උණුසුම් පුවත්

මහනුවර හිටපු නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන්  ලක්ෂ ගනන් සල්ලි අරන් අනවසර ඉදිකිරීම් වල ට අවසර  දීලා

Spread the love

 මේ වන විට මහනුවර නගරය  අනවසර ඉදිකිරීම් වලින් පිරී ඉතිරී ගිය නගරයක් බවට පත්ව ඇත. මෙනිසාම දිනපතාම වාහන තදබදය ඉතාම දැඩිව පවතින බව මහනුවර  අපගේ තොරතුරුකරුවන් කියා සිටී . මීට පෙර මහනුවර සිටි නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් විසින් කිසිදු පරීක්ෂණයකින් තොරව  ඉදිකරන ලද සියලුම ඉදිකිරීම් සඳහා මහනුවර නගර සභාවේ අවසරය ලබා දී ඇත්තේ ලක්ෂ ගණන් මුදල් ලබාගෙන බව මේ වනවිට මහනුවර නගර සභාව තුළින් ම මතු වෙමින් ඇත.
මහනුවර නාගරික සංවර්ධන කමිටු  රැස්වීමේ දී හෙළි වූ අතරම සමහර අවස්ථාවන්වල මහනුවර මාර්ග සිතියම පවා වෙනස් වන තත්ත්වයට ඉදිකිරීම් සිදුව ඇති බව නගරයේ ප්‍රධාන ව්‍යාපාරිකයින් ද පවසා සිටියි මේ සඳහා දිලීපා රූපානි පියදාස දැනට මහනුවර නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය ද ඔහුට විශාල උදව්වක් වී ඇති බව ද නාගරික ප්‍රජාව පවසයි. මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය හේතුකොටගෙන මහනුවර අම්පිටිය මාර්ගයේ තුළින් නගරයට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත්ත වෙන බව රියදුරන් පවසයි.
කුඩා ව්‍යාපාරිකයින්ගේ  එම ව්‍යාපාර ස්ථාන කඩා බිඳ දමා අධිකරණය නඩු පැවරූ ලැබූවත් ප්‍රධාන පෙළේ  ව්‍යාපාරිකයින්ගේ ස්ථාන කඩා ඉවත් කිරීම හෝ නඩු පැවරීමක් නොකළ බවට කුඩා ව්‍යාපාරිකයින් දැඩි චෝදනාවක් එල්ල කරයි.
මේ වන විට මහනුවර නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත්ව ඇති චන්දන තෙන්නකෝන් මහතා වෙනත් ආයතනයකට ස්ථාන මාරු කොට ඇති බවද දැන ගැනීමට ඇත .

Spread the love

Leave a Comment

You may also like