උණුසුම් පුවත්

එදා රාජිත සෞඛ්‍ය ඇමති ලෙසට කළ සේවයෙන් දශමයක්වත් අද සෞඛ්‍ය ඇමතිවරු හතර දෙනාටම කරන්න බැරිවෙලා….හේතුව වෛද්‍ය රාජිත සේනාරත්න ලා පර්යේෂණයන් පිළිබඳව විශ්වාස කලත් අද ඇමතිවරුන් විශ්වාස කරන්නේ යකදුරන් සහ භූතයින් ය. (වෛද්‍ය සංගමයේ වෛද්‍යවරයෙක් කියයි. )

Spread the love

සෞඛ්‍ය පිළිබඳව ඉතිහාසයේ ඇත්තේ ලංකාවේ විවිධ කතාය, ඒ අතර වෛද්‍ය රංජිත් අතපත්තු සමඟ සුනේත්‍රා රණසිංහ ද සෞඛ්‍ය ඇමැති වශයෙන් පත් කළ විට  එදා විපක්ෂයේ විපක්ෂ නායක වශයෙන් සිටි බණ්ඩාරනායක මහතා කියා සිටියේ………

” මා මේ  සභාවට  කියා සිටින්නේ සෞඛ්‍ය සේවාවේ පළපුරුදු සහ මේ සේවාව එක් ඇමතිවරයෙකු යටතේ පැවතිය යුතු බවයි, එසේ නොමැතිව එක් පුද්ගලයෙකුට අයත් රාජකාරිය ඇමතිවරුන් කොටසකට බෙදා වෙන් කළ හොත් සෞඛ්‍ය බිඳවැටීම සහ පිරිහීමක් සිදුවන බව මා මේ ගරු සභාවට මතක් කරන්නට කැමතියි ,ඒ නිසා ඔබතුමාලගේ අවධානයට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි……..”

අනුර බණ්ඩාරනායක මහතා

එදා පාර්ලිමේන්තුවට දැනුම් දුන් කතාව අද සියට සීයක් සත්‍ය බව ඔප්පු වී ඇත. පසුගිය යහපාලන රජය සමයේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් සිදු කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදි කළ අතරම අද වන විට ඇමතිවරුන් දෙදෙනෙක් තම ,තමා ගේ ගෝලබාලයන් සඳහා එම නිෂ්පාදනයන් ලබාදීමට පොරකෑම නිසා එය මේ වන විට බිඳ වැටෙමින් පවතින බවද අප වෙත අදහස් දැක්වූ වෛද්‍ය වරයෙකු කියා සිටී.

එසේම පුද්ගලික අංශයේ උවමනාවන් පැත්තකට දමා රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහු සිදු කළේ ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීමය .ඒ නිසාම විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ගේ කටයුතු වෙනුවෙන් මැදිහත් වීම, එසේම bypass  හෘද රෝග සැත්කම්වලදී එම හෘද රෝග සැත්කම් සඳහා මුළුමනින්ම වියදමකින් තොරව ප්‍රධාන රෝහල්වල දී එම සැත්කම් නොමිලේ කිරීමට වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කිරීම විශේෂයෙන්ම පැසසුමට ලක් කරන්නේ එදා වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නැගී සිටි වෛද්‍යවරුන් මය.

අප වෙත අදහස් දැක්වූ දැනට වෛද්‍ය සංගමයේ සිටින නම හෙළි කිරීමට අකමැති එක් වෛද්‍යවරයෙක් කියා සිටියේ එදා රාජිත ඇමැතිවරයා කරපු සේවාව දශමයක් වත් ඉන්න ඇමතිවරු හතර දෙනාට කරන්න බැරි වෙලා තිබෙන බවයි. මින් පෙනී යන්නේ දැන් ඇත්තේ සෞඛ්‍ය සේවාවක් නොව  දැන්  ඇත්තේ සෞඛ්‍ය සේවාවක් නොව මුළුමනින්ම යාග හෝම වලින් පිරි මණ්ඩපයකි .  ඒ නිසා මුළු සමස්ත සේවාවම බිඳ වැටී ඇති බවත් ඉදිරියේදී මෙය තවත් දරුණු තත්ත්වයට පත්වන බව නොඅනුමානය.

ඊට හේතු වී ඇත්තේ ඔහු කියා සිටින පරිදිම සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව විද්‍යානුකූලව විසඳාගත යුතු සියල්ලම අද අරිෂ්ට සහ යකදුරන් මාර්ගයෙන් විසඳීමට කටයුතු කිරීම රටේ ජනතාවගේ ජීවිත දැඩි අනතුරකට හෙළ ඇති බවයි .මේ පිළිබඳව ඉදිරියේදී අප සංගමය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.


Spread the love

Leave a Comment

You may also like