උතුම් මවු පදවියට වඩා නියෝජ්‍ය පොලිස්පති පදවිය උසස් යැයි හිතන අමනයකු පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂවරයා වශයෙන් සිටීමම පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රධානම පිරිහීමකි.
පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂක රුවන් ගුණසේකර ගේ උපදෙස් ගත් පූජිත වැලිකඩින් නතර වුවත්, පොලිස්පති වික්‍රමරත්න නතර වන්නේ අංගොඩ ගොසින්ය. ඒ එදා පූජිතට උපදෙස් දී පූජිත හිරේ ඇරපු නීතිඥ ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හා නීතිඥ ජාලිය සේනාරත්න දෙදෙනා අද වන විට පොලිස්පති වික්‍රමරත්න මහතාගේ අග සව්වන් වීම නිසයි. ඔවුන් සිදු කරන්නේ කවරෙකු පොලිස්පති වුවත් වැල යන පැත්තට මැස්ස ගැසීමය, අද වැල යන්නේ නිදි කිරා වැටි ගමනක් බැවින් මැස්ස ගසා ඇත්තේ ඊට සරිලන සේ ය.
අද වික්‍රමරත්න මහතාට මොවුන් අපූරු අන් තට්ටුවක් පලඳවා ඇත. ඒ පිහිටෙන් වික්‍රමරත්න මහතා ඔහේ යන්නන් වාලේ යන්ඩ දී බලා සිටින බව පොලිසියේ උසස් නිලධාරින් ගේ මතයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට නියෝජ්‍ය පොලිස්පති තනතුරකට පත් වීම් ලැබූ බිම්සාරි ජාසිංහ ආරච්චි මහත්මියට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් පිරිනැමීම නීති විරෝධී යැයි කියන්නේ මේ රුවන් ගුණසේකර නැමැති නීතිඥවරයා. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට කෙසේ වෙතත් නීතිඥ වෘත්තියට කිසිසේත් නොගැළපෙන අයෙකි.මොවුන් සිටිය යුත්තේ පොලීසිය තුල නොව අංගොඩ මානසික රෝහලේ ය .ඒත් දේශපාලන හෙන්චයියන් ගේ පිහිටෙන් අද ඔවුන් සිටින්නේ ශීත කාමරවල.
එනම් රටේ මූලික නීතිය කිසිදු තැනක සඳහන්ව නොමැති ප්‍රධානම දේ කිසිදු අවස්ථාවකදී පුද්ගලයෙකුගේ ලිංග භේදය මත කිසිදු රැකියාවක් වෙනස් නොකළ යුතු බවයි. එසේ තිබෙනවානම් නීතිඥ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීති අංශයේ අධ්‍යක්ෂක වූ ඔහු මේ නොදන්නේ නම් වහාම නීති අධ්‍යක්ෂ ධූරයෙන් එලවා දැමිය යුතුය. බිම්සාරි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීමට විරුද්ධව, රුවන් ගුණසේකරලාට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අයිතියක් නීතියානුකූලව ඇතත්, ඔහු නීති අංශයේ අධ්‍යක්ෂක නම් එවැනි නඩු කටයුත්තකට මැදිහත් වීමට කිසිසේත් ඔහුට “සදාචාරාත්මක ” අයිතියක් නැත. ඔහු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම සිටින නීති අංශයේ අධ්‍යක්ෂවරයා වන හෙයිනි. මන්ද ඕනෑම නීතිඥයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැනවින් හදාරා දැනගත යුතුය. දැන් කළ හැක්කේ එක දෙයකි පොලිස්පතිවරයාට ඇත්තේ වහාම රජයට දැනුම් දි කාන්තා පොලිස් නිලධාරිනියන් විශ්‍රාම ගන්නවා ගෙදර යැවිමය.
