උණුසුම් පුවත්

මහර සිරකරු ප්‍රහාරය සඳහා මත්පෙති පාවිච්චි කළා යැයි විමල් වීරවංශ හා ජයන්ත සමරවීර කී කතාව පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න – වත්තල මහේස්ත්‍රාත් නියෝග කරයි

Spread the love

මහර සිරකරු ප්‍රහාරය සඳහා මත්පෙති පාවිච්චි කළා යැයි විමල් කී කතාව පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන ලෙස අද (12 ) මහර බන්ධනාගාර සිරකරුවන් මරා දැමීමේ සිද්ධිය පිළිබඳව අධිකරණයේ පැවතියේ පරීක්ෂණයේදී වත්තල මහේස්ත්‍රාත් රාගල මහතා නියෝග කළේය.  ශ්‍රී ලංකාවේ වාචාලයෙක් වශයෙන් සාමාන්‍ය ජනතාව ව්‍යවහාරය හඳුන්වනු ලබන කටට ආ සෑම දේම මුදාහරින කිසිදු වගකීමක් නොදරන ,ඒත් රටේ නීති සම්පාදනයට දායක වන ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන අමාත්‍ය විමල් වීරවංශ මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අප වෙත වාර්තා වේ.

 මහර බන්ධනාගාරයේ දී සිරකරුවන්ට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයේදී අද වත්තල  අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රශ්න ගත්ත කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු විමසූ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මේ වන විට විමල් වීරවංශ මහතා කියා ඇති සිරකරු ප්‍රහාරය මත් පෙති පාවිච්චි කළා යැයි කීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්,  ප්‍රකාශට හන් කොට එවැනි කරුණක් ඔහුට කීමට හේතු පාදක වුයේ කවරෙක්ද යන්න සොයා ගත යුතු බව පැමිණිල්ල වෙනුවෙන් මියගිය සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කරන ලදී ඉල්ලීම ගරු මහේස්ත්‍රාත්වරයා පිළිගෙන ඇත.

මෙම  සිද්ධියෙන් මියගිය සිරකරුවන් 16 දෙනෙකු වෙඩි තබා මරා දැමීමට තරම් නින්දිත ක්‍රියා කරන ලද  මහර බන්ධනාගාර අධිකාරී වීරසිංහගේ සේවය මේ වන විටත් අත්හිටුවා ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළින් අප වෙත දැන ගැනීමට ඇත.

 ඔහු මහර බන්ධනාගාරය තුළ කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට මේ වන විටත් කරුණු අනාවරණය වෙමින් තිබෙන බව අප මීට පෙර දී හෙළි කළ අතරම , විමර්ශනයක් ද බන්ධනාගාර දෙපාර්තමේන්තු විසින් ආරම්භකර ඇත. මේ වන විට මහර බන්ධනාගාර අධිකාරී වීරසිංහ තම උසස් නිලධාරීන්ට අද්භූත චෝදනා නගමින් විවිධාකාරයේ චෝදනා ඇතැයි මාධ්‍යට මුදා හරින ප්‍රවණතාවයක් ද අප හට දැන ගැනීමට ඇත.

 මෙම ඝාතනයෙන් පසු සිරකරුවන් හතරදෙනෙකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් මෘතශරීර භූමදානය කිරීම සඳහා අධිකරණය නියෝග කර ඇති නමුත්, මෙතෙක් සිදු නොවීම පිළිබඳ අධිකරණයේදී කරුණු වාර්තා වී ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like