උණුසුම් පුවත්

අලි සබ්රි ලේසියෙන්ම දික්කසාද වී නැවත විවාහ වුණෙත් මුස්ලිම් නීතිය නිසයි, එහෙව් එකා මුස්ලිම් කුඩා දරුවන්ගේ විවාහයට විරුද්ධ වෙයි ද…….?

Spread the love

තමන්ගෙ පළමු කසාදය ඉතාම ලෙහෙසියෙන්  ළමයත් අතහැර දමා මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමඟ විවාහ වීමට  පාර කැපුවේ  ඒ මුස්ලිම් නීතියයි. මුස්ලිම් නීති එදා  නොවන්නට අලි සබ්රි ට තම පළමු කසාදයෙන් කිසිසේත් වෙන්වී යාමට නොහැකි වෙයි. මුස්ලිම් නීතියට අනුව ස්වාමිපුරුෂයා බලවත් වන්නේ දෙවියන්ට පමණි.

එසේනම් උඩරට විවාහ නීතිය ,තේස වලාම යාපන,නීතියේදී වත් නොමැති සර්වබලධාරී   දෙවියන් වහන්සේට පමණක් දෙවෙනි වන නීතියක් ඇති මුස්ලිම් විවාහ නීතිය මුළුමනින්ම නූතන සමාජයට කිසිසේත් නොගැලපෙයි.  කාන්තා අයිතිවාසිකම්, කුඩා දරුවන්ගේ මානව හිමිකම් හා ළමා කාලය ,ඉතාම බිහිසුණු ලෙස වෙනස් කර පුරුෂයන්ගේ ලිංගික ආසාව   පමණක් මුල් කරගෙන මෙම නීතිය මෙරට ක්‍රියාත්මක ඇත.

ඊටම ගැට ගසා ඇත්තේ ඉතාම ලෙහෙසියෙන් රිංගා යා හැකි කාති උසාවියකි, කාතිවරයා කවරෙක් ද  ? යන්න සඳහන් නොකර ඇති මුස්ලිම් නීති මුළු සමස්ත සමාජ යාන්ත්‍රණයම බිලි ගැනීමකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත් නොගැලපෙන සහ මානව හිමිකම් වලට නොගැලපෙන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි .

 අපි ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ  එකදු ඡන්දයක් හෝ  ලබා නොගෙන ගෝඨාගේ බැරකම් සහ ජඩකම් , ගෝඨාගේ අම්මගෙ රෙද්ද තියලා සල්ලි හොරා කෑව නඩුවලට පෙනී සිටිමින්, රටේ ජනතාවගේ මුදල් කොල්ලකෑම, සාධාරණය කරන කරපු එකා,  ගෝඨා වෙනුවෙන් විත්ති වාචිකය ඉදිරිපත් කළ  අලි සබ්රි ගෙන් තවත්   මීට වඩා දෙයක් සමාජයට රටට බලාපොරොත්තු විය හැකිද….?

දැන් සිංහල බෞද්ධ ඡන්දවලින් ඡන්ද පෙට්ටිය පුරවන ඊට උඩගෙඩි දුන් දේශපාලකයින් ,භික්ෂු වෙස් ගත් කහ කඩයන්  , කසාය බිව් ගොලුවන් සේ අද අලි සබ්රි ගේ දෙපා ළඟ දණ ගසා වැලපෙමින් සිටීම දෛවෝපගත සිද්ධියකි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like