වෙනත්

“අම්මගේ රෙද්ද” නිසා CID යයි , ගොඩනැගිල්ලයි දෙකම විනාශයි.

Spread the love

ශ්‍රි ලංකා පොලිසිය බිහිවීමත් සමගම ජනගහන වර්ධනය හා පැමිණි අපරාධවල වැඩිවීම පාලනය කිරීම වස් 1870දී අපරාධපරීක්ෂණ දෙපාර්තමෙන්තුව පිහිටුවා ලිය. එදා සිටම පසුගිය වකවානුව තෙක්ම රටේ ජාතික කතාබහට ලක්වන අපරාධ  පමණක් මීට විමර්ෂණයට භාරදීම පිලිගත් සම්ප්‍රධායකි.එදා මෙදා තුර ශ්‍රි ලංකා පොලිසියට සුවිශේෂිතවු කීර්තිනාමයක් ගෙන දුන් ආයත්නයක් වුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බව කිවයුතුමය.

එදා මෙදා තුර සිටි අධ්‍යක්ෂක් වරුන් ගේ මෙහෙය වීම ඊට ලැබු නායකත්වය හා කැපවීම ඉතාම ප්‍රසන්සනීයයි. ඒත් ජාතියේ අවාසනාවට පසු ගිය 2015 යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැමිණියේම රටේ කොල්ලකාපු අතිවිශාල ධනයක් සොයා රටේ ජනතාවට භාර දීමටත්  2015ට පෙර පැහැර ගෙන ගොස් මරාදැමු මිනිමරුවන් හා කොල්ලකරුවන් සෙවීමට විශේෂ අංශ හා විශේෂිත අධිකරණ පවා පිහිටුවන බවට නන්දොඩවලාය.

ඒත් අවසානයට මෛත්‍රිපාල නැමති කාලකන්නි දෙපිටකාට්ටුව රටේ කීර්තිමත්, පොලිස් නිලධාරින් රැසක් රාජපක්ෂලා ගේ වධකාගාරයට යැවීය. ඊට ප්‍රධානම හේතු වුයේ මෛත්‍රි – රනිල් දෙබෑයන් රාජපක්ෂලා ගේ ආරක්ෂක මුරබල්ලන් වීම නිසාය . ඉන් සිදු වුයේ රටේ සුවිශේෂිත වු ආයතනයක් විනාශ කිරීමට පාහර හොරු ,කොල්ලකරුවන් වු වර්තමාන ජනාධිපති, ප්‍රධාන කැබිනෙට්ටුව බලයට ගෙන ඒමය.  ගෝඨාභය නැමති මහාධිකරණයේ අධි චෝදනා ලැබු චුදිතයා පිලිබදව CID  ය විමර්ෂණය කොට නඩු පැවරීය.  ඒ  “අම්මගේ රෙද්ද ” නිසාය.

ලෝකයේ කිසිදු මිනිසෙකු නොකරන දෙයක් වු හොරාකා දෙමාපියන්ට පිං පිණිස සොහොන් හැදු එකම පුද්ගලයා වු වර්තමාන ජනාධිපති ගෝඨාභය පිලිබදව විමර්ෂණය කිරීම අද CID ය විනාශ කිරීමට ප්‍රධාන තම හේතුව බව අපි ඉතාම හොදින් දනිමු.

එනිසාම එහි අධ්‍යක්ෂක්වරයා වන ශානි අබේසේකර අද සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. ඒ ඔහු දක්ෂ විමර්ෂකයකු වු නිසාවෙනි. කිසිදු අපරාධ චෝදනාවක් නොමතිවය. (අදටත් ඔහු ගේ ජීවිතය අවදානම්ය ඔහු මරාදැමීම ආණ්ඩුවේ වුවමනාව වේ. )එවන් වටපිටාවක් තුල දැන් CID ය වැසීම ආණ්ඩුවේ ඊළඟ පියවරය.

මෙය සමස්ථ ජාතියටම කවදා හෝ නැවත් ආපස්සට හැරවිය නොහැකි විනාශයකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව භාරව සිටිය යුත්තේ රටේ එක් අධ්‍යක්ෂවරයෙකි දැන් ගෝඨාභය ආණ්ඩුව අධ්‍යක්ෂක වරුන් පැටවු ගසා අතපය ගලවා  තම හෙංචයියන්ට දී ඇත. දැන් අධ්‍යක්ෂක CID ට ඇත්තේ FIU  1  හා 3 ද වෙළද අපරාධ මුල්‍ය හා CCIU 1,2,3 වැනි ඒවත්, රටේ භයානක මිනිමැරුම් පිලිබදව ඇති විමර්ෂණයකදී කොටසක් ද ,  මෙම අපරාධය රටක් ලෙසට විශාල විනාශයකි.

එදා “අම්මගේ රෙද්ද ” ශානි සෙව්වේ ගෝඨාභය සමඟ තිබු පුද්ගලික වෛරයකට නොව ඔහු ගේ රාජකාරියේම කොටසක් වු නිසාවෙනි. අද අධ්‍යක්ෂක නිශාන්ත ද සොයිසා සිදු කරන සියලු විමර්ෂණයන් ද ඔහු ගේ පුද්ගලික දෙයක් නොවන බව පක්ෂ විපක්ෂ දේශපාලක්යන්ට අමතකය.

මොකා බලයේ සිටියත් අපරාධයක් නම් එය අපරාධයකි. පක්ෂයක් මාරු වු පමනින් රජයක් මාරු නොවන බව තේරුම් ගැනීමට නොහැකි පාලකයන් හා ජනතාවක් සිටීම කරුමයකි. තවත් නොබෝදිනකින් 1870 බිහි වු කීර්තිමත් අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ මිනිපෙට්ටියේ අන්තිම ඇණයත් ගැසීමට ගල්කිස්ස හා වලාන දුෂ මර්ධන ඒකකයේ පොලිස් අධිකාරි වරුන් දෙදෙනෙකු කැදවීමට නියමිතය.

ඉන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවත් මහපොලව අයිති නැති කැලේ විතරක් අයිති ගෝඨාභය ගේ වනජීවී ඇමති සේ අපරාධ අයිති නැති දුරකතන සම්බන්ද කම් සොයන අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂක වරයෙක් පමණක් බිවෙනවා ඇත.

මේ සියල්ලට මුලික වු යේ රටේ නමගිය අපරාධකරුවන් පාර්ලිමෙන්තුවට ගොස් උන් ගිය දා පටන්ම මාන බලමින් සිටියේම රටේ ආඩම්භරයෙන් කීමට තිබු අපරාධපරික්ෂණ දෙපාර්ත්මේන්තුව බල්ලා මක් කොට වසා දැමිමටය.

 


Spread the love

Leave a Comment

You may also like