උණුසුම් පුවත්

මේ රාජපක්ෂලා නිපදවන්නේ තවත් ජාතිවාදී විෂ බීජ වැපිරිය හැකි මෙවලමකි…. “මම දේශපාලනයත් දන්නව,තුවක්කුවත් දන්නව වැඩියම හොදට මම තුවක්කුව දන්නවා මතක තියාගන්න ” – අරූ ණ් සිද්ධාර්ථන්

Spread the love

දෙරණ සහ හිරු මාධ්‍ය රටට තවත් ” අජරාමර විසබීජයක් ” හඳුන්වා දී ඇත්තේ අනාගතයේ දී රටේ ජනතාව විනාශ කිරීමේ අරමුණෙන් බව නම් අපට ඉතාම වගකීමෙන් කිව හැකිය. අරූ ණ් සිද්ධාර්ථන්  නැමැති පුද්ගලයා මාධ්‍යයට ගෙනාවෙ එදා  චතුරය පළමුවරට මාධ්‍ය තුළින් හඳුන්වා දුන්නේ  ..”ආවා අද ආවා ” නේද යනුවෙනි.

එහෙම ගෙනාව අරූණ් සිද්ධාර්ථන් දැන්  ලෝකෙ පුරාම ජාතිවාදීන් ගෙන් සහ ශ්‍රී ලංකාවේ සිටින දේශපාලන ගණිකාවන්ගෙන් අත දිග හැර ලක්ෂ ගණන්  පෝෂණය වෙන විෂ බීජයකි.  මේ ආකාරයෙන් උතුරේ දෙමළ පුද්ගලයෙකු ගොඩනඟන්නේ  උතුරත්, දකුණත් යා කරන පාලමක් හැදීමට නොවන බවනම්  සහතිකය.  මේ රාජපක්ෂලා නිපදවන්නේ තවත් ජාතිවාදී විශබීජ වැපිරිය හැකි මෙවලමකි. ඒ ඔහුගේ කතා විලාසය සහ ඔහුගේ අදහස් පිළිබඳව අපට දීර්ඝ සුවිශේෂිත පැහැදිලි කිරීමට යා හැකි නිසාවෙනි.

එදා පා ගමනට ලක්ෂ ගණන් වියදම් කළේ විදෙස් රටවල ඉන්න ජාතිවාදී  වෛරී අදහස් වලින් ඔලු කුරුවල් වු මෝඩයන්ය. ඒ මුදල් ලබාදී ඇති අය ගේ නාම ලේඛණයක අප සතුව ඇති අතරම මෙහිදී ජිනීවා වල යුද්දෙ පිළිබඳව කිසිවක් සඳහන් නොවුණත්, සිදු වූයේ රාජපක්ෂ ජුන්ටාව විසින්  ජනතාවගේ සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳවය ඊට රාජපක්ෂලා, එදා බලේට ඒමට පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගත්තා සේම, මේකට දඩමීමා කරගෙන ඇත්තේ එල්ටීටීඊ යුද්ධයයි.

ලංකාවේ රාජපක්ෂවාදීනට අමතක වී ඇති සහාරාන්ලාව, එදාත් රාජ්‍ය ඔත්තුකරුවන් ලෙසට සමාජගත කලේත් රාජපක්ෂලාමය. දැන් උතුර ඉතාම සන්සුන්ය. එය රාජපක්ෂලා ගේ දේශපාලන ඇඟට උණ ගැනුනා සේය, ඔවුනට අවශ්‍ය රටේ කොහේ හෝ තැනක යුද්ධයක් හෝ කැරලි කෝලහලය, ඒ නිසාම දැන් අරූණ් නැමැත්තාව කරපින්න ගෙන ඉන්නේ සරත් වීරසේකරය.

අරූණ්ට ඇමති ආරක්ෂක අංශයෙන් නොනිල නිලධාරින් 06 දෙනෙකු සමඟ පුද්ගලික වාහනයක් යොදවා ඇත්තේත් සරත් වීරසේකරමය. අද අරූණ් පඩි ලබන්නේ රටේ රාජ්‍ය බුද්ධි අරමුදලිනි එදා සහරාන්ට ගෙව්වෙත් මෙම මුදල් වලිනි රුපි; 67,000.00 ක මුදලක් වැටුපක් රජයෙන් ලබන රාජපක්ෂ ජාතිවාදියෙකි. 

රාජපක්ෂලාට ජාතිවාදය නැමති හිඟන්නාගේ තුවාලය පාර පාර සිටීමට අවශ්‍යයිඅරූන්ලා තව තවත්  උතුරෙන් සහ දකුණෙන් හැම තැනින්ම බිහිවිය යුතුය. ඒ බිහිකරන්නේ  ලංකාවේ තුප්පහි ම මාධ්‍යයක් වන දෙරණ හා හිරු මාධ්‍යයි . ඊට උඩගෙඩි දෙන්නේ නිශ්ශංක සේනාධිපතිලා වැනි   අංක එකේ පට්ට හොරු ය. මේ නිසාම අද අරුණ් ගේ භාෂාවෙන්  ලෝකයටම කියන්නේ…” මම එකෙකුටවත් ස්තුති කරන්නේ නැහැයි…….” කියාය.

කෙසේ වෙතත් එදා තලවකැලේ සිංහල ජනතාව සමඟ වැඩකල නඩේෂන්ලාවත් ජාතිවාදි පාලකයන් පෝෂනය කර ඇත්තේ ඔය ආකාරයෙන්ය. අද අරුණ්ව පෝෂණය කොට තවත් ජාතිවාදියකු ගොඩනගන්නේ සිංහල ,දෙමල ,මුස්ලීම් සියල්ලම විනාශ කිරීමට බව නම් අපිට පෙනේ.

තල වපුරා මුං බලාපොරොත්තුවෙන ජාතියට …” අපි අනතුරු අගවන්නේ අපේ දැක්ම නිසාය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like