රාජපක්ෂලාගේ දේශපාලනයේ මූලික අඩිතාලම කෙසේ කොහෙන් පටන් ගත්තත් එය අද වන විට පැවැත් වී ඇත්තේ “යුද්ධය මතය ” යුද්ධයක් නොමැති නම් රාජපක්ෂලාට පාලනයක් නොමැත . හිඟන්නාගේ තුවාලයක් සේ යුද්ධය පාර පාරා බලයට ඒම රාජපක්ෂලාගේ එකම අරමුණ ය. ගෝඨාභයගේ කල්ලියේ අනාගතය වෙනුවෙන් දැන් තවත් වැඩකට අත ගසා ඇත.
යාපනයට යන එන, දැන් කොළඹ පදිංචි වූ ඔහු යහපාලන රජය කාලයේ ස්ථිර පදිංචි ව සිටියේ යාපනයේ ය. ඒ “ආවා කල්ලිය ” මෙහෙයවීමට ය යන මීට පෙර යහපාලන රජය කාලයේ යාපනයේ ජනතාව දැඩි භීතියට පත්ව සිටි “ආවා ” කල්ලියේ නායක අරූල් සිද්ධාර්ථන් මේ වනවිට රාජපක්ෂලාගේ මීළඟ ප්‍රභාකරන් කෙනෙක් වශයෙන් බෞතීස්ම ලබා ඇති බව ශ්‍රී ලංකාවාසී ජනතාවට අපි මතක් කරන්නේ සාක්ෂි සහිතවය .යහපාලන රජය කාලයේ ආවා කල්ලියේ නායකයා වූ අරූල් සිද්ධාර්ථන්ව මෙහෙයවා ඇත්තේ ගෝඨාභයලා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.
පසුගියදා හොර රහසේම යාපනයට ගියේ සිවිල් ආරක්ෂක බලකායේ කටයුතු පිළිබඳව සොයා බලන්න කියාය මෙහිදී රාජපක්ෂලාගේ අනුදැනුම ඇතිව සරත් වීරසේකර පුද්ගලයින් 09 දෙනෙක් හමු වී ඇත. එහි ප්‍රධාන තැන ගෙන සිටි අරූල් සිද්ධාර්තන් සමග විශේෂ කතාබහක් ඇති විය. ඉන්පසුව අරූල් කියන පරිදිම සරත් වීරසේකර නැවතත් ඔහු කොළඹදී හමුවන්නේ ඔහුට දෙන ලද උපදෙස් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටය.
අරූල් සිද්ධාර්ථන් දැන් සමාජගත කරන්නේ “දෙරණ” සහ ” හිරු”නාලිකාවේ වරෙක දෙරණ නාලිකාවට කැඳවූ මේ අරූල් සිද්ධාර්ථන් ආවා කල්ලියේ පිළිබඳව මහා පම්පෝරි ගසා තවත් අවස්ථාවකදී හිරු නාළිකාවෙන් චමුදිත සමඟ වැඩසටහනක් කරමින්, මෙවැනි ජාතිවාදී උන්මත්තකයින් සමාජගත කරන්නේ මෙම දෙරණ හා හිරු නාලිකා බව රටේ ජනතාව මතක තබාගත යුතුය. සරත් වීරසේකර ලා මේ කරන සෙල්ලමේ විපාක ගෙවන්නට සිදු වන්නේ 2030 පමණ වන විට ශ්‍රී ලංකාවේ ස්ථිර වශයෙන්ම යුද්ධයක් ඇතිවන බව මේ අනුව කිව හැකි ය.
එදා ඔත්තුකරුවෙකු වශයෙන් යොදවාගෙන සිටි සහරාන් සමඟ 37 දෙනකුට ආරක්ෂක අමාත්‍යංශයේ inpromation money ගෙව්වේ ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂය. එය 2009 වසරේ සිට 2016 තෙක්ම මුදල් ගෙවා ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිවිය.
යහපාලන රජය පෙරළීමට 350 කට ආසන්න පිරිසක් පාස්කු ප්‍රහාරයේ දී මරා දැමුවේ ගෝඨාභයගේ අවශ්‍යතාවය ඉටු කරමින් ය. (ඒත් ඒ ඔවුන් විසින් පුපුරවා ගත් පුපුරුවා නොගන්න තිබෙන අතර මෙය පිටත සිට පුපුරා ඇති බව මේ වනවිට අප වෙත තොරතුරු ලැබෙමින් ඇත) යාපනය ගොඩනඟන්නේ එසේ මෙසේ වැඩකට අත ගහන්න නෙවෙයි .එහි හොඳම ඉගිය දෙන්නෙත් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ආරක්ෂාව පිළිබඳ කතා කරමින් සරත් වීරසේකරට එක එල්ලේම කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ සුමන්දිරන් ගේ ආරක්ෂාව ඉවත් කිරීම ඔහුගේ ජීවිතයට බලවත් තර්ජනයක් වන බවයි .
ඒ කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳව වසර ගණනාවක් අවංකවම යුද්ධය කරපු යුද නායකයාය. එවැන්නෙකුට ඇති දේශීය සහ විදේශීය ඔත්තු සේවා ජාලවල හැකියාවන් අනුව සහ ඔහුට මේ වන විට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව පෙනෙන ආකාරයට ය.
ස්ථිර වශයෙන්ම සරත් වීරසේකර සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව ඉවත් කළේ අරූල් නැමැති මේ පාදඩයින් යොදාගෙන ඔහු ඝාතනය කිරීමට දැයි අප තුළ බලවත් සැකයක් ඇතිව තිබේ.
ආවා කල්ලියේ අරූල් ගොඩනඟන්නේ TNA ඒකට පහරදීමට බව වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඒ කියන්නේ අප නොවේ අරූල් මය. ඔහු එක එල්ලේම ඇඟිල්ල දිගු කරන්නේ ඉන්දියාවටය. ගෝඨා චීනයේ ගැත්තෙකු වී සිටින නිසාය. සහරාන්ට පඩි ගෙවා 2019 ගෝඨා බලයට පැමිණිය 2024 දී සරත් වීරසේකර ලවා උතුරේ දේශපාලනඥයින් ඝාතනය කරමින් තවත් ප්‍රභාකරන් කෙනෙකු ලෙස අරූව බෞතිස්ම කරමින් 2024 නැවතත් ගෝඨා බලය ලබාගැනීමට දැම්මම කුරුමානම් අල්ලන බව අපට නං ඉව වැටී ඇත්තේ ගොඩක් කල් සිටය .
2019 සහරාන්ලට පඩි ගෙවා 350පනස් දෙනෙකු මරා දමා ගෝඨාභය ජනාධිපති වුවත්, 2024 දී දිට්ඨධම්මවේදනීය කර්මය පල දීම බොහෝ දුරට ඉඩ ඇති බව නම් අපිට පෙන්වා දිය හැකිය .
එදාට දිට්ඨධම්මවේදනීය කර්මය ඇරියස් සමග හම්බවෙන බව නම් සහතිකය.
![]()
![]()
![]()
![]()
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස