උණුසුම් පුවත්

ඇමරිකාවේ ඩොනල් ට්‍රම්ප්, ලංකාවේ නන්දසේන , දෙන්නම එකම ජාතියේ බඩු 2024 දී නන්දසේනටත්, බඩුම තමා – මන්ත්‍රී හරීන් සංවිධායකයින් අමතා කියයි. (වීඩියෝ සහිතයි)

Spread the love

ඇමරිකාවේ ඩොනල් ට්‍රම්ප්දැඩි ජාතිවාදී පුද්ගලයෙකු වූ අතරම ඔහු වටා රොක්ව සිටි ඇමෙරිකානු ජාතිවාදීන් කොටසක් බවත් ,ජාතිකවාදය නොව ,ජාතිවාදියෙක්  නිසාම බොහෝ සුදු ජාතික, කළු ජාතික සහ වෙනත් ජාතීන් එකට එක්ව ජාතිකවාදී වශයෙන් වර්තමාන ජනාධිපති  බ්‍රයිඩන් පත්කර ගැනීම සඳහා යුහුසුළු විය.

ඒ හා සමානවම පසුගිය  2019 පැවති ජනාධිපතිවරණයේදී  ද ජාතිවාදී සිංහල ජාතිය ජනාධිපතිවරයා වශයෙන් උද්දාමයෙන් කීවත් නොදන්නා එකම දේ වූයේ ඔහු වටා සිටි ජාතිවාදීන් ඔහුට තවත් ළං වීම මිස ජාතිකවාදී ඔහුගෙන් දුරස් වීමයි/ අද සිදුව ඇත්තේ ඒ දේ නිසා  ඩොනල් ට්‍රම්ප් ඇමරිකාවෙන් පලවා හැරියා සේ ම ලංකාවෙ නන්දසේන ද 2024 දී ලාංකීය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකාමෙන් එකට  නන්දසේන එළවා දැමිය හැකි බව සක් සුදක් සේ පැහැදිලියි .

ඒ සඳහා එකට එක්ව අප පක්ෂ ලෙසට මෙය කළ යුතු කාර්යකි. බෙදී  වෙනවද…..? එකට නැගිටිනවා ද…..?  යන්න මේ පක්ෂයේ නායක කාරකාදීන් ම තේරුම් ගත යුතුයි.

අපි බෙදුනොත් නන්දසේන ලාගේ ගොඩ වැඩි වෙයි. අපි එකට එකතු වුණොත් නන්දසේන  පරදිනවා ස්ථිර බවත්, හරීන් මන්ත්‍රීවරයා ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීම සමගි ජන බලවේගයේ අනාගත පැවැත්ම උදෙසා ඔහුගේ කතාව මහත් වූ  මහත් රුකුලක් වනවා, නොවනුමානය.

තවත් ඔහු ඉතාමත් දර්ශනීය සිත්ගන්නාසුළු ආකාරයේ ගෙනහැර පෑමට නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ද විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාගේ එම කතාව නූතන තාක්ෂණය සහ අනාගතය පිළිබඳව කිසියම් පෙරනිමිත්තක් පිළිබඳව ඉඟි කිරීමක්, බව අපගේ වැටහීමයි .

මෙනිසාම සමගි ජනබලවේගයේ නායකයින්ගේ එකතු වීමේ වගකීම සහ එකමුතුව මුහුණ දීමේ වගකීම වගකීමෙන් බැහැර යාමට හැකියාවක් නැති බව පෙන්නා දීම අතිශයින්ම වැදගත් කාරණාවකි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like