උණුසුම් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් “පලිගත්” “පලිගැනීමේ” ජනාධිපති කොමිසම….. (වීඩියෝ සහිතයි.)

Spread the love

ලෝකේ ඕනෑම රටක උත්තරීතර වන්නේ ඒ රටේ පවත්නා නීතියයි . ඒත් එය අදාළ වන්නේ ශ්‍රී ලංකාවට නොව, ලෝකෙ අනිත් රටවලය. ශ්‍රී ලංකාවේ උත්තරීතර වන්නේ “රාජපක්ෂ පරම්පරාවය”. මේ ආකාරයට සිතන විනිශ්චකාරවරුන් සිටින රටක නීතියේ පිළිසරණක් රටේ ජනතාවට කිසි දවසක නොලැබෙන බව අප සහතික කොට කියන්නෙමු.

මීට හොඳම උදාහරණය පසුගිය කාලය පුරාවටම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණවිනිශ්චයකාර  උපාලි අබේරත්න නොහොත්  “පිස්සු පූසා” නමින් හඳුන්වන රටේ නීතිය රාජපක්ෂලාගේ ” බල්ලාගේ අධෝමුඛයේ ” ගැසූ ඔහු දැන් රටටම විහිලුවක් වී ඇත.  මේ නිසාම ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණය සිට පහළම අධිකරණය දක්වා දැඩි ව්‍යාකූලත්වයක් හටගෙන ඇත. මේ පිළිබඳව අද නීතිඥවරුන් හතරදෙනකු ඉදිරියට පැමිණ තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන ගැන නොව රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ඔවුන් යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරණයට  ගියෝය.

අද  ඒ සියල්ලම ඇත්තේ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා අතේය. එවකට නීතිපති වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධකරුවන් සඳහා නඩු පැවරීමේ කාර්යය මැනවින් ඉටු කළ මහත්මයෙකි. ඒ නිසාම ඔහු අද වන විට ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පැමිණ ඇත. දැන් රාජපක්ෂලාගේ ගඳකිළියට වැටෙනවද නොඑසේනම් ,රටේ ජනතාවගේ නීතිය පිළිබඳව නිසි තීන්දුවක් දෙනවාද…..? යන්න ඔහු සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සමස්ථ විනිශ්චකාරවරුන්ටම අද මුහුණ දීමට සිදුව ඇති උභතෝකෝටික ප්‍රශ්නයකි.

මේ නිසා ලෝක ප්‍රජාව, රටේ සමස්ත ජනතාව, අද ඇස් ඇර බලා සිටින්නේ උපාලි අබේරත්න නැමැති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පිස්සු පූසා ගේ  නීතිය බල්ලගේ අධෝමුඛය ගැසූ එම කාර්යය ඒ විදිහටම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරනවාද……? නොඑසේනම් ඒ සියල්ලම ආපස්සට හරවනවා ද………? යන්න පිළිබඳවයි .

යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් උපාලි අබේරත්න නොහොත් පිස්සු පූසා සිදුකළ එම ප්‍රකාශයන් සත්‍ය බව, එසේ නම් සමස්ථ අධිකරණ පද්ධතියම බිඳ වැටී , ජාත්‍යන්තර විනිශ්චකාරවරුන් ට මෙරටට පැමිණීමේ දොරගුළු විවර වනවා නොඅනුමානය.

පහත වීඩියෝවෙන් ඒ සියල්ල ම ඔබට දැකගත හැකිය……විශේෂ ස්තුතිය වොයිස් ටියුබ් වෙතට..

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like