රැකියාවක් කරනවා නම් ඔවුන්ගේ නිළ උසස්වීමක් නිරන්තරයෙන් හිමිවිය යුතුය. ඒත් රුවන් ගුණසේකර ගේ උපදෙස් ලබා ගන්නා පොලිස්පතිවරයා මෙවැනි උසස් වීමකදී ,ඊට විරුද්ධව නිලධාරීන් කටයුතු කරනවා නම් ඊට මැදි නොවීම පිළිබඳව අප මවිත වන්නෙමු .සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට අසූචි වලක් කොට ඇත්තේ එම තනතුරට පැමිණෙන පොලිස්පතිවරුන් බව අමුතුවෙන් කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඊට හොඳම උදාහරණය වර්තමාන පොලිස් කොමිසමේ සභාපති ලෙසට සිටින පොලිසියේ අසූචි තැවරූ චන්ද්‍රා ප්‍රනාන්දුය. පොලිස්පතිවරුන් සමග සැසදීමේදී යන්තම් හෝ ජාම බේරගෙන ගෙදර ගිය පොලිස්පතිවරයෙකු වශයෙන් සිතිය හැක්කේ ඉලංගකෝන් ගැන පමණි.
තමාගේ කාන්තා පොලීස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීම ඉතිහාසගත දෙයකි . පොලිස්පතිවරයා තමා පොලිස්පති ධුරය දරන කාලයේ දී කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ප්‍රථම වතාවට පත්වීම පිළිබඳව ආඩම්බර විය යුතුය . පොලිස් දෙපාර්තමේන්තු නියෝග වල හෝ රටේ මූලික නීතිය කිසිදු ස්ථානයක කාන්තාවකට පොලිස්පති දූරයට හෝ පත්වීමට නොහැකි යැයි සඳහන්ව ඇති වගන්තියක් ඇත්නම් රුවන් ගුණසේකර ගේ වගකීම ප්‍රථමයෙන්ම එම වගන්තිය සහ එම නීතිය පොලිස්පතිවරයාට පෙන්වීමය.
එසේම රුවන් ගුණසේකර ගේ නීති දැනුම සහ පොලිස් ප්‍රායෝගික දැනුම කොතෙක්දැයි අද තවත් සිද්ධි කිහිපයකදීම හෙළිවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ පොලිස් පරීක්ෂකවරයෙකු වහාම සේවයේ පිහිටුවන ලෙස ට දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට පයින් ගසා අද රුවන් ගුණසේකර එම නිලධාරියා එම නිලධාරියා නැවත සේවයේ පිහිටු වනවා වෙනුවට, ඔහු වෛද්‍ය පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි දැන් යෝජනා කරමින් ඇත. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය පවා අභිබවා යාමක් නොවන්නේදැයි නීතිඥ ගුණසේකර ගෙන් අපි අසන්නෙමු මෙවැන්නෙකු නීතිඥයෙකු වන්නේ කෙසේද…….? නිට්ටඹුව පොලිස් ස්ථානයේ ආරංචි මාර්ග වලින් අප වෙත දැන ගැනීමට ඇත.
එසේම 01/02/2021 දින පොලිස් කොස්තාපල් නන්දසිරි නිලධාරියා ඒ ආකාරයටම නැවත සේවයේ පිහිටු වන විට ඔහු කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් තොරව පොලිස්ථානයකට අනුයුක්තව මේ වන විටත් සේවයේ යොදවා ඇත. එකම ආයතනයේ පුද්ගලයින් දෙදෙනෙකුට දෙවිදිහකට කටයුතු කළ හැකිදැයි…….? අපි නීතිඥ ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ගෙන් අසන්නේ ඔහු එයට පිළිතුරු නොදන්නේ නම් අගසව් ගෙන් අසා හෝ වහාම රටේ ජනතාවට හෙළිකළ යුතුය.
රුවන් ගුණසේකරලා ,ජාලිය සේනානායක ලා ගෙන් නීති උපදෙස් ගන්නා පොලිස්පති වික්‍රමරත්න තවත් නොබෝ දිනකින් නතර වන්නේ අනිවාර්යෙන්ම අංගොඩ ගොසින්ය .ඒ බව අපි කල්තියා ම කියන්නේ මොවුන්ට ඇත්තේ නීති දැනුමට වඩා පොලිස්පතිවරුන් ගොනාට ඇන්දවීමේ දැනුමය.
![]()
![]()
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස