වර්ථමානයේ ජගත් මානව හිමිකම් සැසිවාරය ප්‍රධාන කතිකාවක් වී ඇති අතර ආණ්ඩු බලය අතට ගෙන වසරේ අනෙකුත් හැම මාසයකම පාගේ අමු අමුවේ උතුරේ මෙන්ම දකුණේ ද සමස්ථ ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උංලංඝණය කරන ආණ්ඩුව මේ දිනවල ඉතා සංයමයකින් බොරු ජනතා ප්‍රේමයක් මවාපාමින් කටයුතු කිරීමට උත්සහ ගනී.
එයට පැහැදිලි ම උදාහරණයක් ලෙස 2020 මාර්තු මස පටන් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව තහනම් කල තිබූ කොවීඩ් මරණ භූමදානයට එකවරම අවසර ලබා දීම දැක්විය හැක.
එසේම එලැඹෙන රාජ්‍ය වෙසක් උත්සවය උතුරේ නාගදීප විහාරයේ පැවැත්මට යොදාගැනීම සහ තිරපිටපත් අනුව රඟදක්වන ගම සමඟ පිලිසඳර වැනි ආණ්ඩුවේ සෙල්ලම් වැඩසටහන් උතුරු නැගෙනහිර පැවැත්වීම ද ඊට උදාහරණ වේ.
මේ සියල්ල තුලින් ආණ්ඩුව උත්සහ කරන්නේ ජීනිවා මානව හිමිකම් සැසිවාරයේදී ගැලවී වැටෙන තම නිරුවත වසා ගැනීමට ය.
ඒ වෙනුවෙන් ආණ්ඩුව නටන නවතම ජෝගිය වන්නේ මානව හිමිකම් සැසිවාරයේදී සාකච්ඡා කෙරෙන්නේ හුදෙක් උතුරු නැගෙනහිර යුධ අපරාධ පිලිබද කරුනු පමනක් බවට පට්ට පල් ව්‍යාජ මතයක් මවාපෑමත් ඒ හරහා සිංහල බහුතරය අවුස්සා දෙමළ ඩයස්පෝරාවට සහ TNA එකට විරුද්ධව උසි ගන්වා ඒ හරහා ආණ්ඩුවට එරෙහිව එල්ල වන සියලු චෝදනා වලින් සූක්ෂමව ඇඟ බේරා ගැනීමය.
ඒත් ඇත්ත කතාව නම් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිලිබද ඉදිරිපත් වී ඇති චෝදනා පත්‍රයෙන් 80% පමන 2020/21 සිදු වූ මානව හිමිකම් උංලංඝණය වීම්,පුරවැසි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උදුරා ගැනීම්,මාධ්‍ය මර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ගෝත්‍රික ව්‍යවස්ථා සම්පාදන ගෙන ඒම වැනි ඇත්ත ප්‍රශ්න වීමය,එසේම උතුරු නැගෙනහිර ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇත.
TNA සහ ද්‍රවිඩ LTTE ඩයස්පෝරාව දේශපාලනික වශයෙන් පරාජය කල යුත්තේ රට කරවන ආණ්ඩුව ය,ආණ්ඩුව ඒ වෙනුවට කරන්නේ මානව හිමිකම් සැසිවාරයේදී තම ජාමය බේරා ගැනීමට නාමික ජගත් දේශප්‍රේමීන් ලවා TNA සහ LTTE ඩයස්පෝරාව පරාජය කිරීමින් තමාට එරෙහිව ඉදිරිපත් වන සියලු චෝදනා සම්පූර්ණ යටපත් කිරීමය.
උතුරේ ජනතාව වසර ගනනාවක් පුරා නොවිසඳෙන තම ප්‍රශ්න ගැටලු අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්සා අප දුටුවෙමු , අද ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන කොන්ත්‍රාත්කරුවන් එම විරෝධය වැලලීම වෙනුවෙන් මුදලට යට වී උතුරේ සිට දකුණට පා ගමන් යන පුවතක් අපට වාර්තා වේ.
ආණ්ඩුවේ පට්ට ගඳ ගහන අපරාධ වංචා දූෂණ සහ මානව අයිතිවාසිකම් කඩවීම් දෙස මුළු අවුරුද්දේම නැට්ට කකුල් අස්සේ ගසාගෙන බලා සිටින නාමික දේශප්‍රේමී කොන්ත්‍රාත්කාරයෝ ඔන්න දැන් ජිනීවා හීදී ගැලවීමට නියමිත රෙද්ද අල්ලා කටු ගැසීම වෙනුවෙන් එකවර අවදි වී ඇත.
ඒ වගේම ඔවුන්ටත් මේ ජගත් මානව හිමිකම් සැසිවාරය සල්ලි ගැරිය හැකි ප්‍රසිද්ධ විය හැකි පොරවල් විය හැකි අවස්ථාවකි.
අප ඉහත කී වක්‍රාකාරයෙන් ආණ්ඩුව මෙහෙයවන පා ගමන වෙනුවෙන් එම ජගත් දේශප්‍රේමීන් යැයි කියාගන්නාවුන් දැන් ජයටම අරමුදල් රැස් කරමින් සිටී.
ඔවුන් රටවිරුවන්ගෙන් එසේ සල්ලි ගරන අතර ආණ්ඩුවෙන්ද මූල්‍ය සහ මූල්‍ය නොවන වාසි තනතුරු තානාන්තර සහ ලඟ එන පලාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබා ගැනීම ආදිය බලාපොරොත්තු වෙති.
ආණ්ඩුව ද ඒවා ඉටු කරමින් රට වලපල්ලෙන් වලපල්ලට තල්ලු කිරීමට සැදී පැහැදී සිටියි.
ඉහත කී පාගමන ට ඔවුන් පාවිච්චි කරන්නේ ජීවතයේ වැඩි කාලයක් කොළඹ සුපිරි ජීවතයක් ගත කල අරුන් සිද්ධාර්ථ වය. අරුන් සිද්ධාර්ථ ප්‍රමුඛ කණ්ඩායමක් හට මූල්‍ය ආධාර පොම්ප කරමින් බස් රථ වලින් සෙනඟ ඇඳ එදා උතුරු නැගෙනහිර ජනතාව පැවැත්වූ P2P රැලිය යටපත් කරන රැලියක් හෙට අනිද්දා දිනවල ඔබට දැකගත හැකි වනු ඇත.මෙම අවස්ථාවට නිපුණ රණවක නැමති රාජපක්ෂලා ගේ ඥති පුතා තවත් මරිමෝඩ සිංහලයන් ගෙනවිත් රටේ ජනතාවට මාධ්‍ය සංදර්ශණයක් දමා සිංහලයන් චුං කිරීමට සුදානම් වන බවද අප වෙතට වාර්තා වී ඇත
ඔවුන් එහිදී එම රැලියට විශාල ජනකායක් සහභාගි බව මවාපෑමට ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරුන්ගේ සංවිධායකවරු සහ ඔවුන් සංවිධානය කරන රැස්වීම් වලට රැලිය සම්මුඛ වීම වැනි උපක්‍රම යොදා ගනී.
ඔවුන් උත්සහ ගන්නේ උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු ප්‍රශ්නයක් අයිතිවාසිකම් අහිමි වීමක් නොමැති බවත් රටේ උතුර දකුණ අතර සංහිඳියාව ආණ්ඩුව සනාථ කොට ඇති බවත් ජාත්‍යන්තරයට විජ්ජා පෙන්වීමටය.
මානව හිමිකම් යන්නට උතුරද දකුණද නැගෙනහිර ද යන්න අදාල නැත,ආණ්ඩුව බලය අතට ගත් දින සිට ක්‍රියාත්මක කරන පහත් දූෂිත මර්ධනකාරී ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව රටේ සමස්ථ ජනතාවට ජාත්‍යන්තර පිලිසරණක් රැකවරණය සැලසෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී අවුරුදු 10 පුරා ගසන යුධ අපරාධ චෝදනා ජයග්‍රහණය කිරීමේ තුරුම්පුව ගසා ආණ්ඩුවේ විලි වැසීම මේ මාස දෙකේ නාමික දේශප්‍රේමී නඩයේ උත්සහය වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස