ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කළ නිහඩ චරිතයක් වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද පැවති නීතිඥ සංගමයේ සභාපති ධුරයේ නිලවරණයෙන් ඉහළම ඡන්ද ප්රමාණයක් ලබා සභාපති බවට පත් විය. මෙම නීතිඥ සංගමයේ නිලවරණය දෙවැනි වූයේ ජනාධිපතිවරණයකට පමණි .
ත්රිවිධ හමුදාව, පොලීසිය, සහ රාජ්ය සම්පත් සියල්ලම ගෙනැවිත් ප්රජාතන්ත්රවාදය උගුල්ලා දැමීමට සූදානම් වුවත් දේශපාලන, පක්ෂ ,ජාති, ආගම් භේදයකින්, තොරව උගත් ,බුද්ධිමත් , සියලුම නීතිඥ ප්රජාව එකට සිට ගෙන රාජපක්ෂලාට දුන් පණිවිඩය නම් තොපේ සල්ලි වලට කිසි දවසක ශ්රී ලංකාවේ යුක්තිය, අකා, මකා දැමීමට අපි ඉඩ නොදෙන බවයි.
“මෙය රාජපක්ෂවරුන්ගේ , දේශපාලනයේද අවසානයේ එක් පෙරනිමිත්තක් බව අද අපි සහතික කොට කියන්නෙමු.”
කුවේරා නැමැති නීතිඥවරයා , නාමල් රාජපක්ෂ ගේ ගුරුන් නාන්සේ ය. ගුරා සහ ගෝලයා දෙදෙනා ම අසූචි ගෙන, නීතිඥයන්ට ගසා ඡන්දය ඩැහැ ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. ඒත් ඒ පිළිබඳව කිසිවක් ලියනවට වඩා අප අවධානයෙන් සිටියේ නිතිඥවරු අවංකවම ප්රජාතන්ත්රවාදය සහ යුක්තිය වෙනුවෙන් සිට ගන්නවාද යන්න අධික්ෂණය කර ගැනීමට අපිට අවශ්ය විය
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳව දැඩි ද්වේශසහගතව සහ ඉතාම නින්දිත ආකාරයෙන් වාග් ප්රහාර සහ මඩ ප්රචාරයක් ගෙන ගෙන ගියේ නීතිඥයකුට නොහොබිනා ආකාරයකටය, අවසාන දින කීපයේ කුරේරා ඩි සොයිසා මාළු කඩේ සොයිසා සේ හැසිරීම ඉතා සමානය. පුද්ගලිකවම මෙම ලියුම්කරුද සාලිය පීරිස් මහතා ව දැන හැඳින සිටියත්, ඔහු පිළිබඳ වර්ණනා කිරීමට අප නොගියේ සත්ය වශයෙන්ම ඔහු උගත් බුද්ධිමත් සහ වචනයේ පරිසමාප්තයෙන්ම ජනාධිපති නීතිඥ වරයෙක් ලෙසට ඔහු හැසිරෙන නිසා ය, කුවේරා ජනාධිපති නීතිඥවරයෙකු වුවත් ,ඔහු ගේ හැසිරීම ඉතාම නින්දිත ය .ප්රජාතන්ත්රවාදය රටේ ජනතාවට අවශ්ය නම් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැන්නෙකු ශ්රී ලංකාවේ නීතිඥ සංගමය සභාපති විය යුතු බව එක හෙලාම අපි විශ්වාස කළේ ඒ නිසාවෙනි.
ඒත් ඊයේ රාත්රී වන විට හිල්ටන් හෝටලය, ගලදාරි හෝටලය ,සහ එකී මෙකී නොකී රටපුරා හෝටල් වලට නීතිඥවරුන් ගෙන්වා බාල් නටමින්නටමින්, මත්පැන් සාද පැවැත්වීම ,රාජපක්ෂ තියරිය අදින් අවසන් විය .
සමහර වෙබ් මාධ්ය කරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින්, ලබා දෙමින් අසූචි බාල්දි වැක්කිරීමේ කොන්ත්රාත්තුව භාර බාර දී තිබුණු අයුරු අප පසුගිය දින කීපය පුරාවටම දුටුවෙමු.
කුවේරා නැමති මැදමූලන අසූචි කුක්කා ගෙන ගිය එම නින්දිත ප්රචාරය අද රාත්රියෙන් අවසන් වීම මෙය අනාගතයේ රාජපක්ෂවරුන්ගේ මළගමේ සංඥාවක් බව කිව යුතුය.
එනිසා දැන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතරම අභිනව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ඉදිරි කටයුතු කරගෙන යෑමට සුබ පතන්නෙමු.
ඒත් අප එකක් ලිව ලිවිය යුතුය, මෙරට උගත් බුද්ධිමත්, යුක්තිගරුක නීතිඥවරුන් සියල්ලම පක්ෂ ,ජාති ,ආගම් දේශපාලන භේදයකින් තොරව සහ ප්රජාතන්ත්රවාදය ඉල්ලා, වැඩි දවසක් යාමට පෙර රාජපක්ෂවරුන්ට පයින් ගසා එලවන බව නම් සහතිකය. එහි එක් වෙඩි මුරයක් මැදමුලන වැසිකිලිය විනාශ විනාශ කළේය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස