
මේ වෙන විට වසර එකසිය පනහකට වඩා වැඩි ආයු කාලයක් සපුරා ඇති ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දැනට ඇත්තේ ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකය හැමදාම අප ඒ පිළිබඳව කරුණු ගෙන හැර පෑ අවස්ථාවන් එමටය. අද පොලිසිය බලු වී ඇත්තේ පොලිසිය තුළට බල්ලන් රිංගීම නිසාය.
සෑම ආයතනයකම “මහත්තුරු ” සේම බල්ලන් ද නැතුවා නොවේ. පොලිස් ප්‍රජාව තුළ ද හදවත උණු වෙන නීතියානුකූලව තම රැකියාව කරන මහත්වරුන් අපමනවත් සිටී ඒත්, එවැන්නන් ඇඟයීමට ශ්‍රි ලාංකිකයන් ඉතාම කුහකය. ඒ කොස්තාපල්වරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වාම ඔවුන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. ඒත් අද වන විට සමස්ත සමාජයේ ම දැඩි විවේචනයට සහ පිළිකුලට පාත්‍ර වන්නේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ වැනි පොලිස් නිලධාරින් කියන කතා නිසාය.
අද එවැනි එක් අවස්ථාවක් උදා වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක යෙකු සිටියදීම පරිසර භාර අධ්‍යක්ෂක ලෙසට රාජකාරි සිදු කරන නිරෝෂන් රාජපක්ෂ නැමැති ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද වසර ගණනාවකට නැවතත් පොලිස් ප්‍රජාව මහා ජරා ගොඩක ගිල්ලවිය. මේ වන විට සමාජ මාධ්‍ය සහ එකී නොකී මෙකී සෑම ක්ෂේත්‍රයක් තුළින්ම දැඩි අප්‍රසාදය පොලිස් නිළ ඇඳුමට පැමිණීමය.
ආණ්ඩුව සහ රජය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති මෙවැනි නිලධාරියෙකුට ඉතා භාරදූර වගකීමක් පැවරීමට තරම් පොලිස්පතිවරයා මන්ද බුද්ධික දැයි අපිට ඇසීමට සිදු වේ. පොලිස්පතිවරයාගේ වගකීම ඔහු නිසි පරිදි ඉටු කරනවා නම් මෙවැනි මන්ද බුද්ධිකයින් පරිසර අධ්‍යක්ෂකවරුන් වශයෙන් කිසි දවසක පත් කරන්නේ නැත. අද සිදුව ඇත්තේ දේශපාලකයෙකුගේ කීම මත ඒ සියල්ල සිදු කිරීමය. ” ආණ්ඩුවක් බලයට “පත්වුවත් පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම ලංකාවේ “රජය” ආරක්ෂා කිරීමය. ආණ්ඩු එති, යති, ඒත් රජය සැමදාම නොවෙනස්ව පවතී. ඒ නිසාම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම නොවෙනස්ව තම රාජකාරිය නොපිරිහෙලා ජනතාවට ඉටු කිරීමය.
පසුගියදා භාග්‍ය අබේරත්න දියණිය වෙතට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගොස් ඇයව මානසික පීඩනයකට ලක් කළේ ඇයි දැයි රක්වාන පොලිසිය පිළිබඳව කරුණු විමසීමේ දී දැන ගැනීමට හැකි වූයේ වනජීවී ඇමති සී බී රත්නායක ගේ දැනුම්දීම මත එසේ කළ බවකි. රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන ඉහල නිලධාරින්ට වහාම විනයානුකුල පියවර ගත යුතුය. ගුරු ගේ මැණික් අයිතිකරු සිංහරාජ ලෝක උරුම යක් අසල අක්කර ගනනක් කපන තෙක් පොලිසිය මරනින්දේ පසු වුයේ ගුරුගේ මැණික් ගේ සල්ලි බලයටදැයි ජනතාවට ප්‍රශ්ණ කිරීමට අතියක් ඇත. පොලිසිය අවදිකල භාග්‍යා දැරියව ඇගයිය යුතුව තිබුණි. ඇය නොවීනම් තවත් පොලිසිය සුවසේ නිදිය. මේවා කිසි විටකත් රටේ ජනතාව අපේක්ෂිත දේවල් නොවේ.
