත කිරීමටද ඔවුන් මේ වනවිටත් අවධානය යොමු කර ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමටඇත.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව තුළ වෙනම පොලිස් ඒකකයක් ද මේ අනුව නිර්මාණය වීම කිසිවකුටත්  වැළැක්විය නොහැකිය


Spread the love

Leave a Comment

You may also like