පොලිසියේ අද පැමිණ තිබූ වාහන සියල්ලම එදා රක්වාන ප්‍රදේශයට සහ කැලෑ කපන ප්‍රදේශවලට පිටත් කර හැරියා නම් මෙවනි තත්වයකට ආණ්ඩුවකට මුහුණ දීමට සිදු නොවේ. දැන් කළ යුත්තේ චිත්‍ර අඳින දරුවන් පසුපස පැනීම හෝ පරිසරයට ආදරේ කරන පරිසරවේදීන් සහ භාග්‍යා වැනි දරුවන් පසුපස දේශපාලකයාගේ උවමනා ඉටු කිරීමට යාම නොව ,තිබෙන වාහන එම වන විනාශයන් නැවැත්වීම සඳහා නිලධාරීන් සමග යෙදවීම ය.
එසේ නොවුණහොත් පොලිස් දෙපාර්තමේන්තුවේ පැවැත්ම ජනතාවට පාවී ජනතාවගේ අප්‍රසාදය අදට වඩා හෙට ඇති වීම විටෙකත් වලකා ගත නොහැකිය,
එසේම මේ වන විට පොලිස් නිල ඇඳුම මුළුමනින්ම පෙම් කෙළීම ට යොදා ගැනීමද තවත් එක් විනාශයකි .සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ සංවිධානය ගොඩනඟා ඒ තුළින් සමස්ථ පොලිස් ව්‍යුහය ම විනාශ කරන තුරු පොලිසියේ ඉහල නිලධාරීන් දේශපාලන වන්දනාවේ එකෙකු පරදා එකෙකු යන තත්ත්වයකට පත්ව ඇත. මේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ අද පොලිසිය මුළුමනින්ම යැපෙන්නේ තම පළාතේ දේශපාලකයාගේ ආශිර්වාද මතය.
පොලිස් ස්ථානාධිපතිවරයා තම පලාතේ දේශපාලකයාගේ ලැබෙන ආශිර්වාදය මත ඔහුට චිරාත් කාලයක් එම ස්ථානාධිපති තනතුර හෝ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටිය හැකිය. දේශපාලකයාගේ උදහසට ලක් වූ වහාම ඉවත් කරනු ලබන්නේ සේවයේ අවශ්‍යතාවයන් මත නැමැති “ලාඩම ” ගසාය.ඊට හොදම නිදසුන ශ්‍රි ලංකාවේ දක්ෂතම රාජ්‍ය සේවකයාට හිමි සම්මානය දිනු පලාතේ ලොකු කුඩා කාගෙත් නමක් දිනා සිටි මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ සම්මානය ගෙන දින කීපයකින් මඩකලපුවට වහාම ස්ථාන මාරු කලේ පලාතේ දේශපාලකයා ගේ උදහසට ලක්වීම නිසාය. මෙය නැවැත්වීමට නම් මුළුමනින්ම අපේ ජනතාව ඉදිරියට පැමිණිය යුතුය .
එසේ පොලිස් නිල ඇඳුම ඇඳගෙන සිදුකරන පෙම් කෙළියක් ,මඟුල් ජෝඩුවල ප්‍රිසුට් ගැසීමට හා සින්දුවල විෂුවල් වලට අද ඉන්දියාවටත් වඩා අන්තවම නිලඇදුම පාවිච්චිකිරීමට ඉඩදීම වහාම තහනම් කල යුතුය. ඒත් ඊට වගකිවයුතු නිලධාරින් මුනිවත රැකීම ඉතාම කණගාටුවට කරුණකි.
දැන්වත් රටේ ජනතාව මීට එරෙහිව වහාම පෙළ ගැසිය යුතුය .එසේ පෙළ ගැසෙන ලෙස අපි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධානය වශයෙන් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තුතියි
සභාපති,
ශ්‍රි ලංකාපොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය.
( IODPP )
20/03/2021 දින.


